The title of the page
One 2021 Sinhala Subtitles
One 2021 Sinhala Subtitles
6.7
87

One (2021) Sinhala Subtitles | ” ජනතාවගේ කැමැත්ත ” | සිංහල උපසිරැසි සමඟ

(One 2021 Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් අදත් ආවා තවත් අලුතින්ම නිකුත් වූ මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකෙදි මට අපේ ඉන්දීවරී අක්කගෙනුත් උදව්වක් ලැබුනා ඉතින් එයාටත් ස්තූතී කියන ගමන් අපි යමු කතාව පැත්තට.

වෙනසකටත් එක්ක චිත්‍රපටය ගැන තොරතුරු මෙහෙම බලමු අපි…

Directed by Santhosh Viswanath
Produced by Sreelakshmi .R
Written by Bobby & Sanjay
Starring Mammootty
Murali Gopy
Joju George
Siddique
Mathew Thomas
Ishaani Krishna
Nimisha Sajayan
Gayatri Arun
Music by Gopi Sundar
Cinematography Vaidy Somasundaram
Edited by Nishad Yusuf
Production
company
Ichais Productions
Distributed by Anto Joseph Film Company
Release date
  • March 26, 2021
Running time
152 minutes
Country India
Language Malayalam
Box office ₹16 crore

“කතාව ගැන විස්තරයක් අපේ ඉන්දීවරී අක්කගෙන් අහලා දැනගමු..”

