The title of the page
3.7
53
53

Resident Evil (2022) S01E07 Sinhala Subtitles | “පරපෝෂිතයා” | සිංහල උපසිරැසි සමඟ

(Resident Evil (2022) S01E07 Sinhala Subtitles) (Resident Evil S01 Sinhala Subtitles) (Resident Evil Sinhala Subtitles) (Resident Evil 2022 Sinhala Subtitles) (Resident Evil Tv Series Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්..

ඔන්න අදත් අලුතින්ම තවත් කතාමාලාවක සිංහල උපසිරැසි අරගෙන එන්න තමයි සූදානම..මේකනම් නම අහපු ගමන් හැමෝටම මතක් වෙන චිත්‍රපට මාලාවකට සම්බන්ධ කතා මාලාවක්..ඒ ඉතින් Resident Evil කියන නම අහලා නැති කෙනෙක් නැති තරම් වෙන නිසා..මොකද චිත්‍රපට මාලාවක්,පරිගණක ක්‍රීඩාවක් විදියට මේක හැමෝම අතර ජනප්‍රිය වුණානේ..ඉතින් අද මේ විදියට අරන් එන්නේ Resident Evil රූපවාහිනී කතා මාලාව..

Resident Evil කියන්නේ Netflix වෙනුවෙන් Andrew Dabb විසින් නිර්මාණය කරපු ඇමරිකානු Action/Thriller/Horror කතා මාලාවක්.. Capcom විසින් මේ නමින්ම වීඩියෝ ක්‍රීඩා මාලාව මත පදනම්ව,ඇනිමේෂන් කතා මාලාවක් වෙන Resident Evil: Infinite Darkness නිර්මාණය කරලා 2021 අවුරුද්දෙදි අපි අතරට අරගෙන ආවා මතක ඇතිනේ… ඉතින් ඒ වගේම Resident Evil කියන නමින්ම චිත්‍රපට 8කුත් නිකුත් වෙලා තියනවා..ඉතින් මේ කතා මාලාවට දැනට IMDb දර්ශකයේ 3.4/10 ක අගයක් වගේම කුණු තක්කාලි දර්ශකයේ 53% ක අගයක් ලැබිලා තියනවා..

කතාව ගැන කිව්වොත් මූලිකව මේ කතාව කාල පරාසයන් දෙකක් හරහා තමයි සිද්ධ වෙන්නේ..ඒකෙන් පලවෙනි එක විදියට 14ක ජේඩ් සහ බිලී වෙස්කර් නිව් රැකූන් නගරය වෙත යෑමත්, එතනදි එයාලගේ තාත්තා ලෝකය විනාශ කළ හැකි අඳුරු රහස් සඟවා ඇති බවත් ඔවුන්ට වැටහෙනවා. දෙවනි කාල පාරසය අනාගතයේදි සිද්ධ වෙන සිදුවීම් පෙළකට තමයි සම්බන්ධ වෙන්නේ..මේකෙදි මිනිස්සු මිලියන 15 ක් පමණක් ඉතිරි වෙලා බිලියන 6 කට වඩා සත්තුන්ට සහ මිනිස්සුන්ට T-වෛරස කියන වෛරසය ආසාදනය වෙලා තියනවා… දැන් තිස් හැවිරිදි වියේ පසුවන ජේඩ් මේ ලෝකයේ ජීවත් වීමට දරන උත්සාහය තමයි ඒ කොටසෙදි පෙන්වන්නේ..මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ..එහෙනම් අද ඉදන් හැමෝටම මේ කතා මාලාව නරඹන්න ආරාධනා කරනවා..

ඊළඟ එපිසෝඩ් එකෙන් මුණගැහෙමු..

හැමෝටම සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තවීෂ සදරු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තවීෂ සදරු

July 16, 2022


19
Total Subtitles

One comment

  1. It’s fantastic tvseries ever I watch, almost 7years I addicted to watch tv series, thank you cineru team for everything you giving to us

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login