Protector (2026) Sinhala Subtitles
Protector (2026) Sinhala Subtitles
5.2
21
75

Protector (2026) Sinhala Subtitles | “ මවකගේ පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(Protector (2026) Sinhala Subtitles) (Protector (2026) Sinhala Subtitle) (Protector (2026) Sinhala Sub)

ඔන්න Action සහ Thriller ෆිල්ම් බලන්න ආස අයට 2025/2026 කාලයේ ආපු තවත් සුපිරි ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒක තමයි “Protector”. අපි කවුරුත් Resident Evil ෆිල්ම් සීරීස් එකෙන් දන්න, ජනප්‍රිය නිළි Milla Jovovich තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේක හරියටම අර අපි බලපු “Taken” ෆිල්ම් එක වගේම, තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම අවදානමක් ගන්න අම්මා කෙනෙක්ගේ කතාවක්.

කතාව යන්නේ මෙහෙමයි…

කතාවේ ප්‍රධාන චරිතය තමයි Nikki Halsted (Milla Jovovich). ඇය කලින් හමුදාවේ වැඩ කරපු දක්ෂ, ඒ වගේම භයානක අතීතයක් තිබුණු කෙනෙක්. හැබැයි දැන් ඇය ඒ ඔක්කොම අතහැරලා තමන්ගේ දුව Chloe (Isabel Myers) එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.

හැබැයි මේ සාමකාමී ජීවිතය එකපාරටම කණපිට පෙරළෙනවා. දවසක් Nikki ට පියවි සිහිය එද්දී ඇය ඉන්නේ පාළු කර්මාන්තශාලාවක. ඒ වගේම එයාට තේරෙනවා තමන්ගේ ආදරණීය දුවව කවුරුහරි අභිරහස් කල්ලියක් පැහැරගෙන ගිහින් කියලා. මෙතැනින් පස්සේ කතාවේ වේගය සම්පූර්ණයෙන්ම වැඩි වෙනවා. තමන්ගේ පරණ හමුදා පුහුණුව පාවිච්චි කරලා, දුවව හොයාගෙන පාතාල ලෝකය පෙරළගෙන යන ගමනක් තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. හැබැයි මේ ගමනේදී පාතාල කල්ලියට විතරක් නෙමෙයි, ඇයට පොලිසියෙන් සහ හමුදාවෙන් එල්ල වෙන බාධාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

නළු නිළියන් සහ අධ්‍යක්ෂණය

  • අධ්‍යක්ෂණය: Adrian Grünberg (ඔහු මීට පෙර Rambo: Last Blood වගේ සුපිරි Action ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා තියෙනවා).
  • ප්‍රධාන රංගනය: Milla Jovovich ට අමතරව Isabel Myers, D. B. Sweeney, සහ Matthew Modine වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. සබට තෑන්ක්ස්

  2. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි….෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login