The title of the page
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
8.3
91
94

Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | “පොන්නියින් සෙල්වන්” | සිංහල උපසිරැසි සමඟ

(Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles) (Ponniyin Selvan: Part I (2022) Sinhala Sub) (PS1 (2022) Sinhala Subtitles) (PS1 (2022) Sinhala Sub)

Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම නවකතාවට මුල් වන්නේ ඈත අතීතයේ දකුණු ඉන්දියාව පාලනය කළ චෝල රාජ්‍ය සමයයි. මෙය ප්‍රථමයෙන්ම සිනමාවට නැගීමට ගත් වෑයම පිලිබඳ සලකා බැලුවහොත් එය වසර 64 ක ඉතිහාසයකට දිව යනවා. ඒ සුපිරි දමිළ සිනමා නළු M. G. Ramachandran (MGR ) විසින් 1958 වර්ෂයේ මෙය චිත්‍රපටයකට නැගීමට ගත් උත්සාහයක්. මෙයට MGR ඇතුළුව වෛජන්තිමාලා, ජෙමිනි ගනේෂන්, පද්මිණි සහ සාවිත්‍රී වැනි දැවැන්ත නළු නිළියන් රැසක් යෝජනාවී තිබෙනවා. නමුත් MGR ට සිදුවූ අනතුරක් නිසාවෙන් මෙය කිසිදාක සිදු නොවන නිර්මාණය බවට පත්වුනා. නැවත වරක් මෙය කතාබහට ලක්‌ වන්නේ 1994 දී. ඒ අධ්‍යක්ෂක මනී රත්නම් කළ ප්‍රකාශයක් හමුවේ. ඔහු පැවසුවේ Kalki Krishnamurthy ගේ PS පාධක කර සිනමා නිර්මාණයක්‌ කිරීමේ ඔහුගේ සිහිනයක් බව. එකල කමල් හසන් සමග මෙය පිලිබඳ කතාබහක් ඇති වූවත්, ඉහල නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන නිසාවෙන් මෙය අත්හැර තිබෙනවා. නමුත් මනී රත්නම් ඔහුගේ දිගු කාලීන සිහිනය ලෙහෙසියෙන් අත් හරින්නේ නැත.

නැවත වරක් මෙය පිළිබඳ කතාබහක් ඇති වන්නේ 2010 දී. ඒ මනී රත්නම් එකල තහවුරු කරගත් තිර පිටපතක්‌ සැකසීමෙන් අනතුරුව. මෙහි ප්‍රධාන චරිතයන්ට විජේ, මහේෂ් බාබු සහ අනුෂ්කා ශෙට්ටි සම්බන්දවී තිබුනා. මෙහි pre -production අවදිය ආරම්භවී තිබුනත් පසුතලයන් සම්බන්දව ගැටළුන් සහ ඉහල නිෂ්පාදන මිල නැවත මෙයට තිත තැබුවා. 2019 වර්ෂයේ මනී රත්නම් Lyca Productions සමග සම්බන්ද වනවා. ඔවුන් මනී රත්නම් 2018 දී අධ්‍යක්ෂණය කළ Chekka Chivantha Vaanam නිෂ්පාදනය දායකත්වය ලබා දීමෙන් අනතුරුව , PS වෙනුවෙන්ද තම දායකත්වය ලබා දීමට තීරණය කරනවා. ඒ අනුව 2019 දී මෙහි ප්‍රධාන චරිතයන්ට Vikram, Aishwarya Rai Bachchan, Jayam Ravi සහ Vijay Sethupathi සම්බන්ද වනවා. මෙහි නිෂ්පාදනය ආරම්භ වීමත් සමග නැවත වරක් නළු නිළියන් මාරු වීමක් සිදු වනවා. එහි ප්‍රධාන වෙනසක් වශයෙන් Vijay Sethupathi වෙනුවට Karthi මෙයට සම්බන්ද වනවා. ඒ සමගම Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala වැනි ශිල්පිනියන්ද මෙයට සම්බන්ද වනවා. අවසානයේ හොඳම නළු නිළි පිරිසක් සමග PS ආරම්භ වනවා. විවිද හැල හැප්පීම් මැද පැමිණි මනී රත්නම්ගේ දිගු කාලීන සිහිනයක් යථාර්තයක්‌ බවට පත් වන්නේ එලෙසයි.

මෙහි කතාව සම්බන්දව කිසිදු දෙයක්වත් සඳහන් කරන්නට යන්නේ නැත. ඊට හේතුව මෙය සිනමා ශාලාවකම නැරඹිය යුතු නිර්මාණයක්‌ නිසාය. PS හරහා Baahubali හෝ RRR චිත්‍රපට වල අංගයන් බලාපොරොත්තු වන්නට එපා. ඊට හේතුව PS යනු බොහෝ සෙයින් කතාවට සහ විවිද වූ චරිතයන්ට වැඩි අවධානයක්‌ ලබා දෙන slow burn period චිත්‍රපටයක් නිසා. චරිත රැසක් සහ සිදුවීම් පෙළක්ම එක සිනමා නිර්මාණයකට පරිවර්තනය කිරීම කිසි සේත්ම ලේසි පහසු කාර්යක් නොවේ. මෙහිදී චිත්‍රපටයේ තිර රචනය සේම සංස්කරණයද ඉතා ප්‍රවසමෙන් හැසිරවිය යුතු අංගයන් දෙකක්. යම් අඩුපාඩු දිස් වූවත් මනී රත්නම් ගේ අධ්‍යක්ෂණය සහ තිර රචනය (Elango Kamuravel ද එක්ව) සහ S. Sreekar Prasad ගේ සංස්කරණය සමස්තයක් වශයෙන් ඉතා සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. යම් අඩුපාඩු ලෙස දිස් වූයේ ඇතැම් චරිතයන් වල සම්බන්දකම් ගොඩ නැගීමේදී සහ සිද්දීන් ගලපා ගැනීම තුල අපැහැදිලි ස්වභාවයක් පෙන්නුම් කළා. එම නිසා මෙය ඉතා හොඳ අවදානයකින් නැරඹිය යුතු චිත්‍රපටයක්.

මෙහි ලංකාව සම්බන්දව එන කොටස හැරුණු කොට Thotta Tharani ගේ පසුතල නිර්මාණයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. ඒ සමගම Eka Lakhani ගේ ඇඳුම් නිර්මාණකරණයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා. ලංකාව සම්බන්දව එන කොටස තුල ලංකාවේ තිබෙන පන්සල්, රජවරුන්ගේ ඔටුනු සහ ඇඳුම් පැළඳුම් තුල යම් නොගැලපෙන බවක් දැනුණා. නමුත් කතාවට බාදාවක් වන අයුරින් එය විශාල අඩුපාඩුවක් ලෙස දිස් වූයේ නැත. ඒ කෙසේ නමුත් මෙහි සීමිත දර්ශනයන් වෙනුවෙන් යොදාගත් සිංහල දෙබස්, ශ්‍රී ලංකාවේ නිර්මාණය වුනු ඉතිහාස චිත්‍රපට වල දෙබස් වලට වඩා හොඳ මට්ටමක දක්නට ලැබුනා. ඒ සමගම සිනමාකරණයෙන් සම්බන්ද වන Ravi Varman ද ඉතා හොඳ කාර්යක් කර තිබෙනවා. මෙහි VFX සහ CGI සම්බන්දව ලොකු පැහැදීමක් නැති වුනත්, PS කතාවට වැඩි ඉඩකඩක් ලබා දෙන නිසා එය බාදාවක් වූයේ නැත. තවද A. R. Rahman ගේ සංගීත අධ්‍යක්ෂණයද සුපුරුදු ලෙස චිත්‍රපටයට ප්‍රභල දායකත්වයක්‌ ලබා දුන්නා.

මෙහි රංගනයන්ද ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා. චිත්‍රපටයේ වැඩිම දර්ශන කාලයක් හිමි වන්නේ Karthi ට. Karthi එම චරිතයට අදාලව ඇති දඩබ්බරකම, අධිෂ්ඨානය සහ විටෙක ඇතුලත් වන හාස්‍ය ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුනා. නන්දිනී දේවිය ලෙස Aishwarya Rai ඇයගේ සිනමා දිවියේ තවත් අමතක නොවන රංගනයක් මෙහි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම එම චරිතයේ ඇති ලාලිත්‍ය සහ seductive ස්වභාවය ඉතා අපූරුවට ඇය ඉදිරිපත් කර තිබුනා. Vikram ගේ බහුතරයක් නිර්මාණ මම නරඹා නැත. එම නිසා ඔහුගේ රංගන පරාසය ගැන ලොකු අවබෝධයක් නැති වුනත්, මෙය ඔහුගේ දුටු හොඳම රංගනයන්ගෙන් එකක්. ඔහුට හිමි වන්නේ සීමිත දර්ශනය ප්‍රමාණයක් වූවත්, එම චරිතය වටා තිබෙන විවිද සංකීර්ණ පැතිකඩවල් ඔහුගේ ප්‍රභල රංගනය හමුවේ ඉස්මතු වුනා. Trisha Krishnan, Aishwarya Lekshmi සහ Shobita Dhulipala ද ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කර තිබුනා. ඒ සමගම පස්වන මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වූ අපගේ ශ්‍යාම් ප්‍රනාන්දු රංගන ශිල්පියාවද අමතක කළ නොහැකි. ඔහුට හිමි වන්නේ ඉතාම සීමිත දර්ශන කාලයක් වූවත්, ශ්‍යාම් ප්‍රනාන්දු එම චරිතයට හොඳ පන්නරයක් ලබා දුන්නා.

