The title of the page
Narco Saints Sinhala Subtitles
Narco Saints Sinhala Subtitles
7.2
60
90

Narco-Saints AKA The Accidental Narco (2022) Complete S01 Sinhala Subtitles | “සුරිනාමයේ කොකේන් රජු සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Narco-Saints AKA The Accidental Narco (2022) Complete S01 Sinhala Subtitles) (Narco-Saints Sinhala Subtitles) (Narco Saints Sinhala Subtitles) (The Accidental Narco Sinhala Subtitles)

සුභ දවසක් වේවා අපේ සිනෙරූ රසික රසිකාවියන්ට.මාස දෙකකට විතර පස්සේ මම ආපහු ආවා උපසිරසියක් අරගෙන.

අද මම අරගෙන ආවේ ගිය අවුරුද්දේ නිකුත් වුණ සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණ Netflixලාගේ තවත් සුපිරිම Big Budget ටීවී සීරියස් එකකට උපසිරැසි අරගෙන.නම තමා Narco-Saints.සුරිනාමයේ කොරියානු ජාතික මත්ද්‍රව්‍ය රජෙක්, කොටින්ම ඩ්‍රග් ලෝර්ඩර් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න සාමාන්‍ය ව්‍යවසායකයෙක් එක්ක කොරියානු ජාතික බුද්ධි සේවයේ(NIS) මෙහෙයුමක් වටා තමයි කතාව යන්නේ.

Hwang Jung Min, Park Hae Soo, Ha Jun Woo, Jon Woo Jin , Yoo Yeon Seok වගේ සුපිරි කාස්ට් එකක් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා.

අධ්‍යක්ෂණය Kundo: Age Of Rampant, Nameless Gangster, Spy Gone North වගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කළ Yoon Jong Bin.ඒ වගේම මේක තමා එයාගේ පළවෙනිම රූපවාහිනී කතාමාලාව.Crime, Action ඝණයට අයිති වෙන මේ කතාමාලාව ආසන්න විදිහට මිනිත්තු හැටේ ධාවන කාලයක් සහිත එපිසෝඩ් 06කින් සමන්විත වෙනවා. IMDb 7.2 අගයකුත් Rotten Tomatoes 60% මනාප ප්‍රතිශතයකුත් ලබා ගන්න මේ කතාමාළාවට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම වොන් බිලියන 35ක විශාල පිරිවැයක් කතාමාලාව නිෂ්පාදනයට යොදලා තියෙනවා.

මේ සීරියස් එකට පාදක වෙන්නෙ 90 දශකයේ හිටපු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වෙන Jo Bong Haeing අල්ලාගැනීමේ කතාවයි.1990 කාලයෙදී වංචා,මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවට වැරදිකාරක් වුණ මේ Jo Bong Haeing  දකුණු කොරියාවෙන් පැනලා යනවා.එහෙම එයා පැනලා යන්නේ දකුණු ඇමරිකාවේ සුරිනාමය කියන රටට.1994-2000 වර්ෂ කාලයේදී ජෝ සුරිනාමයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්, “සුරිනාමයේ කොකේන් රජු” විදිහට ප්‍රසිද්ධ වෙනවා.කොරියානු ජාතිකයින් යොදාගෙන යුරෝපයට කොකේන් ප්‍රවාහනය කරන එක තමා ජෝ ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වුණේ.තොරතුරුවලට අනුව 2004-2005 කාල පරාසයේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200ක වටිනාකමක් සහිත කොකේන් අපනයනය කරලා තියෙනවා.ජෝ ගෙන් තිබුන තර්ජනය නිසා කොරියානු ජාතික බුද්ධි සේවයයි (NIS) එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය (DEA) එකතුවෙලා දැවැන්ත මෙහෙයුමකින් 2009 ජූලී මාසයේදී බ්‍රසීලයේ සාඕ පාවුලෝ ගුවන්තොටුපළේදී ජෝ බොං හේ ව අත්අඩංගුවට අරගන්නවා.2011 වර්ශයේදී කොරියාවේ අධිකරණය හමුවේ මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරු වුන ජෝ අවුරුදු 10ක සිරදඬුවමක් නියම වෙනවා.ඊට පස්සේ 2016 අප්‍රේල් 19 ග්වන්ජු රෝහලේදී ජෝ බොං හේ අධිරුධිර පීඩනය හා හෘදයාබාධ තත්ත්වයක් නිසා මිය යනවා.මියයනකොට 64 වන වියේ පසුවුණා.