කොරෝනා කියලා දෙයක් අහන්න නොතිබුන කාලේ එක දවසක් ෆිල්ම් එකක් ගැන official announcement එකක් එනවා. ඒකෙ තිබුණේ වචන පහයි; ‘ Mammootty plays Kerala Chief Minister’. 2019 අග ශූටින් පටන් අරගත්ත මේ ෆිල්ම් එක 2020 මැද වගේ වෙද්දි රිලීස් කරන්න තමයි මුලින්ම ප්ලෑන් කරලා තිබුනෙ. ‘Mammootty plays Kerala Chief Minister’ කිව්ව ගමන් හැමෝම කතා වුනේ “මම්මූක්කා පිනරායි විජයන් මැතිතුමාගේ බයෝපික් එකේ රඟපානව වගේ” කියලා. අවාසනාවකට වගේ ප්ලෑන් කරපු දේවල් මොනවත්ම කරගන්න බැරි වෙලා 2020 වසරේ තිරගත වෙන්න නියමිතව තිබුනු ෆිල්ම් එක මේ අවුරුද්දේ තිරගත කරන්න වුනා.
මේ අවුරුද්දේ ආපු තවත් සාර්ථක මලයාලම් ෆිල්ම් එකක් තමයි One. ඒ වගේම මම්මූක්කාගෙ ⁣දෙවන ෆිල්ම් එක මේ වසරේදී තිරගත වුන. පළමුවෙන් ආපු The Priest වගේම One ෆිලුමත් ආදායම අතින් වගේම critics අතිනුත් සාර්ථකයි. චිත්රපටිය දින තිහක් විතර තියටර්ස් වල ප්රදර්ශනය කරලා පහුගිය දවසක Netflix හරහා රිලීස් කලා.
සාමාන්යයෙන් අපි දකිනවා චිත්රපටිය හෝ ටෙලිනාට්ය තියනවා ඒවා මොනවහරි මූලාශ්රයකින් adopt කරලා හදන නිර්මාණ. තවත් චිත්රපටි තියනවා චිත්රපටිය තුළින් සහ චිත්රපටියේ ඉන්න ප්රධාන චරිත තුළින් එම චිත්රපටියේ අධ්යක්ෂකවරයාගේ හෝ පිටපත් රචකයාගේ අදහස් මතිමතාන්තර සමාජගත කරනවා. One කියන්නේ ඒ වගේ චිත්රපටියක්.
ඕනම ඡන්ද දායකයෙකුගෙ හිතේ ඉන්නවා ideal දේශපාලකයෙක්. අධ්යක්ෂකවරයාගේ සහ පිටපත් රචකයින් දෙපළගෙ හිත් වල ඉඳපු ඒ ideal දේශපාලකයාව චිත්රපටියක් තුළින් මහජනතාවට බලාගන්න සැලැස්වීමක් තමයි කරලා තියෙන්නේ. එහෙම නැතුව මේක පිනරායි විජයන් මැතිතුමා හෝ වෙනත් සැබෑ ලෝකයේ කිසිම පුද්ගලයෙක් දිහා බලලා හදපු ෆිල්ම් එකක් නෙවෙයි. සරලවම කිව්වොත් fantasy එකක්.
ප්රධාන චරිතය තමයි කේරළ ප්රාන්තයේ ප්රධාන අමාත්ය(CM) කඩක්කල් චන්ද්රන්. ඔහු යනවා රෝහලකට. එතනදි ඇතිවෙන කලබගෑනියත් එක්ක යම් අසාධාරණයකට ලක්වෙන තරුණයෙක් වන සනල් විසින් මේ ගැන බොහොම ආවේගකාරී ෆේස්බුක් සටහනක් තියනවා. ඒ පෝස්ට් එක වයිරල් වෙනවත් එක්කම මහජනතාව තුළ ඇතිවන විරෝධයත්, ඒ සිදුවීමෙන් වාසියක් ගන්න උත්සාහ කරන විපක්ෂකුත් දෙපැත්තෙ තියාගෙන තමයි චිත්රපටිය ආරම්භ වෙලා විනාඩි දහයකට විතර පස්සේ ප්රධාන අමාත්ය කඩක්කල් චන්ද්රන් ප්රේක්ෂකයා හමුවට එන්නෙ.
කඩක්කල් චන්ද්රන් ලෙස මෙගා ස්ටාර් මම්මුති රංගනයෙන් දායක වනවා. කලිනුත් අපිට මම්මූක්කව මුණ ගැහෙනවා ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ හිටපු Ionic ප්රධාන අමාත්යවරයෙක් වන Y.S. රාජසේඛර රෙඩ්ඩි මැතිතුමාගේ බයෝපික් එක වන ‘යාත්රා’ තෙලිඟු චිත්රපටියෙන්. එය ආදායම අතින් සාර්ථක නැති වුනාට අනම් මනම් වැල්වටාරම් නැති පවර්ෆුල් ස්ක්රිප්ට් එකටත් මම්මුටිගෙ රංගනයටත් අඩුවක් නැතුව විචාරක ප්රසාදය ලබපු සාර්ථක චිත්රපටියක්. සරලවම කිව්වොත් මේ වගේ චරිත වලට වර්තමාන දකුණු ඉන්දියානු සිනමාව තුළ වැඩිහිටි වයසෙ ඉන්න නළුවන් අතරින් ගැලපෙනම නළුවා මම්මූක්කා කිව්වොත් වරදක් නෑ. One චිත්රපටි තුළින් ඔහු ඒක නැවතත් තහවුරු කරලා තියනවා.
