The title of the page
Primer (2004) Sinhala Subtitles
Primer (2004) Sinhala Subtitles
6.8
73
78

Primer (2004) Sinhala Subtitles | මොකද්ද මේ මැෂින් එක | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා කියලා පිලිගන්නවා හැමෝම! 

ඉතින් සතිඅන්තයේ ගෙදර ඉන්න ගමන් බලන්න තවත් මොලේට සමනල්ගැටේ වැටෙන Time Traveling ෆිල්ම් එකක් අරන් තමයි අදත් ආවේ..මම කලින් සබ් කරපු සමනල්ගැට ෆිල්ම් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට IMDB 6.8 කුත් , Rotten Tomatoes 73% කුත් , ගූගල් පරිශිලක 78% කුත් ලබාගන්න සමත් වෙලා තියන ටයිම් ට්‍රැවලින් වල මාස්ටර් පීස් එකක් කිව්වොත් මම හරි. ඉතින් මේක 2004 රිලීස් වෙලත් තාමත් සිංහල උපසිරැසියක් නොතිබ්බ නිසා මම ගත්තා මේකට Sub එක කරන්න.. ගත්තම තමයි ඒක ලේසි වෙන්නෑ කියලා තේරැනේ. . කවුරැත් සබ් නොකරන්න හේතුවත් මට තේරැනා.. 😁  ඒ වගේම මේක Drama / Sci-Fi / Thriller ගණයට තමයි අයත් වෙන්නේ.මේක සාමාන්‍යයන් ඔයාලා බලන ටයිම් ට්‍රැවලින් ෆිල්ම් එකක් වගේ නම් නෙමෙයි.. ඒ කියන්නේ ගස් අස්සෙන් ගිහින් වෙන ලෝකෙකට යනවා වත් , නැත්තං ගුහාවක් අස්සට ගිහින් අනික් පැත්තෙන් වෙන ලෝකෙට එනවා , නැතතං ඉබේ කඩා පාත් වෙනවා වගේ නෙමෙයි.. මේක තනිකරම විද්‍යාව පදනම් කරගෙන නිර්මාණය වෙලා තියන ෆිල්ම් එකක්.  කොටින්ම මේකේ සබ් එක කරන්න මට AL කෙමෙස්ට්‍රි පවා ඉගන ගන්න වුනා..ඔයාලට බලද්දි තේරෙයි ඒක තියන වචන වලින්ම.. බය වෙන්න එපා ඒවගේ තේරැම මම යටින් දාලා ඇති.. ඒ වගේම මේකේ දෙබස් මම පුලුවන් තරම් සරල කරලා දාලා තියෙන්නේ සාමාන්‍යයන් ලංකාවේ මනුස්සයෙක්ට තේරැම් ගන්න පුලුවන් IQ ලෙවල් එකකට.. මට ආසියානු සමහර රටවල් වල SUB එක්ක පවා මේවා කම්පෙයා කරන්න වුනා මේක සිංහලට හරවන්න.. ඒ තරමට අමාරැයි.. 

ඒ වගේම වැදගත් ම දේ තමයි , ⁣ඔයාලා Dark TV සීරිස් එක බැලුවා නම් මට කියන්න තියෙන්නේ මේක ඊටත් වඩා අතිශය සංකීර්ණයි.. මේකේ හැම කොටසකම තේරැමක් තියනවා සහ හැම වචනෙකම රහසක් හැංගිලා තියනවා.. ඔයාලා මේක බලන් යද්දි කම්මැලියි වගේ කියලා අතඇරලා දාන්න එපා.. එහෙම නැත්තං එක තත්පරයක් වත් මේක යව යව බලන්න යන්න එපා..මේ කතාව ඔයාට අන්තිමට හිතාගන්න බැරි විදිහට ඔලුවට වෙනම කතාව අත ඇරලා දානවා.. බලන මනුස්සයට පිස්සුම හැදෙන්න.. මම මේ කතාව දෙපාරක් බැලුවා..ඒත් මේක තේරැම් ගන්න අමාරැයි මට… මට Sub එක කරද්දි තමයි මට කතාව තේරැනේ සහ මේ ෆිල්ම් එක විස්තර කරලා අන්තර්ජාලයේ තිබ්බ ලිපියක් කියවලයි මම තේරැම් ගත්තේ.. ඔයාලට කතාව නොතේරෙනවා..ඒක 95%කට එහෙමයි.. 5% තමයි සම්භාවිතාව තියෙන්නේ මේක තේරැම් ගන්න. එහෙම බැරි වුන අය⁣ මේ LINK එකෙන් ගිහින් ඒ ආර්ටිකල් එක කියවන්න.. ආටිකල් එක කියෙව්වම තේරෙයි මේක කොච්චර සුපිරිද කියලා..මේක ඉතින් එක පාරින් තේරැම් ගත්තා කියන්නේ ඔයා සුපිරි වැඩ්ඩෙක්..👌😎 

