The title of the page
Record of Ragnarok (2022) Complete S02 Part 1 Sinhala Subtitles
Record of Ragnarok (2022) Complete S02 Part 1 Sinhala Subtitles
5.3
76

Record of Ragnarok (2022) Complete S02 Part 1 Sinhala Subtitles | “මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු…” | සිංහල උපසිරැසි සමඟ

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ  මගේ 19 වෙනි උපසිරැසිය විදිහට anime community එකේ විශාල hype එකක් නිර්මාණය වුනු අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක මීළඟ කොටසයි මේ අරන් එන්නෙ.⚔️

2021 වසරේ Spring season එකේදි 𝖭𝖾𝗍𝖿𝗅𝗂𝗑 ඔස්සේ නිකුත් කෙරුනු 𝗦𝗵𝘂𝘂𝗺𝗮𝘁𝘀𝘂 𝗻𝗼 𝗩𝗮𝗹𝗸𝘆𝗿𝗶𝗲 AKA 𝗥𝗲𝗰𝗼𝗿𝗱 𝗼𝗳 𝗥𝗮𝗴𝗻𝗮𝗿𝗼𝗸 ඇනිමෙ කතා මාලාවේ Season 1 නිකුත් වුනායින් පසුව 2023 වසරේදී Season 2 එක මුළු කොටස් 15 කින් යුතුව Parts 2 කින් නිකුත් වෙන බවට දැනුම් දෙනවා.ඒ අනුව Part 1 එක කොටස් 10 කින් යුතුව 2023 වසරේ winter season එකේදි නිකුත් වුනු මේ කතාව 𝘼𝙘𝙩𝙞𝙤𝙣,𝘿𝙧𝙖𝙢𝙖,𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮,𝙈𝙮𝙩𝙝𝙤𝙡𝙤𝙜𝙮,𝙎𝙚𝙞𝙣𝙚𝙣 කියන Genre වලට අයත් වෙන අතරෙ 𝘙-17+(𝘝𝘪𝘰𝘭𝘦𝘯𝘤𝘦 & 𝘗𝘳𝘰𝘧𝘢𝘯𝘪𝘵𝘺) යටතේ Rate වුනු මේ Season 2:Part 1 එක 𝗜𝗠𝗗𝗕 දර්ශකයේ 6.3 ක අගයක් වගේම 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 දර්ශකයේ 7.58 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා.ඒත් Season 1 එක ලබා ගත්තු 6.66 ක අගයට සාපේක්ෂව මේක වැඩි අගයක්.ඒ වගේම 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 හි 8.14 ක අගයක් ලබාගත් Takumi Fukui (story), Shinya Umemura (story) & Azychika (art) ගේ Record of Ragnarok Manga එක ඇසුරෙන් Graphinica studio එක හා Yumeta Company studio එක එකතු වෙලා නිර්මාණය කරනවා.

මේ කතාවෙ Music ගැන කියනවනම් ඒක Season 1 එකේ music වලට වඩා ඉහළ තැනක තිබුනා.Opening,Ending theme දෙක වගේම කතාව අතරතුරේදි අහන්න ලැබෙන soundtracks වලත් කතාවට ගැළපෙන හොඳ vibe එකක් තිබුනා.ඉතින් මේ Season 2:Part 1 හි Opening Theme එක වෙන “Rude Lose Dance” ගීතය Minami විසින් ගායනා කරන අතරෙ Ending Theme එක වෙන “Inori” ගීතය Masatoshi Ono විසින් ගායනා කරනවා.🔥

Season 1 එකේ වගේම මේ Season 2 එකෙත් Voice Acting Staff එකේ Angle Beats!,Berserk,Akame ga Kill,Black Clover,Assassination Classroom,Bleach,My Hero Academia,Blue Lock කියන ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය වුනු කතාවලට දායක වුනු හඬ කැවීම් ශිල්පීන් දායක වෙනවා.❤️

දැන් මම Season 1 ඉඳන් කතාව ගැන පොඩි සාරාංශයක් අරන් එන්නම්…සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න.ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක.වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා.ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා.අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණ නිසා, බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක්‍ යෝජනාවක් ගේනවා.ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක.මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ.මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා.තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා.ඒ විනාශය හෝ පැවැත්ම.

