Pursuit of Jade (2026) Complete Season Sinhala Subtitles
Pursuit of Jade (2026) Complete Season Sinhala Subtitles
8.6
96

Pursuit of Jade (2026) Complete Season Sinhala Subtitles | “ පර්සූට් ඔෆ් ජේඩ් ” | සිංහල උපසිරැසි සමඟ

Pursuit of Jade () 🐉

​Native Title: 逐玉 (Zhu Yu)

Director: Zeng Qing Jie (Provoke / My Uncanny Destiny අධ්‍යක්ෂක)

Genres: Historical, Romance, War, Political

Original Network: Tencent Video, iQIYI, Netflix

Episodes: 40

Country: China

​Pursuit of Jade කියන්නේ 2026 වසරේ නිකුත් වුණු, බලන අයගේ ඇඟ හිරිවැටෙන තරමේ වෙනස්ම විදිහක ඩ්‍රාමා එකක්. මේක අනිත් සාමාන්‍ය රොමෑන්ස් කතාවලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ මේකේ ඉන්න ප්‍රධාන නිළිය නිසා. සාමාන්‍යයෙන් ඩ්‍රාමාවල ඉන්නේ හරිම සුකොමළ කෙල්ලෝ වුණාට, මේකේ ඉන්න “Fan Changyu” කියන්නේ පට්ට හයියක් තියෙන, ඌරෝ මරලා මස් විකුණන හිත හයිය කෙල්ලෙක්. මේ කතාවේ තියෙන්නේ පවුල් පලිගැනීම්, දේශපාලන කුමන්ත්‍රණ සහ අහම්බෙන් සිද්ධ වෙන අපූරු කසාදයක් වටා ගෙතුණු ලස්සන කතාවක්. 🇨🇳⚔️

​🎭 ප්‍රධාන චරිත

Zhang Ling He (Xie Zheng / Yan Zheng ලෙස)

මෙයා තමයි මේ කතාවේ “වූ’ආන් වංශාධිපතුතුමා”. අවුරුදු 16කට කලින් තමන්ගේ මුළු පවුලම ඝාතනය කරපු එකට පළිගන්න ඉන්න, පට්ට සටන් හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි තුවාල වෙලා ඉන්න වෙලාවක මේ චැන්ග්යූ කෙල්ලට අහුවුණාම, තමන්ගේ අනන්‍යතාවය හංගගෙන “යැන්ග් ශෙන්ග්” කියලා නමක් දාගෙන, කිසිම දෙයක් කරගන්න බැරි ලෙඩෙක් වගේ රඟපානවා. එයා මේ කෙල්ලගේ ගෙදරට “බෑනා” විදිහට එන්නේ තමන්ගේ සතුරන්ගෙන් බේරී ඉන්නයි. 🗡️❄️

Tian Xi Wei (Fan Chang Yu ලෙස)

මෙයා හරිම අපූරු චරිතයක්. තමන්ගේ දෙමව්පියන් නැති වුණාට පස්සේ නංගිවත් බලාගෙන ඌරෝ මරලා මස් විකුණලා ජීවත් වෙන, පුදුම ශක්තියක් තියෙන කෙනෙක්. ගෙදර දේපළ බේරගන්න ඕන නිසාම, හිම අස්සේ වැටිලා ඉඳලා බේරගත්ත අර අසරණ පෙනුම තියෙන කොල්ලව (ෂී ශෙන්ග්ව) තමන්ගේ ගෙදර බේරගන්න ඕනාවට තමන්ගේ ගෙදරට එන බින්න බහින සැමියෙක් විදිහට මෙයා කසාද බඳිනවා. පස්සේ යුද්ධය පටන් ගත්තම මේ චැන්ග්යූ කියන දක්ෂ කෙල්ල සටන් බිමට ගිහින් “මල් ඔටුනු පැළඳි සෙන්පතිවරිය” කියන නම පවා දිනාගන්නවා. 🐷⚔️

📖 කතාවේ සාරාංශය

​කතාව පටන් ගන්නේ හිම අස්සේ වැටිලා ඉන්න ෂී ශෙන්ග් (Xie Zheng) චැන්ග්යු බේරා ගැනීමත් එක්කයි. තමන්ගේ පවුලේ දේපළ බේරගන්න ඕන නිසා, මේ අසරණ පෙනුම තියෙන කොල්ලව චැන්ග්යු කසාද බඳින්නේ තමන්ගේ ගෙදරට ගෙන්නගෙනයි.

​ෂී ශෙන්ග් තමන් කවුද කියලා රහසක් විදිහට තියාගෙන ඉද්දී, චැන්ග්යු යුද පිටියට ගිහින් දක්ෂ සෙන්පතිනියක් වෙනවා. පස්සේ කාලෙක ෂී ශෙන්ග් නැවත බලයට ඇවිත් පළිගන්න යනකොට, තමන්ගේ “මස් කපන බිරිඳ” තමන්ගේම සේනාවේ සෙන්පතිනියක් විදිහට ඉන්නවා දැකලා පුදුම වෙනවා. යුද්ධයත් එක්ක ගෙතෙන මේ දෙන්නගේ අමුතුම ආදර කතාව කොහොම ඉවර වෙයිද? 🥀🛡️

ඔයා Action තියෙන, ඒ වගේම කෙල්ලෙක් වීරවරියක් වෙන (Strong Female Lead) කතා බලන්න ආස නම්, Pursuit of Jade කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මේකේ තියෙන ඇක්ෂන් වගේම Zhang Ling He සහ Tian Xi Wei ගේ Chemistry එකත් සුපිරියටම තියෙනවා. 🌸✨

මේ කතාවට සිංහල උපසිරැසි ගෙනාපු මම,

~ හංසන හෙට්ටිආරච්චි ~ ✨️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


259
Total Subtitles

2 comments

  1. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ මේකට එකපාරම කම්ප්ලීට් සබ්එක දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login