8.3
93

Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles | “ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි..” | සිංහල උපසිරැසි සමඟ

(Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitles) (Mudhal Nee Mudivum Nee (2022) Sinhala Sub)

මේ සැරේ අරගෙන ආවේ කට්ටිය අපෙන් ඉල්ලපු අලුත්ම අලුත් ලස්සනම ලස්සන දෙමළ ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ නම ” Mudhal Nee Mudivum Nee ”
( ප්‍රථමයත් නුඹයි.. අවසානයත් නුඹයි.. )

දර්බුක සිවා

කතාව ගැන කියන්න කලින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ.. එයාගේ නම ” දර්බුකා සිවා ” එයා මුලින්ම නළුවෙක්.. ” Rajathandhiram ” ” Thodari ” ” Mo ” මේ වගේ දෙමළ ෆිල්ම් වල එයා රඟපාලා තියෙනවා.. ඒත් ප්‍රධාන චරිතේ නෙවෙයි.. ඉතින් ඔන්න ඔහොම මෙයාගේ සිනමා ජිවිතේ ගෙවීගෙන යද්දී මෙයා එක පාරටම දනුෂ්ගේ ” Enai Noki Paayum Thota ” ෆිල්ම් එකට සංගීතය කරනවා.. ” Gautham Vaasudev Menon ” ගේ.. ඉතින් ඒ සිංදු ටික මිනිස්සු අතරේ මාර විදිහට ප්‍රසිද්ධ වෙනවා.. අද උනත් ඔයාලා YouTube එකට ගිහින් බැලුවොතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා.. ” Maruvaathai Pesadhey ” සහ ” Visiri ” කියන සිංදු දෙක ලොකු වීව්ස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා YouTube වල.. හරි ඔන්න ඔහොම ඉඳපු කෙනා.. අද එයාගේ මුල්ම සිනමා නිර්මාණය කරලා තියෙනවා අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ඒකෙත් සංගීතය එයාම තමයි.. ඇත්තටම මට විශ්වාස කරන්න බැරි උනා මේ ෆිල්ම් එක එයාගේ කිව්වම.. ඒ තරම් මේ ෆිල්ම් එක ලස්සනයි.. අලුත් අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්නම බැහැ ඒ තරම් මාරම ෆිල්ම් එකක් මේක.. ” දර්බුකා සිවා ” එක සම්මුඛ සාකච්ඡාවක කියනවා ” Gautham Vasudev Menon ” මගෙන් මේ ෆිල්ම් එක ඉල්ලුවා කියලා.. මම මේක කරන්නම් කියලා.. ඉතින් එතනින්ම ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන්නේ ?

හරි එහෙනම් කතාව ගැන පොඩියට ඔයාලට කියන්නම්..

මේ ෆිල්ම් එකේ තියෙන්නේ පාසල් කාලයේ සුන්දරත්වය ගැන.. පාසල් ප්‍රේමයේ සුන්දරත්වය තව පාසල් මිතුරන් එක්ක ගෙවුන කාලයේ සුන්දරත්වය.. ඒ වගේම පාසල් කාලයෙන් පස්සේ එයාලව මුණගැහුනම දැනෙන සතුට.. ඒ වගේ දේවල් තමයි..

ඊට අමතර මේ ෆිල්ම් එකේ ලස්සනම දේ තමයි.. ” ඒක නම් මාරම පණිවිඩයක් ජිවිත වලට ” අපි අපේ ජිවිතේ හරි තැනදී ගන්න ඕන තීරණ පරක්කු වෙලා ගත්තම හෝ හදිස්සියට වැරදි තීරණ ගත්තම.. අපේ ජිවිත වලට මොනවද වෙන්නේ.. අපේ ජිවිත වලට ඒවා කොච්චර බලපානවද කියලා ලස්සනට මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා..

මෙහෙම කිව්වට මේක දැනෙන්නේ නැහැ.. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක අරගෙන බලන්න.. රඟපාන අය අලුත් උනත් කිසිම අලුත් ගතියක් එයාලගෙන් දැනෙන්නේ නැහැ.. ඒ තරම් ලස්සනට එයාලා හැමෝම එයාලගේ චරිතය රඟපානවා..

හරි එහෙනම් අද ඉඳලා මේ ලස්සන ෆිල්ම් එක ඔයාලට බාරයි..

ෆිල්ම් එකේ ප්‍රධානම සිංදුවේ කොටසක් එක්ක එහෙනම් සමුගන්නම්..

 


“ප්‍රථමයත් නුඹයි… අවසානයත් නුඹයි”
“කාල තුනත් නුඹයි”
“සාගරය නුඹයි… වෙරළත් නුඹයි”
“සුළඟ පවා නුඹයි”
“හදවත තුල එක් තුවාලයක්”
“නුඹ ගැන නොසිතු දිනයක් නොමැත”
“මා විලසද මා නොමැත…”
“මාවත පුරා නොයෙක් රූපයන්”
“ඒ මා සැතපුණු උරහිසෙහි”
“නුඹ මෙන් කවුරුත් නොමැත…”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |3903|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


223
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. TThanks sub ekata

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    සබට ගොඩක් පින්
    නාරෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *