The title of the page
10
92

Revenant (2023) E10 Sinhala Subtitle | අක්වි : යක්ෂයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම !

බොහොම කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන අද වෙබ් අඩවියට ගොඩ උනේ.ඒවගේම සෑහෙන්න කාලෙකින් තමා මේ කොරියන් ඩ්‍රාම එකක් සබ් කරන්න ගත්තේ.ඉතින් මේක මම ගොඩක්ම ආසාවෙන් එනකම් බලන් හිටිය එකක් නිසා ඉඩක් ලැබුනු වෙලේ කරන්න ගත්තා.
එහෙනම් යමු ඩ්‍රාම එක දිහාවට.

SBS නාලිකාව ඔස්සෙ පහුගිය 23 වෙනිදා තමයි මේ ඩ්‍රාම එක විකාශනය ආරම්භ කලේ.Mystery , Thriller , Horror ශාරන යටතේ වර්ග කරන්න පුළුවන් ගොඩ දෙනෙක් ආසම ටයිප් එකේ කතාවක් තමයි මේක.ඉතින් බලන්න ආසාවෙන් ඉන්න මූලික හේතුව වෙන්නෙත් ඒක.SBS නාලිකාවෙ විකාශනය වෙනව වගේම මේක Disney + හරහාත් ලබාගන්න පුලුවන්.

ඩ්‍රාම එකේ English Title එක විදියට දීලා තියෙන්නෙ ‘Revenant’.ඒවගේම කොරියානු බසින් ‘ 악귀 – අක්වි ‘ කියන නම තමයි දීල තියෙන්නෙ.ඒ කියන්නෙ යක්ෂයා , නපුරු ආත්මය කියන තේරුම.කතාව ලියන්නෙ Kingdom , Singnal වගේ සුපිරිම කොරියන් කතා ලිව්ව Kim Eun Hee විසින්.ඒකත් හේතුවක් උනා මේක ලොකු බලාපොරොත්තුවක් තියාගන්න.ඒ වගේම දැනට කියල තියෙන විදියට මේ කතාව කතාංග 12 කින් සමන්විත වෙනවා.බොහෝ දෙනෙක් ආදරේ කරන කොරියානු නිලියක් වන Kim Tae-RI තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ.ඒ වගේම Oh Jung Se , Hong Kyun කියන නලුවොත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව ගැන එහෙනම් පොඩ්ඩක් මතක් කරන්නම්.

සන්ග්යොන්ග් කියන්නෙ සිවිල් සේවා විභාගයට පෙනී හිටින්න අධ්‍යාපන කටයුතු කරන ගමන් අර්ධ කාලීන රැකියාවල නිතර වෙන තරුණියක්.එයා ජීවත් වෙන්නේ අම්මා එක්ක කුලී නිවාසෙක.මුදල් අගහිඟකම් එක්ක ජීවත් වෙන මෙයාල ඔය අස්සෙ වොයිස් පිශින් වංචාවකටත් අහුවෙලා සල්ලි නැති කරගන්නවා.ඔය අතරේ එයාගෙ අම්මට එක්තරා ඇමතුමක් එන නිසා අම්මා මෙයාවත් එක්කරගෙන ගමනක් යනව..

කතාව ආරම්භයේ අපිට යම් සිදුවීමක් පෙන්නනවා.ඒ දේත් එක්ක සම්බන්ද වෙලා තමා කතාව ගලා යන්නේ.ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලත් අරගෙන බලන්න මේ ඩ්‍රාම එක.

ඒ වගේම මේකේ දෙවනි කොටස මේ වෙනකොටත් විකාශනය වෙලා තියෙන්නෙ.ඒකෙ සබ් එකත් අරගෙන උචිනි අක්කා එයි ඔයාලව හම්බවෙන්න.

‘ දොරටුව ඇතුලත වගේම පිටත වෙනමම ලෝකයක් ‘

‘ දොර  තමා ඒ ලෝක දෙක සම්බන්ද කරන්නේ ‘

‘ දොර ඇරියොත් .. යක්ෂයෙක් ඉන්නවා ‘

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

3 comments

  1. Ammo thanks Bro. Sub eka enakan balan hitiye..

  2. RAMESH MADUSHANKA

    thanks bro… ilaga epiyath oni

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login