The title of the page
Monster: The Jeffrey Dahmer Story (2022) Complete Season Sinhala Subtitles
Monster: The Jeffrey Dahmer Story (2022) Complete Season Sinhala Subtitles
5.2
50
94

Monster: The Jeffrey Dahmer Story (2022) Complete Season Sinhala Subtitles | දරුණු ඝාතකයාගෙ කතාව | සිංහල උපසිරැසි සමඟ

(Monster: The Jeffrey Dahmer Story (2022) Complete Season Sinhala Subtitles)

අද ඔයාලට අරගෙන ආවෙ මේ දවස්වල වැඩියෙන් කතාබහට ලක්වුන කතාමාලාවක්.මේකට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ හිටපු දරුණු ඝාතකයෙක් වෙච්ච ජෙෆ්රි ඩහ්මර් කියන පුද්ගලයා.

1960 මැයි 21 ඉපදුනු ජෙෆ්‍රි Milwaukee Cannibal සහ Milwaukee Monster කියලත් හදුන්වනවා. 1978 – 1991 අතර කාලෙදි මෙයා 17 දෙනෙක් ඝාතනය කරනව. එයාලට හිරිහැර කරනව. ඒව්වගේම එයාලගෙ අවයව තැන්පත් කරනව. සමහර අවයව ආහාරයට අරන් තියනව. මේ ඝාතකයා 1994 නොවැම්බර් 28 මිය යනවා.

මේ ඝාතකයා ගැන ගොඩක් චිත්‍රපටි වගේම කතාමාලාත් හැදුන. මේකත් ඒ වගේම සුපිරියක්. මේක Netflix ඉදිරිපත් කිරීමක්. රයන් මර්ෆිගෙ මේ කතාමාලාවෙ ජෙෆ්‍රි ඩහ්මර් විදියට රගපාන්නෙ Evan Peters. ඔයාලත් මේක බලන්න…

 

Monster : The Jeffrey Dhamer Story | S01 : E 02 | කරුණාකරල යන්න එපා

Dhamer කතාමාලාවෙ පලවෙනි කොටසෙදි Dhamer පුරුදු විදිහට තව ගොදුරක් අල්ල ගන්න ගිහින් වැඩ වැරදෙනව. පොලීසිය ඇවිත් එයාගෙ ගේ සම්පූර්ණයෙන් පරීක්ශාකරනව. හිතාගන්න බැරි ගොඩාක් දේවල් මේ ගෙදරින් හොයාගන්නව. මේ ගැන Dhamer ගෙ තාත්තට දැනුම් දෙනවත් එක්කම එයා පරීක්ශකවරු හම්බවෙනව. එතනදි කියන දේවල් එක්ක Dhamer කොච්චර හොද පුද්ගලයෙක් විදිහට හිටියද කියන එක පැහැදිලි වෙනව.

ඇත්තටම හොද කෙනෙක් වගේ සමාජයේ ජීවත් උන කෙනෙක් කොහොමද මෙහෙම ඝාතන කරන්න පෙලබෙන්නෙ. ඒ ගැන දෙවනි කොටසෙදි අපිට බලන්න පුලුවන්. Dhamer ගෙ කුඩා කාලෙ ඉදං මේ දේට හැඩ ගැහුන විදිහ අපිට මේ කොටසෙදි දකින්න පුලුවන්.

Monster : The Jeffrey Dahmer Story | S01 : E03 | ඝාතන ආරම්භය

Dhamer කතාමාලාවෙ දෙවනි කොටසෙදි එයාගෙ තාත්ත මැරිච්ච සත්තු ගරාජ් එකේදි කපලා නිරීක්ෂණය කරන කොට ඒ අත්දෑකීම් පුංචි Dhamer ට ලබා දෙන විදිහ සහ ඒවට එයා ඇලුම් කරන විදිහ බලාගන්න පුලුවන්. මොනයම් හෝ පෙර වැරදි නිසා තාත්ත එයා ලොකු උනාම ගෙදරට එන්න දෙන්නෑ… ඉස්සරහට තියන කොටස් වලින් ඒවට උත්තර හම්බවෙන්න පුලුවන්. ඒ නිසා එයා ආච්චිගෙ ගෙදර නවත්තනව. කාලයක් යනකොට එයාගෙ මහල් නිවාසෙදි වැඩ පටං අරං බාල වයස්කාරයෙක්වත් ඝාතනය කරනව.

Monster : The Jeffrey Dahmer Story | S01 : E04 | මතක පෙට්ටිය

Dahmar කතාමාලාවෙ තුන් වෙනි කොටසෙදි එයාගෙ අම්මට ගර්භනී කාලෙදි තිබුන ආතතිය වගේම ඒ කාලෙ ඉදන්ම Dahmer ගෙ දෙමව්පියන්ගෙ ඉවයක් නැති රන්ඩුත් බලන්න ඇති. Dahmer ගෙ තාත්ත එයාට කොහොම හරි කෙල්ලෙක් සෙට් කරන්න හැදුවත් වැඩේ හරියන්නෑ. සගරාවල කෙල්ලන්ගෙ පින්තූර බලලා හස්ත කර්මාන්තෙ යෙදුනත් පොරට ඒවට ආකර්ශනයක් නෑ. Dahmer ආකර්ශනය වෙන්නෙ කොල්ලන්ට. මොකද එයා සමලිංගිකයි. මේ නිසාම Dahmar ගෙ පලවෙනි මිනීමැරුම සිද්ද වෙන විදිහත් මේ කොටසෙදි දකින්න ඇති. ප්‍රසංගෙකට යන්න ලිෆ්ට් එකක් දෙනව කියල ගෙදර ගිහින් කොල්ලගෙ ඔලුවට ඩම්බල් පාරක් දෙනව. ඒත් මේක කරන්නෙ හිතල නෙමේ.

හතර වෙනි කොටසෙදි මෙයාගෙ වයස 12 – 25 කියන කාල අතර තුර වෙන සිද්දි තමා ගොඩක්ම බලන්න තියෙන්නෙ.

Monster : The Jeffrey Dahmer Story | S01 : E05 | මරණයෙන් ගැලවීම

Dhamer කතාමාලාවෙ හතරවෙනි කොටසෙදි තාත්ත ආයෙත් ගෙදර ආව. ඇත්තටම එයා හිතලා තිබිල නෑ අවු.16 කොල්ලෙක්ව ගෙදර තනියම දාල එයාගෙ අම්ම යයි කියල. ඉතිං Dhamer ගේ ජීවිතේ හදාගන්න තාත්ත එයාට උදව් කරනව. ඒත් ඒ කිසිම දේකින් වැඩක් වෙන්නෑ. හමුදාවෙනුත් පැනල ආපු Dhamer පස්සෙ ආච්චිගෙ ගෙදර නවතින්න ආව. එහෙදිත් හොදට ඉන්න හැදුවත් Dhamer කරන්නෙ කොයි වෙලාවෙත් ඔලුවෙ ඉදං නා ගන්න එක. Dhamer ගෙ පලවෙනි ලිංගික ඇසුර වගේම දෙවනි ඝාතනයත් ඒ කොටසෙදි බලාගන්න පුලුවන් උනා.

මේ කොටසෙදිත් අපිට හිතාගන්න බැරි විදිහෙ දේවල් ටිකක් Dhamer පාපොච්චාරනය කරනව. ඒ වගේම Dhamer ගෙ අතින් ඝාතනය උන අයට අමතරව ඝාතනවලින් බේරුන අයත් ඉන්නව. ඒ ගැන මේ කොටසෙදි බලාගන්න පුලුවන්.

Monster : The Jeffrey Dahmer Story | S01 : E06 | බිහිරි

Dhamer කතාමාලාවෙ පස්වෙනි කොටසෙදි බලාගන්න පුලුවන් උනා පත්තරෙන් විතරක් දැක්ක ඇස් දෙකට දැකලවත් නැති කොල්ලෙක්ගෙ අවමංගල්‍යකට Dhamer ගිහින් වල හාරල ගොඩ අරං මිනිය එක්ක නිදාගන්න උත්සහ කරනව.. ඒත් ඒක හරියන්නෑ..ඒත් එයා ආච්චිගෙ ගෙදෙට්ට කොල්ලන්ව අරන් ඇවිත් මත්ද්‍රවය එයාලට දීල වේදනාවක් නැති වෙන්න බෙල්ල කඩල මරලා දැම්ම. ඒ මරපු අයගෙන් විවිධ පරීකශන කරා. තාත්තටයි ආච්චිටයි මෙයාගෙ සීන් එක අහු නොවුනට Dhamer අතින් උන අතපසු වීමකින් එයාගෙ මේ වැඩේ අතවර කිරීමක් විදිහට එලියට පනිනව. එයා ඒකට හිරෙත් ගියා. පස්සෙ ආයෙ පුනරුත්තාපනය වෙලා එලියට ආව. ඒත් එයා වැඩ නවත්තයිද? අයියෝ නෑ… එයා ආයෙත් වැඩේට බහිනව.

