The title of the page
Pushpa Sinhala Sub
Pushpa Sinhala Sub
8.2
91

Pushpa : The Rise (2021) Sinhala Subtitles | ” රත් හඳුන් ජාවාරම ” | සිංහල උපසිරැසි සමඟ

(Pushpa : The Rise (2021) Sinhala Subtitles) (Pushpa (2021) Sinhala Subtitles) (Pushpa (2021) Sinhala Sub) (Pushpa Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න ගොඩ දෙනෙක් අසාවෙන් හිටිය ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන තමයි මම සයිට් එකට ගොඩ උනේ.ඉතින් අද දවසෙ ගේන තුන්වෙනි තෙලිඟු ෆිල්ම් එක මේ.ඒ වගේම මගේ 250 වන සිංහල උපසිරැසිය තමයි මේක.ඉතින් දැන්නම් ඉස්සෙල්ලා වගේ උපසිරැසි දෙන්න අමාරුයි කාලය ප්‍රශ්නයක් නිසා.ඒත් ඉතින් පුලුවන් හැම වෙලේම සබ් එකක් අරගෙන එන්නම්.

උපසිරැසි 250 ක් කරන්න නම් හීනෙකින්වත් හිතුවෙ නෑ.ඉතින් සමිත් අයිය ඇතුළු ඇඩ්මින් මඩුල්ලටත් , උපසිරැසි කන්ඩායමේ සහෝදරයන්ට වගේම ඔය හැමෝටමත් , ජේෂ්ඨ උපසිරැසි සහෝදරවරුටත් බොහොම ස්තූතියි දුන්න සහයෝගයට.

හරි අපි හැරෙමු ෆිල්ම් එක පැත්තට.Pushpa : The Rise කියල ඔයාලට මේ ගේන්නෙ පලවෙනි ෆිල්ම් එක.ඒ කියන්නෙ මේකෙ තව කොටසක් එනව.ෆිල්ම් එක Action | Drama කාන්ඩයට අයත් එකක් වගේම ධාවන කාලය පැය තුනකට ආසන්නයි.ඉතින් කොවිඩ් අස්සෙ බොහොම අමාරුවෙන් ෂූටින් ඉවරකරගත්ත පුෂ්පා ෆිල්ම් එක ගිය අවුරුද්දේ දෙසැම්බර් 17 තමයි රිලීස් උනේ.ඒ Pan India චිත්‍රපටයක් විදියට.ඒ කියන්නෙ මේක භාෂා පහකින් නිකුත් උනා.මෑත කාලීනව රංගස්තලාම් වැනි සුපිරි ෆිල්ම් එකක් තෙලිඟු සිනමාවට දායාද කල Sukumar තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ.ඒ වගේම සංගීතය සපන්නේ DSP විසින්.ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදන කෙරුනේ Mythri Movie Makers බැනරය යටතේ.

චිත්‍රපටයට රංගන දායකත්වය සපයන්නෙ ජනප්‍රිය තෙලිඟු නලු Allu Arjun විසින්.ප්‍රධාන නිලිය වෙන්නෙ Rashmika Mandanna.ඊට අමතරව මලයාලම් නලු Fahadh Faasil ද මෙහි රංගනයෙන් එක් වෙනවා.

ඉතින් අවසාන වතාවට 2020 දී AlaVaikunthapuramulo චිත්‍රපටයෙ රංගනයේ යෙදුනු අල්ලු අර්ජුන් කෝටි 250 ඉක්මවූ ආදායමක් ලබමින් ඒ චිත්‍රපටය වෙනුවෙ ඉහලම සාර්ථකත්වයක් අත් කරගත්තා මතකයිනේ.ඒ අනුව තුන්වන වරට එකතුවෙන මේ අල්ලු + සුකුමාර් සංයෝගය ලොකුම බලාපොරොත්තු ඇතිව තමා ෆිල්ම් එක රිලීස් කලේ.මොකද විෂේශත්වය මේක Pan India ෆිල්ම් එකක් වීම නිසාත්.ඉතින් කොහොමහරි හොද ආරම්භයක් ලබාගත් පුෂ්පා චිත්‍රපටය මේ වෙනකොටත් තිරගත වෙමින් ඉන්දියානු රුපියල් කෝටි 300 ඉක්මවූ ආදායමක් උපයාගෙන තිබෙනවා.මේකෙ ලොකුම විෂේශත්වය කියන්නෙ සාමාන්‍යයෙන් හින්දි අය අතර ජනප්‍රිය නොවන තෙලිඟු ෆිල්ම් අතරේ මේක ඉමහත් ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගන්න සමත් උනා.ඒ අදාල ප්‍රාන්ත වල කොරෝනා නිසා සීමා පනවා තිබියදීත් ..

