The title of the page
Mukunda 2014 Sinhala Sub
Mukunda 2014 Sinhala Sub
5.7
82

Mukunda (2014) Sinhala Subtitles | නොසැලී ඉදිරියටම යන තාරුණ්‍ය | සිංහල උපසිරැසි සමඟ

( Mukunda 2014 Sinhala Sub )ආයුබෝවන් යාලුවො හැමදෙනාටම..ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙම තෙලිඟු චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන ආවා.මේ චිත්‍රපටියට උපසිරැසි මෙතෙක් ලබා දීල නැති හන්දා ගොඩ දෙනෙක් ඉල්ලීම් කිරීමත් එක්ක තමයි මේ විදියට අරගෙන එන්න හිතුනේ.
චිත්‍රපටයෙ නම තමයි “Mukunda”.මේක 2014 වර්ශයේ තමයි තිරගත වෙලා තියෙන්නෙ.Drama | Action කාණ්ඩයට අයත් මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Srikanth Addala විසින්.ඉන්දියානු රුපියල් කෝටි 12.5 ක බොක්ස් ඔෆිස් ආදායමකුත් උපයගන්න සමත්කම් දක්වලා තියෙනවා.

චිත්‍රපටයෙ ප්‍රධාන නලුවා විසින් එක් වන්නෙ Mega Prince ලෙස හඳුන්වන වර්තමාන තෙලිඟු සිනමාවෙ බොහෝ දෙනෙක් ප්‍රිය කරන Varun Tej විසින්..ඉතින් වඩාත් සුවිශේෂී කාරණය කියන්නේ මේ චිත්‍රපටය හරහා තමයි වරුන් සිනමාවට පිවිසෙන්නෙ..ඉතින් මේ මෑතකදී ඔහු මේ චිත්‍රපටයටත් සමගාමීව තෙලිඟු සිනමාවට පිවිස ගත වූ වසර 5 සැමරුවා..

ප්‍රධාන නිලිය ලෙසින් එකතු වෙන්නෙ වර්තමාන තෙලිඟු සිනමාවේ බොහෝ දෙනෙක් ගේ ආදරය දිනාගත්තු සුරූපී නිලිය Pooja Hedge විසින්.ඇයත් රංගනයෙන් දායක වන දෙවන තෙලිඟු චිත්‍රපටය තමයි මේක.ඇය තෙලිඟු සිනමාවට පිවිසියෙත් මේ චිත්‍රපටයට මාස කිහිපයකට ඉහත තිරගත වුනු Oka Laila Kosam චිත්‍රපටය හරහා.

මීට අමතරව මේ චිත්‍රපටයෙ Rao Ramesh , Prakash Raj , Ali වගේ රංගන ශිල්පියොත් රංගනයෙන් දායක වෙනවා..

කතාව ගැන කියන්න කලින් මං පොඩ්ඩක් චිත්‍රපටයෙ අන්තර්ගත කොයි වගේද කියන්නම්.මේක වඩාත් නැඹුරු වෙලා තියෙන්නෙ තාරුණ්‍ය කොයි වගේ විය යුතුද යන්න සහ තාරුණ්‍ය ආශ්‍රිත කරුණු ගැන.ඒ වගේම දේශපාලන කරුණුත් ඇතුලත් මේ දවස් වල ලංකාවෙ තියෙන මැතිවරණය උණුසුමටත්  එක්ක හරි දේ දකින්න පුළුවන් වෙන අපූරු ජවනිකා වලින් මේක සමන්විතයි.

කතාව මෙහෙමයි..
හයිද්‍රාබාද් වලින් පිටත්වෙන බස් එකකට තරුණයෙක් නගිනව..ඒකෙදි එයාට එයගෙ ගමේ යාලුවෙක් සෙට් වෙනව..ඉතින් මේ දෙන්නට එක සීට් එකේ ඉන්න යාලුව ගාව හිටිය කෙනා යවන්න බය වෙන විදියෙ වැඩක් කරනව ඒ කොල්ලා.

යාලුව එක්ක කතා කරනකොට මෙයාලගෙ කතාව අතීතෙට යනවා.මෙයාලගෙ ගමේ අවුරුදු 25 ක ඉදන් නාගරික සභාපති විදියට ඉන්නෙ කෙනෙක් වගේ ම ගම පුරා තමන්ගේ ආධිපත්‍යය පතුරවගෙන ඉන්න කෙනෙක් එයා.ඉතින් මේ කතාවෙ නායකයා මුකුන්දා සහ එයාගෙ යාලුව අර්ජුන් ඇතුලු සෙට් එකට විරුද්ධව එන්නෙ මේ සභාපතිගෙ සෙට් එක.සභාපතිටයි, එයාගෙ මල්ලිටයි ලස්සන දූවරු දෙන්නෙකුත් ඉන්නව.

මීට වඩානම් කියන්න යන්නෙ නෑ..ඉතුරු හරිය ඔයාලම අරගෙන බලන්නකෝ.ඉතින් අපෙත් මේ මැතිවරණය කාලෙ ගෙවෙද්දි සමහරුන්ට දේශපාලන ගැන හිතාගෙන බැදගෙන් ඉන්න වෙස් මුහුනු ගලවන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත් මොක්ද මේ මරු කතා ටිකක් තියෙනව කියල 😁 එහෙනම් අරගෙනම බලන්න ඕව කියන්න ගිහින් කාගෙවත් හිත් රිද්දන්න ඕන නෑනෙ…

තවත් විශේෂ කාරණාවක් තියෙනව මේ උපසිරැසිය කරල තියෙන්නෙ දින කිහිපයකට ඉහතදී නිකුත් වුනු Telugu + Tamil + Hindi භාශා තුනම ඇතුලත්ව ආව පිටපතට.ඉතින් කරුණාකරල බලනකොට ඔර්ජිනල් “Telugu” ඕඩියෝ එකට මාරු කරගන්න.

ගිහින් එන්නම් ආයෙම තවත් අපූරු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන දිගටම රැදෙන්න සිනෙරූ එක්ක..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. නියම ෆිලුම සහෝ, බලලා ඉවර උනාට පස්සෙයි ඇවිත් මේ කොමෙන්ටුවක් දැම්මේ.

  2. Malith Sandeepa

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  3. Thanks sub ekata

  4. Tanx sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login