මම්මූක්කා විතරක් නෙවෙයි අමතක කරන්න බෑ මුරලි ගෝපිවත්. කඩක්කල් චන්ද්රන් ප්රධාන ඇමති වෙලා ඉඳපු කේරළ ඇසම්බ්ලි එකේ විපක්ෂ නායකතුමා වන ජයනන්දන් ලෙස මුරලි ගෝපිගෙ රංගනය විශිෂ්ඨයි 👌
මේ වගේ දේශපාලනික චිත්රපටියකින් දැනෙන්න ඕන දෙය අඩුවක් නැතුව විඳින්න ජයනන්දන් ප්රධාන විපක්ෂ MLA සෙට් එක තද සපෝට් එකක් දුන්නා ප්රේක්ෂකයින්ට. එසේම ආණ්ඩු පක්ෂෙ MLA වරු විදියට රඟපෑ අයත් සෑහෙන්න තල්ලුවක් දුන්නා ෆිල්ම් එකේ ඒකාග්රතාවය රැකගෙන ඉස්සරහට යන්න.
බේබි; කඩක්කල් චන්ද්රන්ගෙ කොලේජ් කාලෙ ඉඳලම යාළුවා. එකට ගුටිකාපු සටන් සගයා. චන්ද්රන් ක්රියාකාරී දේශපාලනයට එද්දි තිරය පිටුපස ඉඳගෙන ඔහු වෙනුවෙන් කැපවුන පුද්ගලයා. දැන් පක්⁣ෂ සභාපති විදියට MLA උන්නැහෙලගෙ දුක් ගැනවිලි තර්ජන ගර්ජන ඉවසමින් ආණ්ඩු පක්ෂයට වැටෙන්න දෙන්නැතුව හැඬ්ල් කරගෙන යන මනුස්සයා. කඩක්කල් චන්ද්රන්ගෙ දකුණු අත, ආණ්ඩුවෙ කොඳු නාරටිය කිව්වත් වැරදි නෑ. හැබැයි තමන්ගේ යාළුවයි පක්ෂයයි අතරින් එකක් තෝරගන්න වුනොත් සැකයක් නැතුවම පක්ෂය තෝරගන්න ජාතියෙ මිනිහා. බේබිව තිරයෙ මවන්නේ ජෝජු ජෝර්ජ්. මං හිතන්නේ ඒ ඇති. ජෝජු ජෝර්ජ් කියන නම ඇතුලේ කියන්න ඕන දේවල් ඔක්කොම තියනවා 👌🔥
කුම්බලාන්ගි නයිට්ස් චිත්රපටියෙන් අපි දැකපු පොඩි එකා මැතිව් තෝමස්, මිනිහා තමයි කඩක්කල් චන්ද්රන් මහත්තයව අමාරුවෙ දාපු පෝස්ට් එක ලියපු සනල්. කොල්ලා කොහොමත් දක්සයා. කවදාහරි තැනකට එයි 😍
නිමිශා සජයන් ඉන්නවා CMගෙ සහෝදරිය ලතිකා විදියට. චිත්රපටියට එච්චරම අදාළ චරිතයක් නෙවෙයි. නමුත් අවිවාහකයෙක් වන කඩක්කල් චන්ද්රන්ගෙ පුද්ගලික ජීවිතය ගැන යම් අවබෝධයක් ලබන්න උදව්වක් විදියට තමයි ලතිකා කියන චරිතය යූස් කරලා තියෙන්නේ. CMගෙ දේශපාලන ජීවිතය සහ පුද්ගලික ජීවිතය කියන දෙපැත්තම ගැන අවධානය යොමු කරලා තියනවා චිත්රපටියේ. මියුසික් වලින් සෑහෙන්න වැඩක් අරගෙන තියන චිත්රපටියක්. ලාවට ලාවට BGM එකක් ගිහිල්ලා එක පාරටම සිංදුවකුත් එක්ක පුපුරලා යන විදියට මියුසික් යූස් කරලා තියනවා. ප්රධාන චරිතයේ movements වලට සමපාතව තමයි BGM යන්නෙ. නියම සිංදුවකුත් තියනවා ඈ 🔥ගෝපි සුන්දර් වැඩේ නියමෙටම කරලා තියනවා. Cinematography වුනත් සෑහෙන්න හොඳයි 👌🔥 සාමාන්යයෙන් මේ වගේ ෆිල්ම්ස් වල ප්රධන චරිතය විසින් සිදු කරනු ලබන ස්පීච් එකක් තියනවා කොහෙ හරි තැනක, බොහෝ දුර අවසානයට ඔන්න මෙන්න කියලා තමයි ස්පීච් එක තියෙන්නේ. මේකෙත් අන්තිමේට කඩක්කල් චන්ද්රන් විසින් සිදු කරන කතාව🔥🔥🔥
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

10 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මචන්…❤️💚

  2. ela macho… sub ekata thanks…

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  5. Sub ekata thanx

  6. yellow color eken dannna epa
    kiyawanna amarui

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….ashen

  9. Sub eka exract klhm empty folder ekakne enne.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login