ඔන්න ඒ වගේම අපි මෙච්චර දවසක් Stylish Star කියපු අල්ලුට මේ ෆිල්ම් එකෙන් Icon Star කියන නමත් ලැබුනා.ඉතින් මින් ඉදිරියට් ඔහු Icon Star නමින් තමා හඳුන්වන්නෙ.ඉන්දියානු රුපියල් කෝටි 200-250 අතර මුදලක් චිත්‍රපටය වෙනුවෙන් වැයකරල තියෙනවා.මම  කලිනුත් කිව්ව වගේ Arya , Arya 2 චිත්‍රපටි වලට පස්සෙ අධ්‍යක්ෂක සුකුමාර් සහ අල්ලු එක්ව වැඩ කරන තුන්වෙනි ෆිල්ම් එක මේක.

2020 අප්‍රේල් 8 තමයි ෆිල්ම් එකේ නම නිවේදනය කලේ.එදිනට යෙදෙන අල්ලුගෙ උපන්දිනය වෙනුවෙන් චිත්‍රපටයේ පලමු පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් කෙරුනා.

ඊට පස්සෙ එකින් එක චිත්‍රපටය ගැන තොරතුරු අනාවරණය වෙමින් ගිහින් 2021 අප්‍රේල් 7 නැවත අල්ලුගෙ උපන්දිනේ දවසෙ Teaser පටය නිකුත් කෙරුනා.එතනින් ටීසර් පටයේ අන්තර්ගත වුනු ” තග්ග්ගේදේ ලේ ” දෙබස මේ දක්වාම මේ චිත්‍රපටයේ කී ඩයලොග් එක බවට පත් උනා.ඉතින් මේ කටයුතු මෙහෙම කෙරෙන්නෙ කොරෝන වලින් එන ලොකු බාධාව මැද්දෙ.අවසානෙට 2021 දෙසැම්බර් 6 චිත්‍රපටයේ Trailer එක නිකුත් වීමත් සමඟ රසික උන්මාදය තවත් වැඩි උනා.ඒ අතරෙම උන තවත් සිදුවීමක් තමයි චිත්‍රපටයේ අඩංගු “O Antava ” කියන ගීතයට ආරාධිත නර්තනයක් ඉදිරිපත් කරන්න සමන්තාගේ කැදවීම.මේකත් චිත්‍රපටයේ ජනප්‍රියත්වයට ඉවහල් උන තව හේතුවක්.

ඉතින් ඔය විදියට තමයි චිත්‍රපටය ගලාගෙන ආවේ.කියනවනම් තවමේක ගැන කියන්න ඕන තරම් දේවල් තියෙයි.

චිත්‍රපටයේ කතාව ගැන නම් අමුතුවෙන් මොකුත් කියන යන්නෑ.චිත්‍රපටයේම එන දෙබසකින් මෙහෙම කියන්නම්.

මුලු ලෝකෙන්ම රත් හදුන් හම්බෙන එකම එක තැන ..සෑසාචලම් වනාතරය..
ඒකයි මේවා මෙච්චර ගනන්…
ඇත්තම කතාව රත් හදුන් ගැනත් නෙමෙයි…
මේ සමූහ ජාවරමේ දියුනු වුනු කුලීකාරයෙක් ගැන..
කුලීකාරයෙක් කියලා සැහැල්ලුවට ගන්න එපා..
ඔයා වගේ අය මම වගේ අය ඕන දිහාවක ඉන්නවා..
එයා වගේ අය..
රත් හදුන් වගේ දුර්ලභවයි ඉන්නේ..

එහෙනම් මෙතැන් සිට ඔයාලට බාරයි සිංහල උපසිරැසි සමඟ රසවිඳින්න පුෂ්ප රාජ්ගේ වැඩකිඩ.දිගටම හැමෝගෙම සහයෝගය දෙන්න අපේ වෙබ් අඩවියට.ඔයාල තමා අපේ ශක්තිය.

ඔබට ජය ! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

40 comments

  1. onna magen mulma comment eka sahoo..blgen hty film ekk.thnks bro

  2. 250 වෙනි උපසිරැසියට සුබ මල්ලි.. ජය!!🙂🥰

  3. 250* ට සුබ පැතුම් මදුවා..ඉක්මනටම 300ත් ගහමු..😍 අද ආපු තෙලිඟු ෆිල්ම් තුනටම කලින්ම මහන්සිවෙලා කැම් කොපියට ටයිම් ලයින් ගහලා අසා ලිවීම් කරලා ඔරිජිනල් ආවම තුනම තනියම ඔරිජිනල් කොපියට සින්ක් කරන එක වෙනකන්ම ඒ කරපු කැපවීමටනම් තෑන්ක්ස් සගෝ..🧡

  4. thank bro sinhala sube ekata alluge supirima film ekak agili gana gana hitiye enakam evagema 250 veni upasirasiyatath digatama vade karamu jayawewa.