යූන් ජං බින් අධ්‍යක්ෂකතුමා විසින් සුරිනාමයේ ජීවත් වුණ කොරියනු ජාතික මත්ද්‍රව්‍ය රජු අල්ලාගැනීමේ මෙහෙයුම පාදක කරගෙන මේ කතාමාලාව නිෂ්පාදනය කරනවා.චරිත නිවේදනය 2021 මාර්තු මාසයේදීත් රූගත කිරීම් ඒ අවුරුද්දේ නොවැම්බර් මාසයේදීත් රූගත කිරීම් ආරම්භ කරා.මූලික රූගතකිරීම සිද්ධ වුණේ ඩොමිනිකන් රාජ්‍යයේදී.කොවිඩ් වසංගතය නිසා රූ ගතකිරීම් ප්‍රමාද වුනත් 2022 සැප්තැම්බර් 09 Netflix Original Series විදිහට නිකුත් වුණා.මුළින්ම චිත්‍රපටියක් විදිහට නිර්මාණය කරන්න හිතාගෙන හිටියත් පැය දෙකකින් මේ කතාව කියන්න අමාරු නිසා කොටස් 06කින් සමන්විත කතාමාලාවක් විදිහට නිර්මාණය කළා කියලයි අධ්‍යක්ෂකතුමා සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ.

ඇත්තටම සත්‍ය සිදුවීම් ආශ්‍රිත වුණාට සත්‍ය කතාව මේ සීරියස් එකේ අඩංගුවෙන්නෙ නෑ.කතාමාලාවේ ජොං යෝ හන් කියන්නේ ඒ වෙනකොට සුරිනාමයේ කොකේන් රජ්ජුරුවෝ.තමන්ගේ යාලුවා ඉයුන්සු එක්ක කං ඉංගු සුරිනාමයට එන්නේ මඩු මාළු අපනයන ව්‍යාපාරයක් පටන්ගන්න.ඒත් නොහිතපු විදිහට කොරියාවට යවන මාළු අතරේ කොකේන් තිබිලා කං ඉංගුට මාස කීපයක් වැරදිකරු විදිහට හිරේ ලගින්න වෙනවා.හිර ගෙදර ඉන්නකොට එයාව මුණගැහෙන්න එනවා බුද්ධි සේවයේ නියෝජිතයෙක්.එයාගෙන් දැනගන්න ලැබෙනවා සුරිනාමයේ ඉන්න අතරේ එයාලා බලන්න ගියපු පල්ලියක් පවත්වාගෙන යන කොරියානු දේවගැතිවරයෙක් වෙන ජොං යෝ හන් තමා මේක පිටිපස්සේ ඉන්නෙ කියලා.ඒ වෙනකොට එයාට දැනගන්න ලැබෙනවා තමන්ගේ යාළුවාව මේ මනුස්සයා මරලා දාලා කියලා.ඒ නිසා හිරෙන් නිදහස් වෙලා ජොං යෝ හන්ව අල්ලාගන්න මෙහෙයුමට සම්බන්ධ වෙන්න කං ඉංගු තීරණය කරනවා.මෙතැන් ඉඳන් කතාවේ සිද්ධ වෙන්නෙ ව්‍යාපාරිකයෙක් විදිහට වෙස්වලාගෙන ඉන්න කං ඉංගු වටේ සිද්ධ වෙන සිදුවීම් දාමයයි.

මගේ මතය නම්  Cast එක, Story Line එක විශේෂයෙන් Production Quality එක, Action sense එහෙම හොඳටම තිබුණ කතාමාලාවක් තමයි මේක.පළවෙනි එපිසෝඩ් තුන ලොකු ගැටීමක් නැතිව ගලාගෙන ගියත් අන්තිම එපිසෝඩ් තුනේදී සුපිරි Gun Fight senses, Violence දර්ශන බලාගන්න පුළුවන්.වියදමට හරියන්නම කොලිටියට වැඩේ කරලා තියෙනවා.2022 අවුරුද්දේ නිකුත් වුණ තවත් සුපිරි සීරියස් එකක් කියලා බය නැතිවම කියන්න පුළුවන්.එහෙනම් උපසිරසිය බාගන්න ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න හොඳේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

10 comments

  1. Thanks machn …

  2. sub ekata thanks broo.Mega link eke episode 5 nahe broo.

  3. Thanks Ssahoo..

    Sadow adn Bone Season 2 wala sub denawada cineru eken..

  4. Sung Jin-Woo
    Cineru_users

    නියමයි. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට. මේකට සබ් එනකම් බලන්නැතුව හිටියෙ.

  5. thank you..😍

  6. laKMal
    Cineru_users

    සබට තෑන්ක්ස් බ්‍රෝ….

  7. laKMal
    Cineru_users

    මචං සබ් එක බාගන්න පුලුවන්.. ඒවුනාට ZIP ෆයිල් එක එක්සට්‍රැක් කරන්න බෑනේ.. මොකද්ද අවුල…

  8. Subtitle.eka English walin witharai play wenne .. sinhala walin nemei

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login