The title of the page
Record of Ragnarok Sinhala Subtitles
Record of Ragnarok Sinhala Subtitles
6.3
76

Record of Ragnarok (2021) Complete S01 Sinhala Subtitles | “දේවත්වයට අභියෝග කළ මහා ගැටුම” | සිංහල උපසිරැසි සමඟ

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ මගේ 17 වන උපසිරැසි නිර්මාණය එක්ක මම අරන් ආවෙ 2023 වසරෙදි anime community එක ඇතුලෙ විශාල hype එකක් නිර්මාණය වීමට නියමිත, ඒ වගේම දැනටමත් hype එකක් නිර්මාණය වෙමින් තියෙන, අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක්.

ඔයා Mortal Kombat රසිකයෙක්ද? ඔයා Mortal Kombat රසිකයෙක් නම්, Mortal Kombat විශ්වයට ආදරය කරන කෙනෙක් නම්, කොටින්ම කිව්වොත් ද්වන්ධ සටන්වලට පිස්සු වැටුණු කෙනෙක් නම් ඔන්න ඔයා මේක මඟ නොහැරිය යුතුමයි.Mortal Kombat විශ්වයේ සිද්ධ වෙන සටන් මොන වගේද කියල ඔයා දන්නවා ඇති කියල මං හිතනවා.ඔන්න එහෙනම් මේ ඇනිමෙ කතා මාලාවත් අන්න ඒ වගේ එකක්… ඒ වගේ කිව්වට ඒ වගේම නොවන ඇස් උඩ යන ලොමු ඩැහැ ගැන්වෙන ද්වන්ධ සටන් තියෙන කතාවක්… තවත් සරලවම කිව්වොත් දෙවිවරු සහ මිනිස්සු අතරෙ සිද්ධ වෙන මහා ද්වන්ධ සටනක්.කියන කොටත් බලන්න වටිනවා කියල හිතෙනවා නේද…? ඒත් මිනිස්සු කොහොමද දෙයියනේ දෙවියො එක්ක හැප්පෙන්නෙ…? 😳

2021 වසරේ Spring season එකේදි 𝖭𝖾𝗍𝖿𝗅𝗂𝗑 ඔස්සේ නිකුත් කෙරුනු 𝗦𝗵𝘂𝘂𝗺𝗮𝘁𝘀𝘂 𝗻𝗼 𝗩𝗮𝗹𝗸𝘆𝗿𝗶𝗲 AKA 𝗥𝗲𝗰𝗼𝗿𝗱 𝗼𝗳 𝗥𝗮𝗴𝗻𝗮𝗿𝗼𝗸 ඇනිමෙ කතා මාලාව 𝘼𝙘𝙩𝙞𝙤𝙣,𝘿𝙧𝙖𝙢𝙖,𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮,𝙈𝙮𝙩𝙝𝙤𝙡𝙤𝙜𝙮,𝙎𝙚𝙞𝙣𝙚𝙣 කියන Genre වලට අයත් වෙන අතරෙ 𝘙-17+(𝘝𝘪𝘰𝘭𝘦𝘯𝘤𝘦 & 𝘗𝘳𝘰𝘧𝘢𝘯𝘪𝘵𝘺) යටතේ Rate වෙලා තියෙනවා.𝗜𝗠𝗗𝗕 දර්ශකයේ 6.2 ක අගයක් වගේම 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 දර්ශකයේ 6.66 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා.ඒ වගේම 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 හි 8.14 ක අගයක් ලබාගත් Takumi Fukui (story), Shinya Umemura (story) & Azychika (art) ගේ Record of Ragnarok Manga එක ඇසුරෙන් 𝖦𝗋𝖺𝗉𝗁𝗂𝗇𝗂𝖼𝖺 𝖲𝗍𝗎𝖽𝗂𝗈 හි නිර්මාණයක් වෙන මේ කතාව මිනිත්තු 24 බැගින් වුනු කොටස් 12 ක් පුරා දිව යනවා.

