O'Romeo (2026) Sinhala Subtitles
O'Romeo (2026) Sinhala Subtitles
5.8
50
84

O’Romeo (2026) Sinhala Subtitles | “ රෝමියෝ ” | සිංහල උපසිරැසි සමඟ

(O’Romeo (2026) Sinhala Subtitles) (O’Romeo (2026) Sinhala Subtitle) (O’Romeo (2026) Sinhala Sub)

2026 වසරේ පෙබරවාරි 13 වන දින තිරගත වීම ආරම්භ කළ “O’ Romeo” කියන්නෙ, ප්‍රවීණ ඉන්දීය සිනමාකරු විශාල් භාරද්වාජ් (Vishal Bhardwaj) විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම හින්දි චිත්‍රපටයයි. ආදරය, අපරාධ සහ ත්‍රාසය මනාව මුසු කරමින් නිර්මාණය කර ඇති මෙම සිනමාපටය, ප්‍රේක්ෂකයන්ට මෙන්ම විචාරකයන්ට ද වෙනස්ම ආකාරයේ සිනමා අත්දැකීමක් ගෙන ආවා

මෙම චිත්‍රපටයේ තිර රචනය සඳහා පාදක වී ඇත්තේ ප්‍රකට ලේඛක හුසේන් සෙයිඩි  විසින් රචිත Mafia Queens of Mumbai ග්‍රන්ථයේ එන කථාංගයක්

මෙහි ප්‍රධාන චරිතය වන හුසේන් උස්තාරා නමැති පාතාල අපරාධකරු සහ කුලී ඝාතකයාගේ චරිතය නිරූපණය කරන්නේ ශාහිඩ් කපූර් විසින්. ජලාල් නමැති බලවත් පාතාල නායකයා විසින් තම සැමියාව ඝාතනය කිරීමෙන් පසු, ඊට පළිගැනීමේ අරමුණින් පසුවන අෆ්ෂාන් නැමති වැන්දඹු කාන්තාවගේ චරිතය ත්‍රිප්ති දිම්රි විසින් නිරූපණය කරයි. අෆ්ෂාන් සිය පළිගැනීම සඳහා උස්තාරාගේ සහය පතනවා

රංගන දායකත්වය

ශාහිඩ් කපූර්

ත්‍රිප්ති දිම්රි 

නානා පටේකාර්, අවිනාශ් තිවාරි, දිශා පටානි, ෆරීදා ජලාල් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙයට දායක වී ඇති අතර, වික්‍රාන්ත් මැසී මෙහි ආරාධිත චරිතයකින් පෙනී සිටියි.

සාජිඩ් නඩියාඩ්වාලාගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය, විශාල් භාරද්වාජ්ට ආවේණික වූ අඳුරු සිනමාත්මක ශෛලිය මනාව විදහා දක්වනවා. ප්‍රචණ්ඩත්වය සහ ආදරය එකට මුසු කරමින් ඔහු ගොඩනඟන කථා කලාව මෙයින් ද මනාව පිළිඹිබු වෙනවා. චිත්‍රපටයේ සංගීතය විශාල් භාරද්වාජ් විසින්ම නිර්මාණය කර ඇති අතර, ගීත රචනය ප්‍රවීණ ගීත රචක ගුල්සාර් ගෙන්. “Hum To Tere Hi Liye The” සහ “Aashiqon Ki Colony” වැනි ගීත නිකුත් වූ දා සිටම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුනා

පැය 3 කට ආසන්න ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය, පෙබරවාරි 13 වන දින වැලන්ටයින් සතිය මුල්කරගනිමින් සිනමාහල් වෙත නිකුත් කෙරුනා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    ඕනෙම එකක්.. ස්තුතියි..

  2. මේකට සබ් දුන්නට තෑන්ක්ස්

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login