The title of the page
Ormayil Oru Shishiram Sinhala Sub
Ormayil Oru Shishiram Sinhala Sub
6.7
91

Ormayil Oru Shishiram (2019) Sinhala Subtitles |මතකයේ සරත් සෘතුව |සිංහල උපසිරැසි සමඟ

Ormayil Oru Shishiram Sinhala Sub 

කාලේකට පස්සේ රහ හොයන මලයාලම් රසිකයෙක් වෙච්චි මට මලයාලම් සිනාමා සයුරේ කි⁣මිදෙන්න ඒ රස තැන් වල තනි වෙන්න පුළුවන් විදියේ රහක් තියන චිත්‍රපටයක් හම්බුනා , කම්මැලි කමේ ඉන්න අතරේ මලයාලම් කියන දේ හොය හොයා බලන පුරුද්දක් මට තියනවා අහම්බෙන් වගේ එත්තුසන් එකේ චිත්‍රපටයේ හොඳ පිටපතක් ඇවිල්ලා තියෙද්දි ඒත් එක්කම ඉංග්‍රීසි උපසිරැසියත් ඇවිල්ලා තිබුණ නිසා හාහා පුරා කියලා මගේ 07 වෙනි මලයාලම් උපසිරැසිය මේ චිත්‍රපටය වෙනුවෙන් කරන්න ඕන කියලා මට දෙපාරක් හිතන්න ඕන උනේ නෑ , මොකද චිත්‍රපටය උඩින් පල්ලෙන් බලද්දී සමහර තැන් වල ඒ රාමූ අස්සේ හඳවත මොහොතකට නතර උනේ පරණ මතක රාශියක් එක පෙලට රිවයින් වෙන්න පටන් ගද්දි මොහොතකින් පියවි සිහියට ඇවිත් හරි ආසාවෙන් මේක කරන්න අතගැහුවේ,

ජීවීතේ අාදරය කියන සංසිද්ධිය විවිධ කාල සීමා ඇතුලේ හරි අපූරුවට ජීවීතේ ට සමීප වෙනවා සහා දුරස් වෙනවා සහා සමහරුන් හරි අගේට ඒ ආදරේ උපරිමය එහෙමත් නැත්නම් ඒ බැදිමේ සීමාව නෛතික රාමුවට එහෙමත් නැත්නම් විවාහය කරා අරන් යනවා සේම ආදරය ද නොනැසී පවත්වාගන්නවා ඔව්හු සැබැවින්ම වාසනාවන්තයෝ ය. මේ කතාවට හරි අපූරු ප්‍රවේශයක් ඒ නොකියවුන අවාසනාවන්තයන්ගෙන් ගන්න පුළුවන් මන්දයත් සමනල්ලු වගේ හරි ආදරෙන් ප්‍රේමයෙන් වෙලිච්ච ඒ තරුණ හඳවත් නොසිතූ නිමේෂයක වෙන් වෙන්නේ දෛවයේ සරදමක් සේමය, මේ කතාව ඊටත් වඩා හාත්පසින් ම වෙනස් ⁣වෙන්නේ මේ ආදරය අප්‍රකාශිත ආදරයක් වීමයී ,

Ormayil Oru Shishiram 2019 Sinhala Sub ◾මේ⁣ ලෝකයේ , ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කල පුද්ගලයින් එක්ක සසඳන විට , ප්‍රකාශ නොකර ආදරය කල අය ප්‍රමාණාත්මකව වැඩි ඒ ආදරේ ඒ තරම්ම අවාසනාවන්ත ද ජීවීතේ හරි අපූරුයි ඒ වගේම හරි කටුකයි , විවේක් ආර්‍යයන්ගේ අධ්‍යක්ෂනයෙන් වගේම CG සිවප්‍රසාද් සහා අප්පු සිරිනිවාස් නායිර් ගේ තිර පිටපතෙන් හැඩවෙන මේ සිනමා නිර්මාණය 2019.03.02 තිරගත වීම ආරම්භ කරනවා ඒත් එක්කම IMDB 7.5/10 වැනි ඉහල අගයක් වගේම , Times of India 3/5 වැනි ඉහල අගයක් ⁣මේ චිත්‍රපටයට හිමි වීම අහම්බයක් නෙවෙයි

මේ කතාව දිවෙන්නේ නිතින් කියන , ජීවීතේ එකම බලාපොරොත්තුව කවදාහරි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වීම කරගත්තු , සෙල්ලක්කාර කොල්ලට උසස් පාසලේ පංතියේ දී මුණගැහෙන වර්ෂා කියන පංතියේ විතරක් නෙවෙයි පාසලේම දක්ෂම සිසුවිය සහා නිතින් ගේ අතිජාත මිතුරන් අතරේ, පුරා පැය දෙකකට ආසන්න කාලයක් අපේ චිත්ත සන්තානය අැද බැද ගන්න මේ සරලුව සමත් වෙනවා. කේරලයේ ලස්සන , මලයාලම් සිනමාවේ තියන ඒ අව්‍යාජත්වය වගේම රංජින් රාජ් ගේ සුමිහිරි සංගීතයට රසිකයා වශි වෙන්නේ නිරායාසයෙන් ,

කුටුම්භයක් ඇතුලේ පියාගේ භූමීකාව සහා ඒ හා අනුබද්ධ සියුම් තැන් හරි අගේට හරි අපූරුවට රසිකයන්ට සමීප කරන්න ගත්තු උත්සාහය සාර්ථකයි ජීවීතේ මව් පිය බැදිම් දරුවන් අතර බේදියාම සරලව සේම ගැඹුරින් හරි අගේට අර්ථකථන කරලා තියනවා ප්‍රධානම කාරණය වෙන්නේ රාමුව ඇතුලේ තියන යථාර්ථය ප්‍රෙක්ෂකාගාරයට අරථදක්වන්න ගන්න උත්සාහය ඒක හරි අපූරුයි මට අනුව නම් විවේක් ආර්‍යයන් සාර්ථකයි , චිත්‍රපටය ඇතුලේ ඔයාට කොතනකහරි ඔයාව මුණගැහෙයි අන්න ඒ නිමේෂයේ ඉදන් හරි හරියට ජීවීතේ මතක ආපස්සට සිනමාවක් වගේ දිග ඇරෙයි ඒ මොහොත ඇස් පියන් ආදරෙන් විදින්න ඔයාටත් ආරාධනා කරනවා.

Ormayil Oru Shishiram Sinhala Sub 

CINERU.LK සහා අපි බැලු චිත්‍රපට සමූහය (GMWW) වෙනුවෙන් රුමේෂ් ඩි. බස්නායක කළ උපසිරැසික් වන අතර කරුණාකර කතෘ අයිතිය සුරකින්න.  ලිපිය සහා උපසිරැසිය – රුමේෂ් බස්නායක

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

7 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ සබ් දෙනවා පැලෙන්න…ආදරේයි ආ…
    බොහොම ස්තුතියි සබ් එකට…
    පුලුවන් නම් AK Ayyappanum Koshiyum (2020) Malayalam මේකට සබ් දෙන්න

  2. Thanks broo mekata sub dunnata puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  4. ආදරෙයි..😍😍

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. බස් aiyaa balana gaman… Patta.. 😍😍

  7. Lalani Maduwanthi

    Thank you,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login