The title of the page
8.2
92
92

Peacemaker (2022) S01E02 Sinhala Subtitles | “හොඳම යාළුවෝ,කවදාවත්ම නෑ..!!” | සිංහල උපසිරැසි සමඟ

(Peacemaker (2022) S01E02 Sinhala Subtitles) (Peacemaker 2022 Sinhala Subtitles) (Peacemaker S01 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම!

අද සබ් අරගෙන ආවෙ අපේ DC Fans ලට විශේෂ වෙනවයි කියන්න පුලුවන් සීරිස් එකකින්,ඒ තමා 2022 ජනවාරි 13 , 3 episodes premiere එකක් ලෙස නිකුත් වුන.Peacemaker කියන Tv series එක.මේක නිකුත් වුනේ HBO max ඔස්සේ.මේ කතාව ගෙතී යන්නේ The Suicide Squad හී Spin off කතා මාලාවක් ලෙස.ඒ වගේ ම  මේක තමා DCEU එහෙම ත් නැත්නම් DC Extended Universe හී පළමු කතා මාලාව වෙන්නෙ.

කතාව ගැනත් කොමික් එක ගැනත් පුංචි විස්තරයක් කරන්න ම්,මෙහෙම ලියපු පළවෙනි ලිපිය නිසා අඩුවක් තිබ්බොත් සමාව ඉල්ලනවා.

Peacemaker:Tv series (2022)

⏯️:Cast:john sena,freddy stroma,jennifer holland,steve agee,robert papatrick.

⏯️:Producers:

  • Lars Winther
  • John H. Starke

⏯️:Directed by:James gunn

⏯️:country:United States

⏯️:No.of seasons:01

⏯️:Based on:Dc comics( First owners:Charlton Comics)

කවුද මේ Peacemaker(සාමය සාදන්නා)කියන්නේ?

Peacemaker කියන්නේ 1966  joe Gill සහ Pat boyette එකතු වෙලා සාදපු චරිතයක්,මේක ඇත්තටම මුලින් ම DC comics ලගෙ චරිතයක් නෙමෙයි,මේක මුලින් ම අයිති වුනේ ඉහත නිර්මාණ කරුවන්ට අදාළ Charlton Comics ලට.පස්සෙ මේ කොමික් එක වහල දැම්මට පස්සෙ DC ල මේක මිලදී අරන් තියෙනවා.

👉:First Appearance  එක මොකක්ද?

Peacemaker ගෙ first appearance එක තමා 1966 Fightin’5 කොමික් පොත ඔස්සෙ එලියට එන්නෙ.

fightin’ 5 කොමික් පොතේ මුල් කවරය

ඒ වගේම Peacemaker ගෙ Individual character කොමික් එක 1967 දි රිලීස් වෙනවා.

The peacemaker#1 Comic book

කවුද මේ peacemaker කියන්නේ

Peacemaker එහෙම නැත්නම් සාමය සාදන්නා,එයාගෙ ඇත්ත නමින් හදුන්වන්නෙ Christopher Smith කියලා.එයාගෙ තාත්තා හමුදා සොල්දාදුවෙක්..එයාගෙ තාත්තා 2 වන ලෝක යුද්ධය සමයේ නාසි කදවුරක සිටි අයෙකු ලෙසත්,ඒ කාලෙ සිදු වුන සිදුවීම් නිසා මානසික සිත් තැවුලට පත් වුන කෙනෙක් කියලා ත් සදහන් වෙනවා..පීස්මේකර් කියන්නේ සාමය නම් සංකල්පය ඉහළින්ම ගරුකරන කෙනෙක්,ඔහු සාමය වෙනුවෙන් ඕන ම දෙයක්,ඕනම කෙනෙක් විනාශ කරන්න පැකිලෙන්නෙ නෑ.ඒකෙන් කියවෙන්නෙ නෑ එයා ඕනම අහිංසක මනුස්සයෙක් වුනත් මරනව කියලා.කරන්න දෙයක් නැති තැනම මරන්න සිද්ද වුනොත් මිසක්.

👉මොනවද එයාට තියෙන විශේෂ හැකියා.

Peacemaker හට තියෙන හැකියා ලෙස.

1:වෙඩි තැබීමේ ඉහළ පුහුණුව.

2:පහසුවෙන් නැවත යථා තත්ත්වයට ගත හැකි ශරීරය.

3.ඔත්තු බැලීමට ඇති හැකියාව.

4.සටන් කිරීමට ඇති හැකියාව.

වගේ බොහෝ දේවල් තියෙනවා

ඒ අතරිමුත් එයාගෙ විශේෂම අංඟය තමා එයාගෙ හෙල්මට් එක.

පීස්මේකර් ගේ විශේෂ හිස් පළදනාව

👉මොකක්ද හෙල්මට් එකෙන් තියෙන වාසිය.

හෙල්මට් එකේ තියෙන ප්‍රධාන වාසි නම් සන්නිවේදන හැකියාව.දුරකථන සං‍ඥා බිද දැමීමේ හැකියාව.සොනික් බ්ලාස්ට් ඇති කිරීමේ හැකියාව වැනි දේවල් කිරීමේ හැකියා තියෙන බව සදහන්.ඒත් ඒ එකම හෙල්මට් එකෙන් මත් නෙමෙයි,මොකද මේ හෙල්මට් හදන්නෙ එයාගෙ තාත්තා.මේ කතාවට අනුව නම් ඉහත හැකියා තියෙන හෙල්මට් කීපයක් ම කතාවේ අඩංගු වෙනවා.

එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු..

(Peacemaker Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

4 comments

  1. supiri broo Thanks uu❤️🔥3weni epiyath ikmnta genna..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ලිපියනම් සුපිරියි සහෝ… උපසිරැසියට බොහොම ස්තූතියි…😍😍😍

  4. 🔥3weni epiyath ikmnta genna..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login