The title of the page
8.5

November Story (2021) Complete Season Sinhala Subtitles | නොවැම්බර් 16 වෙනිදා අභිරහසේ සුල මුල ..!! | සිංහල උපසිරැසි සමඟ

(November Story 2021 Sinhala Subtitles)

අපේ ජීවිතය මේ ලෝකයට කුමක් නිසා අවශ්‍යද ?
ජීවිත කාලේ පුරාවටම හෙව්වත් මේ ප්‍රශ්නයට අවශ්‍ය පිලිතුර අපිට ලැබෙන්නෙම නෑ
මොකද …
ඒක හොයන එක තමා මේ ලෝකය තුල අපේ ජීවිතයේ අරමුන…

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් මම ආවේ දමිළ වෙබ් කතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙනයි , මේකට සබ් ගහන එක මගෙ හීනයක් වෙලා තිබුනත් යම් යම් හේතු නිසා තනියම ඉවර කරන්න බැරි උනා ඉතිං මම අපේ මදුශාන් සහෝදරයගේ උදව්වත් ඇතුලුව අවසානේ සබ් එක ඉවර කලා….

2021 මැයි මස 20 වෙනිදා Disney+ Hotstar හරහා අන්තර්ජාලයට නිකුත් වූ මෙම වෙබ් කතා මාලාව විනාඩි 30 – 52 අතර කතාංග 7 කින් සමන්විතයි . ඉතිං මේ වන විට IMDB මීටරය තුල 8.5/10 වැනි ඉතාමත් ඉහලම අගයක් ලබා ගෙන ඇති මෙය Crime thriller ශාරණයට අයත් වෙනවා , ඒ වගේම Times Of India හි 3/5 ක අගයක්ද Behindwoods හි 2.8/5 ක අගයක්ද ලබා ගන්න මෙම කතා මාලාව සමත් වෙලා තියෙනවා …

Ram Subramanian මහතා විසින් Ananda Vikatan නිෂ්පාදන සමාගමත් සමඟ එකතු වී නිර්මාණය කරන ලද මෙම කතාමාලාව භාෂා තුනකින් නිකුත් උනා ඒ Tamil | Thelugu | Hindi යන භාෂා තුනයි , ඒ අතරින් මෙහි ඔරිජිනල් ලැන්වේජ් එක වෙන්නේ දමිළ භාෂාවයි. ඉතිං චිත්‍රපටය නරඹන විට දමිළ භාෂාවට මාරු කරගෙන බලන්න අමතක කරන්න එපා…….

    ඉතිං මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතය නිලියක් නිකංම නිලියක් නෙමේ ඉන්දියානු සිනමාව තුල තමන්ගේ නම හයිලයිට් කරලා පෙන්නලා තියෙන නිලියක් ඇය නමින් Tamannaah  ඉතිං තම්මනව නොදන්න කෙනෙක් නම් ඉන්න බෑ , මේක තමා මේ වසරේ දී නිකුත් වූ  තමන්නගේ දෙවෙනි වෙබ් කතාමාලාව මීට පෙර 7th Hour කියලා වෙබ් කතාමාලාවක් නිකුත් උනා ඒ වගේම තමා මේ අපි කතා කරන NOVEMBER STORY (2021) කතාමාලාව ඇගේ සිනමා වෘත්තීය තුල ඇය රංගනයෙන් දායක වන දෙවන වෙබ් කතා මාලායවයි..

” විශේශයෙන් කියන්නම් මේක අනිවාරෙන්ම බලන්න ඕනා වෙබ් කතාමාලාවක් ඔයාලට මතක නම් 2018 දී නිකුත් වූ Ratsasan දමිළ චිත්‍රපටය අන්න ඒ චිත්‍රපටය වගේම මේකත් ත්‍රිලර් කාණඩයේ උපරිමේටම ගිහිල්ලා අවසානය තෙක් අපව කුතුහලයෙන් ප්‍රබෝධමත් කරන කතා මාලවක් ලෙස මෙය රෙකමන්ඩ් කරන්න පුලුවන් ……..”

කතාව ගැන කියනවානම්………

ඉන්දියාවේ සිටින ප්‍රසිද්ධ අපරාධ නව කතා රචකයෙක් තමා අපේ කතාවේ වීරවරියගේ පියා ඉතිං මෙයාට තියෙනවා රෝගයක් ඒ අමතකවීමේ රෝගයක් , ඉතිං මොහු ජීවතුන් අතර සිටින එකත් විශ්වාස නෑ කියලා තමා වෛද්‍යවරුන් පවසන්නේ ඉතිං මෙයාව මාස 7 ක් ජීවත් කරවන්න නම් ලක්ෂ 80 ක් වියදම් කරන්න ඕනා කියලා වෛද්‍යවරයා පවසන මේ සඳහා මුදල් ලබා ගැනිමට ඔහුගේ දුව (තමන්නාහ්) ඔවුන්ගේ මහ ගෙදර විකුනන්න සැලසුම් කලත් පියා එයට තරයේම විරුද්ධ වෙනවා..කොහොම හරි මේ අතර තුර එම නිවසේ මිනීමැරුමක් සිද්ද වෙනවා ඒ එක් කාන්තාවක් මෙතන තියෙන පුදුමයට කාරනේ නම් මිය ගිය කාන්තාව ලඟ අපේ කතාවේ වීරවරියගේ පියා ඉන්නවා …

      මෙම මිණීමැරුම සිද්ද වෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදා , ඉතිං මේ නිවසට ඔහු යන්න හේතුව නම් සෑම වසරකම නොවැම්බර් මාසේ 16 වෙනිදා ඔහු එම නිවසට එනවා……

ඉතිං මම මීට වඩා දෙයක් නම් කියන්නෙ නෑ

මොකද්ද මේ නොවැම්බර් 16 විශේෂත්වය ?
කවුද මේ මැරුණ කාන්තාව ?
ඇයි ඇගේ පියා ඒ නිවසට ගියේ ?
පියාව බේර ගන්න ඇය මොනවා කරයිද ?

මේ දේවල් දැනගන්න නම් අනිවාරෙන්ම කතාව බලන්නම වෙනවා ……

හොඳටම විශ්වාසයි පටන් ගැන්මේ ඉඳලා අවසානය තෙක් ඊලඟට මොකක්ද වෙන්න යන්නේ කියන කුතුහලය අනිවාරෙන්ම නරඹට ඔබට දැනේවි…….

එහෙම නම් තවත් මෙවැනිම උපසිරැසියක් සමඟ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා …..

හැමෝටම බුදු සරණයි 🖤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. මයිකි

    Thanks මචො. සබ් එකට

  3. Thanks bn ❤️

  4. Ado bn Camp creataceous season 03 walata sub denna puluwanda 🙏

  5. Godak sthuthi sahoo

  6. kavinda gamage

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

  7. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  8. mn gatta video eka tani file ekata tinne.
    ekata sub eka hadaganne kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login