Odiyangam (2025) Sinhala Subtitles
Odiyangam (2025) Sinhala Subtitles
4.6

Odiyangam (2025) Sinhala Subtitles | “ ඔඩියන් පරපුරේ අබිරහස් ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ

(Odiyangam (2025) Sinhala Subtitles) (Odiyangam (2025) Sinhala Subtitle) (Odiyangam (2025) Sinhala Sub)

හෙලෝ කොහොමද කට්ටිය, අද අරගෙන ඇවිත් තියෙනවා තවත් මලයාලම් ෆිල්ම් එකක්. මේක Adventure,Drama,Mythological ගණයට තමයි අයිති වෙන්නේ. ඉතින් Odiyangam කියන්නේ සාමාන්‍ය මලයාලම් ෆිල්ම් එකකට වඩා ටිකක් වෙනස්, ගුප්ත (mystical) ගතියක් තියෙන නිර්මාණයක්.

මේකේ කතාව ගලාගෙන යන්නේ කේරළයේ පැරණි ජනප්‍රවාදයක එන “ඔඩියන්” (Odiyan) කියන අද්භූත කණ්ඩායමක් වටා, අවුරුදු සිය ගණනකට කලින් කේරළයේ තිබුණු ගම්මාන පසුබිමක. ඒ කාලේ විදුලිය තිබුණේ නැති නිසා රාත්‍රී කාලය හරිම අඳුරුයි. “ඔඩියන්” කියන්නේ ඒ අඳුර පාවිච්චි කරලා සත්තුන්ගේ වගේ වේශය මාරු කරලා මිනිස්සුන්ව බය කරන්න වගේම පහර දෙන්න පුළුවන් පිරිසක් කියලයි විශ්වාස කරන්නේ.

ප්‍රධාන තේමාවන් වෙන්නේ:

•මුල්ම ඔඩියන් කෙනෙක් බිහිවුණේ කොහොමද කියන එකයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ පුරාණ ශිල්පය පටන් ගත්ත හැටි ගැන තමයි කතාව දිවෙන්නේ.
•ප්‍රධාන චරිතයට සිද්ධ වෙන අසාධාරණයකට එයා කොහොමද මේ අද්භූත බලයන් පාවිච්චි කරලා උත්තර දෙන්නේ කියන එක මෙතන තියෙනවා.
•කතාවේ වැඩි හරියක් පෙන්වන්නේ මේ මනුස්සයා කොහොමද සාමාන්‍ය කෙනෙක්ගෙන් “ඔඩියන්” කෙනෙක් බවට පත්වෙන්නේ කියන එක. ඒකට කරන කැප කිරීම් සහ ඒ කලාවේ තියෙන භයානක පැත්ත මේකේ විස්තර වෙනවා.
•ඒ කාලේ තිබුණු කුල ක්‍රමය සහ ගම්වල ප්‍රභූවරු කොහොමද දුප්පත් මිනිස්සුන්ව පාලනය කළේ කියන එකත් මේකේ යටින් යන තවත් කතාවක්.

සිනමාත්මක පැත්ත

මේ චිත්‍රපටියේ විෂුවල්ස් (Visuals) හරිම ලස්සනයි. විශේෂයෙන්ම කේරළයේ තියෙන ඝන කැලෑ වගේම අඳුරු රාත්‍රී දර්ශන මේකට එකතු කරලා තියෙන්නේ නියම කුතුහලයක් එන විදිහට.කතාවේ පලිගැනීම, ආදරය වගේම කේරළයේ අඳුරු පැරණි ඉතිහාසයක් ගැන මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

2 comments

  1. ස්තූතියි උපසිරැසියට සහෝ

  2. Era Boy
    Cineru Family Member

    නියමයි.. ❤️💥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login