කතාව පැත්තට ගියොත් අපිට ඉන්නවා යාලුවෝ හතර දෙනෙක්.. ආරෝන් , අබේ , පිලිප් සහ රොබට්. මෙයාලා AI ඉන්ජිනේරැවෝ.. මෙයාලගේ රස්සාව තමයි පොඩි පොඩි ගැජට් කෑලි හදලා සාමාන්‍යය මිනිස්සුන්ට විකුණන එක.. මේක කරන්නේ මෙයාලා ඉතාම පොඩියට ආරොන්ගේ ගෙදර ගරාජ් එකක.. මෙයාලට කොහොම මේක කරත් සල්ලි ප්‍රශ්න නම් හොදටම තියනවා..ඉතින් දවසක් මෙයාලා අතර තර්කයක් යනවා මේවා හද හද ඉදලා හරියන්නෑ..වෙන මොකක් හරි වැඩකට අත ගහන්න ඕන කියලා.. ඉතින් ඕකෙන් පස්සේ අපේ ප්‍රධාන චරිත දෙක වෙන ආරොන් සහ අබේ හදනවා ද්‍රව්‍යක ස්කන්ධය අඩු කරන්න පුලුවන් මැෂින් එකක්…මෙතිනන් පස්සේ තමයි මේ සේරම කනපිට⁣ පෙරලෙන්න පටන් ගන්නේ හිතාගන්න වත් බැරි විදිහට.. ඉතින් මොකද්ද මේ මැෂින් එක, ඒකෙන් කොහොමද

කාලය හරහා යන්නේ, මේක වැඩ කරයි ද, මෙයාලා මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද… ඒ වගේම මෙයාලා ට මේකෙන් ලැබෙන අදුරැ ප්‍රතිවිපාක ගැන බලාගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.. අතීතය වෙනස් කරාම ඒවා වර්ථමානය බලපාන විදිහ , අතීතයයි වර්ථමානයයි අතර තියන ඒ භයානක කම අපිට බලාගන්න පුලුවන් මේකේ.. ඒ වගේම මේකේ තුන්වෙනි පාර්ශවයකුත් ඉන්නවා.. බලන්න ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි ද කියලා කවුද මේ තුන්වෙනි පාර්ශවය කියලා.. 😎😎

ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඔයාලගේ අත්දැකීම මේ ෆිල්ම් එකත් එක්ක💙

එහෙනම් ආයෙත් මේ වගේ සුපිරියක් අරන්  ආය එනකම් හැමෝටම ජයෙන් ජයම වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

12 comments

  1. පසිඳු අමන්ද ගුණතිලක
    Cineru_users

    බොහොම ස්තූතියි සබ් එකට..මේක මම පලවෙනි පැයබාගෙවත් නොබලා අතඇරලා දාපු ෆිල්ම් එකක්..ලිපියෙන් ආයෙමත් බලන්න ආස හිතුනා..
    ආයෙමත් බොහොම ස්තූතියි මහන්සියට 💪

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. චමින්ද

    බොහෝමත්ම ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වෙලා ගෙනාපු සබ් එකට🙏🙏🙏🙏❤️❤️❤️

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. Sub ekata Thank You Tharaka Bro.
    Film eka nao Hari naha boring.

  7. අවුරුදු ගානක් තිස්සෙ එනකල් බලන් හිටපු උපසිරැසියක්
    බොහොම ස්තූතියි සහොදරයා….

  8. thanks brother

  9. niyamai ayye supiri vadak

  10. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login