The title of the page
Red Sandal Wood (2023) Sinhala Subtitles
Red Sandal Wood (2023) Sinhala Subtitles
7.8
79

Red Sandal Wood (2023) Sinhala Subtitles | රත් හඳුන් ජාවාරම | සිංහල උපසිරැසි සමඟ

වනක්කම් හැමෝටම… ඔන්න අදත් අරන් ආව tamil සුපිරියක්.. වැඩේ ගැන මතක් කරේ කසුන් අයියා.. වැඩේ බාරදුන්නේ සමිත අයියා.. දෙන්නවම මතක් කරගෙන යන්කෝ ෆිලුම දිහාට…

මං සාමන්‍යයෙන් අරන් එන්නෙ එකම රැල්ලට යන ෆිල්ම් නැතුව ටිකක් වෙනස් ජාතියේ ෆිල්ම්ස් නේ.. මෙන්න මේකත් අන්න එහෙම එකක්… බැලුවට පාඩු නෑ..

ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව යොදාගෙන තිබ්බ…

එතකොට ලව් ස්ටොරියක්, මල් ගස් වටේ අත් අල්ලන් නටන සින්දු, එකක් ගැහුවම කිලෝමීටරයක්‌ විතර විසික් වෙන ෆයිට් ඒවා එහෙම මොකුත් නෑ ආ… අන්තිමට නෝමල් සින්දුවක් තියෙනවා ඒක පට්ට…

කාස්ට් එක පහලින් දාන්නම්.. මේකෙ ප්‍රදාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiivi 2 (2022), Memories 2023ගේ චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙලා ඒවට ලොකු සාධාරණයක් කරපු Vetri කියන රංගන ශිල්පියා…
මේකෙ විලන් රෝල් එක කරන්නේ අපි කවුරුත් දන්න KGF 1 එකේ විලන් රෝල් එක කරපු Ramachandra Raju විසින්…◆

Cast
Vetri as Prabha
Diya Mayuri
Ganesh Venkatraman as Ramaiyah
Vishwanth as Karna
Ramachandra Raju as Harimaran
M. S. Bhaskar
G. Marimuthu
Vinod Sagar
Ravi Venkatraman

කතාව ගැන කියනව නම්,

◆ ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්න “ප්‍රභා” නම් බොක්සින් ක්‍රීඩකයෙක්..

◆ තමන්ගේ පවුලේ බර කරට අරන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන “කරුණා” නම් තරුණයෙක්..

◆ තමන්ගේ අධ්‍යාපන මට්ටමට අදාළ රැකියාවක් නොලැබීම හේතුවෙන් වේදනාවෙන් ජීවත් වෙන කරුණා..

◆ “හරිමාරන්” නම් මූ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් හොර රහසේ කරගෙන යන්නා ඌ “මහා පරිමාණ රත් හදුන් ජාවාරමක්”..

◆ නොදැනුවත් කම නිසා “රත් හදුන් ජාවාරම්කරුවන්ට” හසුවී වෙනත් ප්‍රදේශයකට ගොස්, ඔවුන් යටතේ අකමැත්තෙන් වුවද වැඩ කරන “කරුණා”..

◆ හදිස්සියේ සිදුවන රිය අනතුරක් නිසා මරණ මංචකයේ සිටින “කරුණාගේ පියා”..

◆ කරුණාගේ සහෝදරියගේ ඉල්ලීමට “කරුණා” සෙවීමට රත් හදුන් ජාවාරම් සිදුවන ප්‍රදේශයට යන “ප්‍රභා”..

◆ “කරුණා” නම් වූ තම මිතුරා වෙනුවෙන් රත් හදුන් ජාවාරමේ ප්‍රධානියා වන “හරිමාරන්” නම් පුද්ගලයා සමග ගැටුමක් ඇති කරගන්නා “ප්‍රභා”….

කෙටියෙන් ඔන්න ඔය ටික තමයි මේකෙ වෙන්නේ… Thriller ෆිල්ම්ස් බලන්න ආස හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ සුපිරි ෆිලුම බලන්න කියලා..

අදට ගිහින් එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Cineru එක්කම ඉන්න සුපිරිම ෆිල්ම්ස් බලන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

13 comments

  1. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Kasun Widusha
    Cineru_users

    තෑන්ක්ස් මල්ලි සබ් එකට …….❤️👌💪

  3. සුපිරි thank u subtitles akata ❤💐💐💐

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. Peddha kapu 1 (2023)
    Chatrapathi (2023)
    ඔය ෆිල්ම් දෙකෙ සබ් එක දෙන්න්කො

  6. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. Ela …..ela…..thanks bro

  8. Aravinda Herath
    Cineru_users

    Me movie list eketh Subs ikmanata denna puluwanda bro?

    01. A Haunting In Venice (2023)
    02.The Concubine (2012)
    03. Untold Scandal (2003)
    04. Scarlet Innocence (2014)
    05. Empire Of Lust (2015)

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Shanage sub maara rasai ne…

  10. Interstellar මේක ඉක්මනට ඕනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login