Mortal Kombat II (2026) Sinhala Subtitles
Mortal Kombat II (2026) Sinhala Subtitles
6.9
65
95

Mortal Kombat II (2026) Sinhala Subtitles | “ මරු කැඳවන සංග්‍රාමය ” | සිංහල උපසිරැසි සමඟ

(Mortal Kombat II (2026) Sinhala Subtitles) (Mortal Kombat II (2026) Sinhala Subtitle) (Mortal Kombat II (2026) Sinhala Sub)

කොහොමද කට්ටියට! ඔන්න කාලයක් තිස්සේ මඟබලාගෙන හිටපු ෆිල්ම් එකකට උපසිරැසි අරගෙනයි අද ආවේ. ගේම් ගහන, ඇක්ෂන් ෆිල්ම් බලන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම දන්න නමක් තමයි Mortal Kombat කියන්නේ.

2021 අවුරුද්දෙ ආපු පළවෙනි ෆිල්ම් එකට පස්සේ, කට්ටියම ඇඟිලි ගනිමින් හිටියේ දෙවෙනි එක එනකල්නේ.
ඔන්න ඉතින් 2026 අවුරුද්දේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් Mortal Kombat 2 ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනවා. මුලින්ම කියන්න ඕනේ, මේක නිකන්ම නිකන් ගුටි කෙළියක් නෙවෙයි, ලේ වතුර වෙන ජාතියේ පට්ටම ඇක්ෂන් ෆිල්ම් එකක්.

​කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, පෘථිවිය (Earthrealm) බේරගන්න අපේ සෙට් එකට ආයෙමත් සටන් කරන්න සිද්ධ වෙනවා. මේ පාර Outworld එකේ අධිරාජ්‍යයා වෙන Shao Kahn ගේ පැමිණීමත් එක්ක සටන තවත් දරුණු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි කලින් ෆිල්ම් එකේ අපි දැක්ක නැති සුපිරිම චරිත කිහිපයකුත් මේ පාර බලාගන්න පුළුවන්.
විශේෂයෙන්ම කට්ටියම ආස කරන Johnny Cage ගේ එන්ට්‍රි එක මේකේ තියෙනවා. එයාගේ අර සුපුරුදු විහිළු කතායි, දරුණු සටන් විලාසයයි ෆිල්ම් එකට මාරම ගැම්මක් එකතු කරනවා.

ඒ වගේම Kitana, Sindel, Baraka වගේ අලුත් චරිත ගොඩකුත් මේකට එකතු වෙලා තියෙනවා. Scorpion – Hanzo Hasashi සහ Sub-Zero – Bi-Han අතරේ තියෙන පරණ කෝන්තරයත් මේ පාර අලුත් විදිහකට බලාගන්න පුළුවන්.

​Mortal Kombat කිව්වම ඉතින් Fatalities ගැන කතා නොකරම බෑනේ. පළවෙනි ෆිල්ම් එකටත් වඩා මේ පාර ලේ හැලීම් සහ කුරිරු මරණීය දර්ශන උපරිමයෙන්ම තියෙනවා. ඒ නිසා පොඩි අයට නම් මේක කොහෙත්ම ගැලපෙන්නේ නෑ. 🙂

හරියටම කිව්වොත් මේක අමුම අමු R-Rated ෆිල්ම් එකක්. චරිතවල දෙබස් වලත් ඒ දරුණුකම තියෙනවා.

​දැනට ඇවිත් තියෙන මේ කැම් කොපියට පුළුවන් තරම් උපරිමයෙන් තමයි මේ උපසිරැසිය ගැහුවෙ. කොහොමහරි පුංචි පුංචි වැරදි අහු වුණොත් WEB කොපියක් එනකන් ඒවා ඉවසා වදාරන්න කියා ඉල්ලනවා.

Earthrealm බේරගන්න සටන දැන් පටන් අරන් තියෙන්නේ. ඉතින් එන්න, සටනට එකතු වෙන්න! 🔥✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login