කතාමාලාව පුරාම Dhamer ගෙ බොරු කියන හැකියාවනං මාරයි.. තැනට ගැලපෙන්න ලස්සනට බොරු ගොතනවා සහ කොල්ලන්ව ලස්සනට නම්මගන්නව. එහෙම නම්මගන්න කොල්ලෙක තමා ටෝනි. කලු ජාතික බිහිරි කෙනෙක් වෙච්ච මෙයා ඉන්නෙ නිරූපන ශිල්පියෙක් වෙන හීනෙ. ඒත් ඒ මැද්දට Dhamer එනවත් එක්ක එයාගෙ ජීවිතේ වෙනස් වෙනව.

Monster : The Jeffrey Dahmer Story | S01 : E07 | අසරණකමේ වේදනාව

Dhamer කතාමාලාවෙ 6වෙනි කොටසෙදි Dhamer ගෙ අහිංසක ගොදුරක් වුන ටෝනිගෙ ජීවිත කතාව තමා තියෙන්නෙ. උපතින්ම බිහිරි එයා ඒක බාධාවක් කරගන්නැතුව ජීවිතෙ ඉස්සරහට යන්න ලොකු උත්සහයක් දෙනව. නිරූපනශිල්පියෙක් වෙන්න ඕනි ආසාවට මැඩිසන් වලට එන ටෝනිට Dhamer ව මුන ගැහෙනව. Dhamer ගෙ පලවෙනි අවස්තාව අසාර්තක වෙනව වගේම Dhamer හිතපු නැති විදිහට ටෝනි එයාගෙ බොක්කෙ ෆිට් එකක් වෙනව. Dhamer ට යාලුවො හිටියෙ නැතිම තරම්. කොච්චර මෙයාලා බැදුනද කියනවනං Dhamer යාලුව ගැන තාත්තටත් කියනව. එයාගෙ ජීවිතේ වෙනස් වෙන්න එයත් හේතුවක් කියලයි එයා කියන්නෙ. යාලුවෙක් වගේම ටෝනි Dhamer ට හොද පෙම්වතෙක්. Dhamer ට හොද අවස්තාවක් ලැබුනත් එයා ඒ හැගීම් යටපත් කරගෙන යාලුකමට ඉඩ දෙනව. ඒත් එයාගෙ හොදම යාලුවා, පෙම්වතා තමන්ට ආයෙ හම්බවෙන එකක් නෑ කියන බයට ටෝනිව මරනව. Dhamer මේ ගැන පස්සෙ පසුතැව්නත් පරක්කු වැඩී. Dhamer ට වගේම ටෝනිගෙ පවුලටත් මේක දරාගන්න බෑ. එයාගෙ අතුරුදන් වීමෙන් එයාගෙ අම්මගෙ වේදනාව මේ කොටසෙදි imotional විදිහට පෙන්නනව. අවසානෙට පෙන්නනව හරි අමාරුවෙ මස් ජාතියක් කනව. කියන්න දෙයක් නෑ ඒ මැරිච්ච කෙනෙක්ගෙ ඒවම තමා. කන විදිහෙන් හිතාගන්න පුලුවන්.

අද කතාවෙ තියෙන්නෙ Dhamer ටත් නොදැනුවත්වම එයාගෙ ජීවිත කතාවෙ වැදගත් තැනක් ගත්ත කෙනෙක්. ඒ තමා අසල්වැසි ග්ලෙන්ඩා. මතක ඇතිනෙ දෙවනි කොටසෙදි ඇත්ත ග්ලෙන්ඩා පොලීසියට කෝල් කරපු විදිහ එහෙම ඒ කොටසෙ අවසානෙට තිබ්බ. ඉතිං මේ ග්ලෙන්ඩා Dhamer ගෙ කාමරෙන් ගදක් එන කාලෙ ඉදන්ම හරි සැලකිල්ලෙන් Dhamer දිහා බලාගෙන හිටිය. ඉතිං ඇය Dhamer ගේ ක්‍රියාවන්ට විරුද්දව ක්‍රියාකරන විදිහ සහ මේ දේවල් නිසා කරකියාගන්න දෙයක් නැතුව ඇයට ඇතිවන ආතතිය වගේම ඒ කාලෙ තිබ්බ වර්ණ බේදය ගැනත් අපිට මේ කොටසින් බලන්න පුලුවන්.

