The title of the page
Pidikittapulli 2021 Sinhala Sub
Pidikittapulli 2021 Sinhala Sub
4.1

Pidikittapulli (2021) Sinhala Subtitles | “පලිගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Pidikittapulli (2021) Sinhala Subtitles)

2021 අගෝස්තු 27 වන දින comedy, Thriller ඛාණ්ඩයන් යටතේ විකාශණය වූ Jishnu Sreekandan ගේ අධ්යක්ෂණයෙන් නිර්මාණය වූ අළුත්ම මලයාලම් සිනමා පටයයි තමයි මේ. සනී වේන් එක්ක අහානා ක්රිෂ්ණා තමයි ප්රධාන චරිත නිරුපනය කරන්නේ..ඊට අමතරව බයිජු, ලාලු ඇලෙක්ස්. සයිජු කුරුප් සහ මේජර් රවි යන මලයාලම් සිනමාවේ තවත් අද්විතීය දක්ෂ නළු නිළියන් රැසකගෙන් යුක්ත වෙනවා.

කුළුදුල් අධ්යක්ෂක ජිෂ්නු ශ්රිකන්දන් මීට වසර දෙකකට පමණ පෙර රූගත කිරීම් අවසන් කිරීමෙන් පසු පවසා ඇත්තේ මෙම චිත්රපටය 80 දශකයේ මලයාලම් හාස්ය චිත්රපට ප්රේක්ෂකයන්ට සිහිපත් කරවන බවයි. මෙම චිත්රපටය එකිනෙකට හාස්ය ජනක දර්ශණ වලින් සමන්විතය.

ඩිස්නි හා ශිවාන් කියන දෙන්නා එක මංකොල්ලයක් සදහා වාහන ගබඩාවකට පනිනවා, එහෙදි අළුත්ම කාර් එකක් දැකලා ඒක සොරා ගන්න තැත් කරද්දි එකේ අයිතිකාරයට අහුවෙනවා. ඇත්තටම එයා මේ කාර් රථය කුලී ධාවනය සදහා යොදා ගන්නා කාර් රථයක්. පස්සේ මෙයාලා දෙදෙනා කියන්නේ යම් පුද්ගලික ආයතනයකට එයාලා දෙන්නා අරගෙන යන්න කියලා. මේ යන අතර මගදී මෙයාලා දෙන්නා මේ රියදුරුව මරන්න තැත් කරන්නේ කාර් එක හොරකන් කර ගන්නයි.

ඉතින් මෙහෙම යන ගමනේදි රියදුරා එක් දරුණු පුද්ගලයෙක් පිළිබද කථාවක් කියනවා. කොහොම හරි මේ කතාවත් එක්ක යද්දි අර දෙන්නා මේ රියදුරාට වැඩේ දීලා කාර් එක උස්සනවා. මෙයාල කම්පැණියක් ගාවට එනවා වාහනෙත් අරන්. ඔහොම ඇවිල්ලා ඒ බිල්ඩින් එක ඇතුලට ශිවාන් යනවා. මේ අතරේ එහේ වැඩ කරන ශම්බු (සනී වේන්) නැමැති පුද්ගලයාව හම්බවෙන්න අශ්වතී(අහානා ක්රිෂ්ණා) මෙතනට එනවා. මෙයා මේ කම්පැණියේ ලොක්කගේ දුව. මෙයාගේ තාත්තා තමයි මේ කම්පැණියේ අයිතිකාරයා වුන රාජසේකරන් කුරුප් කියන්නේ. ඉතින් මේ අශ්වතී කෙලින්ම යන්නේ මෙයාගේ පෙම්වතා වුන ශම්බුව හම්බවෙන්න. ඇයි කියන්නේ මේ සම්බන්දේ ගැන අම්ම එක්ක කතා කරන්න එයාලගේ ගෙදර යමු කිව්වත් ශම්බු කියන්නේ අශ්වතීට අද රෑට දෙන්නම පැනලා යමු කියලයි.

කොහොම හරි මෙතනට මේ කතාවට එයාලා එක්ක වැඩ කරන තෝමස් කුරියන් කියන කෙනත් සම්බන්ධ වෙනවා. මෙහෙම මේ පැනල යන එක කතා කර කර ඉද්දී මෙයාලගේ ලොක්කා. ඒ කිව්වේ අශ්වතීගේ තාත්තා මෙතනට ඇවිල්ලා මේ දේවල් අහගෙන ඉන්නවා. කොහොම හරි දෙන්නම මාට්ටු වෙනවා .දෙන්නටම එයාගේ ඔෆ්ස් එකට එන්න කියනවා. ඔය අතරේ කුරුප්ව හම්බ වෙන්න කෙනෙක් එනවා. වැඩේ කියන්නේ මේ එන්නේ අර කාර් එක උස්සපු ශිවාන්ගේ තාත්තා. මෙයා ඇවිල්ලා කුරුප්ට තර්ජනය කරලා යනවා. මේ එන පුද්ගලයා ගැන තමයි අර දෙන්නා උස්සපු කාර් එකේ රියදුරා කථා වුනේ. වැඩේ කියන්නේ ඒ රියදුරාත් එයාගේ පුතාටමයි එයාගේ තාත්තා ගැන කියලා තියෙන්නේ. කොහොම හරි මේ ආපු කෙනාගේ නම සුදාකරන්. එයා කුරුප්ට තර්ජනය කරලා යනවා.

ඊට පස්සේ අර කාර් එක උස්සපු ශිවනුත් මෙතනට ඊට පස්සේ එනවා ඇවිල්ලා කුරුප්ව පැහැරගන්න හදනවා. ඒ වෙලාවේ අර දෙන්නා එන සද්දෙ ඇහිලා එයා පැනගන්නවා. පස්සේ තමයි කොහොම හරි වැඩේ තියෙන්නේ. තාත්තත් ඇවිත් තියෙන්නේ එකම කෙනා පැහැරගන්න. පුතත් ඇවිත් තියෙන්නේ එකම කෙනා පැහැරගන්න. ඒ අස්සේ මෙයාගේ දුව ඇවිල්ලා එතන වැඩ කරන කොල්ල එක්ක කසාදෙ ගැන කතා කරන්න ගෙදර එක්ක යන්න හදනවා…මීට වඩානම් කතාව ගැන විස්තරයක් කියන්න යන්නෑ..

සනී වේන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ Anugraheethan Antony (2021) Chathur Mukham (2021) ගේ මෑත කාලේ ආපු මලයාලම් චිත්රපට වලින් ඔයාලා සනී⁣ වේන්ගේ රගපෑම දකින්න ඇතිනේ. අපි මීට වඩා විස්තර කරන්න යන්නේ නෑ. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි! ෆිල්ම් එක බලලා සයිට් එක පහළින් කමෙන්ට් එකකුත් දාලම යන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. THARUKA NIROSHAN

    බොහොම ස්තුතියි උපසිරසට බලන්න ආසාවෙන් හිටිය චිත්‍රපටයක්.. ❤

  2. Macho sub eka download unata extract wenne na..

    • එහෙම අවුලක්නම් නෑ මචං..කෝකටත් කියලා සබ් එක ආපහු රීප්ලේ කරා..දැන් ට්‍රයි කරලා බලන්න..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  5. thanks cineru.lk

  6. තැන්ක්ස් සිනේරු කන්ඩායම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login