  5. At first ,,,,wish for your 250 sub, and you made lot of dedication without profit❤️ and your future journey with cineru i like to wish for you all things will be good

  6. 250 veni upasirasiyata thank bro digatama vade karamu jayawewa.

  7. Praveen Ranasinghe

    සුභ පැතුම් මදුවා ! බොහොම ස්තුතියි

  8. Shehan Sachintha
    Cineru Family Member

    මදුවෝ 250ට සුභ පැතුම් බොක්ක,
    දිගටම සබ් ඕනා කොල්ලෝ🤩😍

  9. අද පට්ට අමාරු දවසක් නේද..ඒ කැපවීමට ගොඩක්ම ස්තූතියි..සබ් එකට ස්තූතියි..😍👍

  10. RRR movie eka enne kawadda

  11. Tanks madushan ayye sub ekata ♥️♥️♥️

  12. 250ට සුභ පැතුම්.

  13. Prabodha Kaushalya

    250ක් කියන්නේ ලේසී නෑ ස්තූතී බ්‍රෝ ඒ කැපකිරීමට සුබ ඉක්මනට 500ක් ඕනේ ජයවේවා සිනේ රූ

  14. Sub ekata thanx

  15. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  16. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ 250වෙනි සබ් එකට සුබ පැතුම්

  17. Thanks for sub hardcoded ekath daandoo💪💪💪💪

  18. udaya saman
    Cineru Family Member

    උපසිරසි ජීවිතේ ීපසිරසි 250 ක් ගහනවා කියන්නේ ඉතින් සෙල්ලම් වැඩක් නෙමෙයි.ඒකත් ගොඩක්ම අසා ලිවීම් ගහපු තෙලිගුවා..තෙලිගු කිංගෙන්..සුභ පැතුම් මධුවා ඉදිරියටත් මෙහෙම උපසිරසි ගේන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනා. ඉක්මනටම 300 ත් ගහමු කොල්ලෝ

  19. 🎀250*🎀 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!!
    දිගටම සබ් දෙමු 🤜🤛

  20. කමෙන්ට් කරපු සුබ පතපු හැමෝටම ස්තූතියි

  21. Patta Kollo SubaPathum 250*ta Digatama Wade Karan Yanna Jayawewa… E Wagema Jayawewa Cineru.lk Ape Set Eke Hamotama… Meeta Secret N ❤😊

  22. බොහොම ස්තූතියි සහෝ

  23. 🇱🇰දර්ශන හෙට්ටිවත්ත | ☸️සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුභ පැතුම් සහෝ. සබ් 250ක් ගහන් එකේ අමාරුව දන්නේ සබ් ගහන කෙනෙක්ම තමා. ඉක්මනින්ම 300 වෙනි කඩයිමටත් එන්න ලැබේවා!
    -දර්ශන හෙට්ටිවත්ත-

  24. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    250* ට සුබ පැතුම් මදුවා..ඉක්මනටම 300ත් ගහමු..😍
    මචං ස්තූති කරන්න වචන නෑ……නියයි සහෝ….දිගටම යමූ

  25. බොහෝම ස්තූතියි උපසිරැසියට
    777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…

  26. 250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  27. 720p gb 1ta aduven hard coded eka danna puluvanda plzzzz🙏🙏🙏🙏😭

    • එහෙම කරන්න අමාරුයි මචං..කන්වර්ට් වුණාම එන අඩුම ගාණ තමයි ඔය දීලා තියෙන්නෙ..

  28. sub eka download wanne nane

  29. 250 වෙනි උපසිරැසියට සුබ පැතුම්❤️❤️❤️

  30. deneth pahansith

    සබ් හදපු දෑතට බුදු සරණයි

  31. supirima wedak

  32. films download krnna amaru une ne jaya wewa

  33. Tharuka Wijethunga
    Cineru_users

    film download link koheda tiyenne?

    • සබ් එක ඩවුන්ලෝඩ් කරන තැනට පහළින් වීඩියෝ පිටපත් කියලා බට් එකක තියෙන්නේ..VPN on නම් off කරලා සයිට එකට එන්න..එතකොට වීඩියෝ පිටපත් කියන බට්න් එක පේන්න තියනවා..

  34. *ආසාවෙන් idiye meka enaka

  35. මම මෙ සබ් එකත් එක්ක තමා මුවි එක බැලුවෙ. සුපිරියටම තිබ්බා. එක කියන්න ඔන අනිවාර්යයෙන් .තැන්ක්ස් මල්ලි ❤️

  36. සුභ පැතුම් බොක්කෙන්ම තව 250 කරන්නට

  37. උපසිරැසියට ස්තූති ! ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login