ඉතින් ඒ විදිහට සම්මත වුනු රැග්නරොක් සටනේ පළමු ද්වන්ධය නෝර්ස් දෙවියෙක් වෙන තෝර් හා මනුෂ්‍යත්වයේ ශක්තිමත්ම රණශූරයෙක් වෙන ලූ බූ අතර පැවැත්වෙනවා.ඒ වගේ ම මේ හැම සටනකටම, තම බලයෙන් මිනිස් රණශූරයන්ගේ ආයුධ බවට පරිවර්තනය වෙන්න ඒ ඒ වැල්ක්‍රීලා එකඟ වෙනවා.පළමු සටනින් ලූ බූ පරාජයට පත් වී තෝර් ජය ලබනවා.ඉන් පසුව දෙවෙනි සටන දෙවියන්ගේ රජු වෙන සියුස් හා මනුෂ්‍යත්වයේ පියා වෙන ආදම් අතර පැවැත්වෙනවා.ඒ සටනින් සියුස් අසීරු ජයක් ලබාගෙන ආදම් පරාජයට පත් වෙනවා.ඉන් පසුව තුන් වෙනි සටන විදිහට සාගරයට අධිපතියා වෙන පොසයිඩන් හා ජපන් ඉතිහාසයේ දක්ෂතම කඩු ශිල්පියා වෙන සසාකි කොජිරෝ අතර පැවැත්වෙනවා.ඒ සටනින් කවුරුවත් හිතුවෙ නැති විදිහට සසාකි කොජිරෝ ජය ලබනවා.2-1 විදිහට මනුෂ්‍යත්වය එක් ජයක් ලබාගෙන හතරවෙනි තරඟයට අවතීර්ණ වෙනවා.ඒ සටන තියෙන්නෙ මනුෂ්‍යයෙක් විදිහට ඉඳල දෙවියෙක් වුනු හර්කියුලිස් හා මිනිස් ඉතිහාසයේ අඳුරුම දාම ඝාතකයා වෙන ජැක් ද රිපර් අතරයි….⚔️

ඉතින් මනුෂ්‍යත්වයට තවත් ජයග්‍රහණ කීයක් ලැබේවිද? මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු මල්ඵල ගැන්වේවිද? රැග්නරොක් මෙතැන් පටන් ඉදිරියට යනවා…

RoR Season 2:Part 1 අවසානයත් සමඟ Part 2 එක 2023 වසර අවසානයේදි නිකුත් කරන බවට දැනුම් දීල තියෙනවා.ඒ තමයි දැවැන්තම සටන වෙන, බුද්ධා නියෝජනය කරන සටන.ඒ සටන සමඟින් ඒ කාලයෙදි මුණ ගැහෙමු.උපසිරැසිය ගැන අදහස් අනිවාර්යයෙන්ම කියාගෙන යන්න අමතක කරන්න එපා.තවත් ඇනිමෙ උපසිරැසියකින් හමුවෙනකල් හැමෝටම ජය වේවා!

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි.dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න.නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

16 comments

  1. Musix, Story ekka kathawe vibe eka wadi wenawa wagema, ape nam vibe eka wadi wenne oyage sub eka ekka saho… supiri ikmanata dunnata meka

  2. ගොඩක් ස්තූතියි❤

  3. Thank you sub walata😍🥳 sub danakam balan hitiye ❤️🥳🥳

  4. thanks brooo!!!!

  5. maneth thennakoon

    Part 2 dannko ikmnt.🥺

  6. part 2 ekesub one ikmanata

  7. part 2 sub denn

  8. අළුත් සබ් නැත්ද part 2

  9. Part 2 ekath ikmnata oneeee

  10. Ayye part 2 dennko

  11. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login