The title of the page
Naan Kadavul Illai (2023) Sinhala Subtitles
Naan Kadavul Illai (2023) Sinhala Subtitles
7.4
77

Naan Kadavul Illai (2023) Sinhala Subtitles | “මා දෙවියන් නොවේ” | සිංහල උපසිරැසි සමඟ

(Naan Kadavul Illai (2023) Sinhala Subtitles) (Naan Kadavul Illai Movie (2023) Sinhala Subtitles) (Naan Kadavul Illai (2023) Sinhala Sub) (Naan Kadavul Illai Sinhala Subtitles)

සුභ දවසක් ඔයාලා හැමෝටම.. ඔන්න අදත් සුපුරුදු විදිහට සමිත අයියා බාරදුන්නු ටැමිලක් අරගෙන ආව..

මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා නම් අහන්න එපා ඇ පොඩ්ඩක් පරණ පාටයි වගේ 🥲💔

Cast

Samuthirakani as Senthooran
Sakshi Agarwal as Leena
Saravanan as Veerappan
S. A. Chandrasekhar
Ineya
Yuvan Mayilsamy

කොහොම හරි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Samuthirakani

එයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන කරන නළුවෙක්.. කොහොම හරි මං නම් පොරව දකින්න ආස “තාත්තා” ගෙ චරිතයෙන්…2023 ආපු ශිවකාර්තියන්ගෙ Don ෆිලුම බැලුව නම් අන්තිමට මෙයා මුළු ඕඩියන්ස් එකම අඩවපු හැටි දකින්න ඇති 🥺❤️ ඒ තරම් ලස්සනයි ඇක්ටින් ❤️ හැබැයි ඔහොම ඇවිල්ල මේ ෆිලුමේ නම් එයාගේ වැඩ කොච්චර දුර‍ට සාර්ථකද කියලා නම් මට හිතාගන්න බෑ.. මේකෙදි පොඩ්ඩක් වැඩේ ඩාන් ඩූන් වෙලාද මන්දා.. ඒක ඔයාලම බලල තීරණය කරන්නකෝ..

මේකෙ විලන් ගැන කියනවා නම් Saravanan කියන නළුවා රංගනයෙන් දායක වෙන්නෙ.. පොර ගොඩක් දරුණු මිනීමරුවෙක් කියලා අපිට පැහැදිලි කරන්න ඩිරෙක්ටර් මාරම ගේමක් දීලා තිබුනා. වෙලාවකට හිතුනා ෆිල්ම් එකේ විලන්ට අනවශ්‍ය විදිහට පුම්බන්න හදල වැඩිදෝ මන්දා කියලා…

ගොඩක් පල්ලෙහා තිබ්බ මලයාලම් සිනමාව උඩට ඇවිල්ල දැන් තියෙන තැනයි ,
තැනකට ඇවිල්ල මේ ලොකු ලොකු වැඩ කරන උඩින්ම තියෙන දමිළ සිනමාවයි දෙක දිහා බලනකොට මේ ෆිලුම මොකක්ද කියලත් හිතුනා අප්පා.. කොහොම හරි හැමදේම තියෙන්නේ ඩිරෙක්ටර්ගෙ අතෙනේ..

දරුණු මිනීමරුවෙක් හිරෙන් නිදහස් වෙලා කරන මිනීමැරුම් මාලාවක් සහ මිනීමරුවව කොටු කරගන්න ලොකු පරිශ්‍රමයක් දරණ පොලිස් නිලධාරියේක්‌ වටා තමයි කතාව යන්නෙ…

මේ වගේ ෆිල්ම්ස් බලන ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ ෆිලුමත් බලන්න කියලා එහෙනම්..

අදට ගිහින් එන්නම්.. බුදුසරණයි.. ජේසු පිහිටයි.. ජයවේවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login