The title of the page
Oru adaar love 2019 sinhala sub
Oru adaar love 2019 sinhala sub
5.5
75

Oru adaar love (2019) Sinhala Subtitles|සදා නොමැකෙන සුන්දර පාසල් සමය|සිංහල උපසිරැසි සමග|

සිනමා රසිකයන් සියල්ලන් අමන්දානන්දයට පත්කර මැකීගිය සලරුවක පුනරාගමනයක්..

ඔවු එහෙම කීවොත් මං හරි..චිත්‍රපටයක් සාමාන්‍යයෙන් පූර්ව ප්‍රචාරක පටය හරහා තමා ප්‍රේක්ෂක ආකර්ශනය ලබාගන්නෙ..හැබැයි ඒක මේ සලරුවට වෙනස් වෙනව මොකද මේ සලරුව ජනතාව අතරට යන්නෙ සමාජ මාධ්‍ය තුල සැරිසරපු කුඩා වීඩියෝ පිටපතක් හරහා..

ප්‍රියා ප්‍රකාශ් (Priya Prakash) තම පලවෙනි සලරුවෙන් ප්‍රදාන නිලිය නොවී නොසිතූ ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබාගන්නෙ අපේ දුරකථනවල තිරයට පවා පැමිනෙමින්..

ඒ වගේම මෙම චිත්‍රපටයේ “Manikya Malaraya Poovi” කියන ගීතය විශාල ජනතා ආකර්ශනයක් ලබාගන්නව

සාමාන්‍යයෙන් අපි චිත්‍රපටයක අතීතෙ ගැන කතාකරන්න දෙයක් ලොකුවට නෑ හැබැයි මේ චිත්‍රපටය ටිකක් ලොකු අතීතයක් තියනව

2018 පෙබරවාරි 17  නිලවශයෙන්  “Oru Adar Love” නම් සලරුවක් නිකුත් වෙනව කියල ප්‍රකාශ කරනව ඒ වගේම මහජන ප්‍රදර්ශනය  2018 ජූනි මාසයේ ඇරබෙනව කියල නැවත ඒක සැප්තැම්බර් 14 දක්වා කල් තබනව…නමුත් ඒකත් යම්කිසි හේතුවක් නිසා වෙනස් වෙනව…ඒ වගේම ප්‍රියා ප්‍රකාශ් ට කලින් සලරුව තුල ප්‍රදාන චරිතයක් නෙවෙයි තිබුනේ..නමුත් මේ දැඩි මහජන ප්‍රසාදය නිසා අධ්‍යක්ෂක තීරනය කරනව නැවත ප්‍රියා ව ප්‍රදාන චරිතෙට දාල නැවත රූගත කරන්න. ඒ හේතුව නිසා තමා මේ සලරුව  මෙච්චර පරක්කු උනේ..

ඒ වගේම සමාජ මාධයක් වන “Youtube” හි වැඩිම කැමත්ත ලබාගත්ත මලයාලම් ගීතය  “Manikya Malaraya Poovi”   වගේම වැඩිම අකමැත්තක් සහිත ඉන්දියානු චිත්‍රපටය ගීතය ලෙස  “Freak Penne” ගීතය හිමිත්  මේ අති මහජන ප්‍රසාදයක්  ගත්ත  “Oru Adar Love” චිත්‍රපටයටම තමා…

කොහොමින් කොහොම හරි ඔය ඔක්කොම වෙලා අවසානෙ 2019 පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය දවසෙ “ඔරුව” මලයාලම් ,කන්නඩ,තෙලිඟු,දමිළ කියන භාශා හතරකින් මහජන ප්‍රදර්ශනය ඇරබෙනව.ප්‍රදාන චරිත වලට

“Roshan Abdul Rahoof” -Roshan
“Noorin Shereef” -Gadha John
“Priya Prakash Varrier” -Priya Varrier

යන අය රංගන දායකත්වය ලබා දෙමින් මේ සලරුවේ අධ්‍යක්ෂනය වගේම සංගීත අධ්‍යක්ෂනය  “Omar Lulu” හා “Shaan Rahman” තමා සිදු කරන්නෙ…වාර්තා පැත්තට හැරුනාම වියදම ඉන්දියානු රුපියල් කෝටි පහක් යද්දි ආදායම ඉන්දියානු රුපියල් කෝටි දොලහක් වෙනව…ජයාත්‍යන්තර චිත්‍රපට දරශකයේ (IMDB) 6.8/10 කරකන්න සමත් වෙනව. ගුගල් පරිශීලක මනාප (Google Users like ) 70% ලබාගන්නව..

ඔයාල බලනව ඇති ඇයි කතාව ලියල නැත්තෙ කියල..මේකයි මේ සලරුව එනකන් ගොඩක් දෙනෙක් මඟ බලාන හිටියනෙ ඒ හින්ද ඔයාලගෙ කුතුහලය ඒ විදිහටම තියන්න අපි කතාව ගැන කියන්නෙනෑ කියල තීරනය කරා ඉතින් ඒ හින්ද අරන්ම බලන්න කියල ආරාධනා කරනව..

අවසාන වශයෙන් මේ චිත්‍රපටය උපසිරස ලබාදෙන්න අපේ වචනෙන්ම කියනවනම් ෆට්ටම කට්ටක් කෑව…..ඉතින් ඒ ඔක්කොම ඔයාලට කලට වෙලාවට උපසිරස ගේන්න ඕන නිසා..

ඒ වගේම විශේශයෙන්  මෙම උපසිරස ඔබවෙත ගෙන ඒමට නන් අයුරින් සහය දැක්වූ tvsereisandmovie වෙබ් අඩවියේ අපේම ආදරණීය සොයුරන්ට ස්තූතිවන්ත වෙනවා 🙏

ඉතින් සබ් එක අරන්…ඒ ගමන්ම අපේ මහන්සියට ඔබගේ අදහසකින් වටිනාකමක් දෙන්න කියල ආදරයෙන් මතක් කර සිටිනවා..
නැවත උපසිරසකින් හමුවන තුරු ඔබට ජයවේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

One comment

  1. Thank you for subtles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login