අවසාන වශයෙන් මේ කාරණයද සඳහන් කරන්නට කැමතියි. මනී රත්නම් සිනමා නිර්මාණකරුවෙක් වශයෙන් වසර 30 කට ආසන්න සිහිනයක් PS නිර්මාණය කිරීමෙන් සැබෑ කර ගත්තා. එම නිසා තමන්ට යම්කිසි සිහිනයක්‌ තිබෙනවා නම් එය ලෙහෙසියෙන් අත්හරින්නට එපා. යම් දේවල් වෙනුවෙන් ඉවසීම මෙන්ම නිසි කාලය වෙනුවෙන් බලා සිටීම ඉතා වැදගත් බව මෙය හරහා වටහා ගැනීමට පුළුවන්.

ඒ අනුව මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඔබ‍ට හැකියාවක් තිබෙනවා නම් සිනමා ශාලාවකම නරඹන්න.

Release date: September 30, 2022 (United Arab Emirates)
Director: Mani Ratnam
Music composed by: A. R. Rahman
Adapted from: Ponniyin Selvan

සටහන රමිත විමුක්ති සහෝදරයාගෙන් 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

37 comments

  1. Thnks asawen balan idapu ekak thnku cineru team ekata

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      sub ekanam gindara wage……
      God bless peter anna……jayawewa….!!

  3. Pattaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  5. මේ වගේ ෆිල්ම් වලට සබ් කරන්න කොයිතරම් අමාරුද කොයිතරම් කාලයක් වැය වෙන්න ඇතිද… ඒ සියළු දේට ස්තූතියි..

  6. disadi
    Cineru_users

    aththatama godak thank you enakan maga balagena hitiye me wage supiri film ekak godak wada asse sub damma ekata godak pin

  7. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    සබ් එකට ගොඩක් තුති පිටර් අන්නා
    ජය ❤️

  8. me film eka download karaganna linkn ekak thiyenawada

  9. Sub eka dakapu gamanma awa download karaganna. enakan balan hitiye. thank you so much…

  10. Adarei bn ithin..✨️💖 best wishes to the cineru family

  11. Tnx bro sub ekta

    • ෆිල්ම් එක බැලුව. සුපිරියටම සබ්ටයිටල් එක තිබ්බ අයියේ… වචනත් සුපිරියටම, .. සුපිරියි ඈ… 🥳🥳🥳

  12. ඔයගෙ subtitle කොහොමත් සුපිරි … අවංකවම කියන්නෙ 😍❤️

  13. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. godak sthuthyii… niyamaiii

  15. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට ස්තූතී බොසා , දැන් තමා බලන්න යන්නේ 😍❤️

  16. Peter Barthelot
    Cineru Family Member

    thanks guys

  17. thx komlo .puluvnm All Quiet on the Western mekta sub denako

  18. Thasitha Nilanka
    Cineru_users

    Srivalli 2017 telugu movie ekata sub dennoko

  19. තෑන්ක්ස් පීටර් අන්නා සබ් එකට

  20. tnk u cineru. Balan hitapu film ekak

  21. Krishani
    Cineru_users

    Thank you so much. Subtitle dakapu dawase idan balannamai hitiye. Ammp aditya ge character 1 vikram tama galapenne. 😍😍💐💐💜️💜️

  22. සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  23. Geeth Kalana (GK)

    thank you!

  24. part 2 kawada wageda ganna puluwan ?

    • තියටර් වලට ආවෙත් ඊයේ..🥲 OTT රිලීස් වෙන්න මාස එක හමාරක්වත් යයි අඩුම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login