ඒ වගේම තමයි මේ කතාවෙ Music ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනි.Opening Theme එක වෙන “Kamigami” ගීතය Maximum the Hormone ගායනා කරනවා.ඒ වගේම වඩාත් ජනප්‍රිය වුනු Chainsaw Man,Death Note යන ඇනිමෙ සඳහාත් තේමා ගීත ගායනයට මේ කණ්ඩායම සම්බන්ධ වෙලා  තිබෙනවා.🔥
ඒ වගේම Ending Theme එක වෙන “SymaG” ගීතය Fukahi ගායනා කරනවා.මේ තේමා ගීතයත් විශේෂයි.ඒ වගේම මේ කතාව මැදදි අපිට අහන්න ලැබෙන නාද රටා වලින් ඔයාට ඒ අවස්ථාවේදී එන Thrilling vibe එක අනිවාර්යයෙන්ම ගෙන දේවි.🥵

ඒ වගේම මේ කතාවෙ Voice Acting Staff එක ගැන කතා කළොත් Angle Beats!,Berserk,Akame ga Kill,Black Clover,Assassination Classroom,Bleach,My Hero Academia,Blue Lock කියන ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය වුනු කතාවලට දායක වුනු හඬ කැවීම් ශිල්පීන් දායක වෙනවා.❤️

දැන් යමු කතාව පැත්තට…සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න.ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක.වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා.ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා.අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණයි.බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක්‍ යෝජනාවක් ගේනවා.ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක.මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ.මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා.තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා.ඒ විනාශය හෝ පැවැත්මයි.

ඉතින් මිනිස්සු කොහොමද දෙවියො එක්ක හැප්පෙන්නෙ? මිනිස්සුන්ට දෙවියො එක්ක හැප්පෙන්න පුලුවන්ද? දෙවියො වෙනුවෙන් සටන් කරන්නෙ කවුද? මිනිසුන් වෙනුවෙන් සටන් කරන්නෙ කවුද? රැග්නරොක් හි අවසානය මොකක්ද? මේ ලොමු ඩැහැ ගැන්වෙන දෙව් මිනිස් ගැටුම නරඹා ත්‍රාසය උද්‍යෝගය ඇති කරගැනීම ඔබට භාරයි.⚔️

Record of Ragnarok Season 2 එක 2023 ජනවාරි මාසයේදී නිකුත් වෙන බවට දැනුම් දුන්නා, ඒ කියන්නෙ දැනටමත් නිකුත් වෙලයි තියෙන්නෙ.ඒකටත් සිංහල උපසිරැසි ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්.මේ උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.හැමෝටම සුභ වේවා! ජය වේවා!🙏

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි.dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න.නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

34 comments

  1. H.a.i. Dissanayaka

    Thanx bro…දෙනකන් හිටියෙ…
    ඊලග සීසන් එකත් ඔය ගැම්මටම දෙමු

  2. සුපිරි මචන්

  3. Thank You So Much Bro

  4. Season 2 eke subtitleluth danwada

  5. Season 2 ikmanata danna bro . I can’t be patient.

  6. හස්සා දැන් දැක්කේ…එහෙනම් මේකත් බලමු…ගින්දරට ඇති හැමදාම වගේම…. 🔥

  7. supiriyak sahoooo!! adarei palenne ithin

  8. season 2 ekata kawadda danne

  9. අනේ මල්ලි දෙවනි සීසන් එකත් අවුට් වෙලා…
    අනේ බොක්ක එකටත් සබ් එක දෙන්නකෝ..❤️😍❤❤️😍

  10. season 2 ikmanata ona

  11. Season 2 subdanne kawadd 🥺

  12. ස්තූතියි❤ . Season 2 sub oni

  13. Thank you very much for the SUB 🔥🔥🔥🙏🙏🤗❤

  14. subtitles ft 😍 season 2 denne nadda 🙂

    • ලංකන් weebs

      Season 2 සබ් දීල දැන් මාසෙකට ළං වෙනවා.සයිට් එකේ search කරන්න.

  15. බොහෝම ස්තූතියි…

  16. season 2 one sago

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login