Monster : The Jeffrey Dahmer Story | S01 : E08 | පිය සෙනෙහස

Dhamer කතාමාලාවෙ 7 වෙනි කොටසෙදි ග්ලෙන්ඩට එහෙම නැත්තං Dhamer ගෙ අසල්වැසිය මේ ක්‍රියාකලාපයන්ට මුහුන දීපු විදිහ බලාගන්න පුලුවන්.මේ කොටස පටං ගන්නෙ Dhamer ට වැඩ වැරදෙන තැන ඉදං. Dhamer ව අල්ලගෙන යනකොට පොලීසියට මෙයා පලු යන්න බනිනව. මොකද ගොඩක් සැරයක් මෙයා පොලීසියට කතා කරලා උදව් ඉල්ලුවත් එයාල ගනං ගත්තෙ නෑ. මේකට හේතුව එකපාරක් පරීක්ශාකරන්න පොලීසිය ආවම Dhamer හොද කෙනෙක් වගේ දැක්ක නිසා ග්ලෙන්ඩා කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්නෑ . අනිත් දේ Dhamer සුදු ජාතිකයෙක් වගේම ග්ලෙන්ඩා කලු ජාතිකයෙක් වෙන එක. මේ කාලෙ වර්ණ බේදෙ සැරටම තිබ්බ කාලයක්. කලු ජාතිකයන්ව එයාල ගනං ගන්නෙ නෑ වැඩිය. මේ සිද්ධිය විමර්ශනයට ජැක්සන් කියන කලු ජාතික පුද්ගලයා එනවා. රටේ නමක් දිනාගත්ත බලයක් තියන කෙනෙක් නිසා මෙයාගෙ කීමට හැමෝම ගරු කරනව. ඉතිං මෙයා මේකට මැදිහත් වෙන්නෙ Dhamer මරල තියෙන්නෙ කලු හා දුබුරු වර්න හිමි පුද්ගලයන්ව නිසා. මෙයා පොලීසියටත් ලොකු සද්දයක් දාල ග්ලෙන්ඩව හම්බවෙන්න යනව. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තාමත් කට උත්තරයක් ගන්න පොලීසිය මෙයා ගාවට ඇවිල්ලා නැ. එහෙම තියෙද්දි එයාගෙ කතාව අහන්න තමන් ලෑස්තී කියල ජැක්සන් කියනව. මුලින්ම එයාට Dhamer ගෙ කාමරෙන් ගද ආපු හැටි එයා කොල්ලො අරන් එන විදිහ වගේම එයාල ආයෙ දකින්න නොලැබෙන එකෙන් මෙයා සැක හිතනව. රෑට Dhamer ගේ කාමරෙන් ඇහෙන කෑගහන සද්ද වගේම යන්ත්‍රවල සද්ද එක්ක එයා බය වෙනවා. එයාට මේක දරාගන්න බැරි වෙනවා. විශේශයෙන් අවු. 14 කොල්ලගෙ සීන් එකෙන්. එයා මේකෙදි ගොඩක් අසරනයි. ඒ නිසා එයා මහල් නිවාසෙ අයිති කාරයට මෙයාගෙ වැරදි කියනව. පස්සෙ දවස් 30 ක් Dhamer ට දෙනව ගෙවල් අස් කරගෙන එහෙන් යන්න. Dhamer දැනගන්නවා මේක පිටිපස්සෙ ඉන්නෙ ග්ලෙන්ඩා කියලා. ඒ නිසා සැන්ඩ්විච් එකකුත් හදාගෙන ග්ලෙන්ඩා ගාවට ගිහින් කොච්චර කියල නම්මගන්න හැදුවත් ග්ලෙන්ඩා Dhamer ට වඩා කපටි උනා. ගෙනාපු සැන්ඩ්විච් එකත් කවන්න හැදුවට ඒක ග්ලෙන්ඩා කන්න කැමති උනේ නෑ . බලන අයට මේකෙ තියෙන්නෙ මිනීමස් කියල අගවන්න ගොඩක් උත්සහ කරනව. ඒ අතර කාලෙදි තමා Dhamer ගෙ වැඩ වැරදෙන්නෙ.

Dhamer ගෙ තාත්තා තමා ලයනල් ඩහ්මර්. පුතෙක් මේවගේ දෙයක් කලාම තාත්ත කෙනෙක් කොහොම දරාගනීද? මේ කොටසෙදි ඒ ගැන බලාගන්න පුලුවන්. මිනීමරුවෙක් උනත් ඒ තමන්ගෙම පුතා. ඒ නිසා එයාව හිරෙන් නිදහස් කරන්න ලොකු ගේමක් දෙනවා.

Monster : The Jeffrey Dahmer Story | S01 : E09 | Dhamer සහ රසිකයෝ

Dhamer කතාමාලාවෙ 8 වෙනි කොටසෙදි Dhamer ගේ තාත්තා එයාව හම්බවෙනවා. එයාගෙන් අහනව මේකට මුල මොකද්ද කියල. එතකොට එයා පොඩි කාලෙදි සත්තු ගෙනත් කපපු හැටි මතක් කරනවා.. මේකට ලයනල් ඩහ්මර් ට ගොඩක් දුකයි. එයාද මේ මෘගයව හදල තියෙන්නෙ කියල තමන්පිට වරදකාරී හැගීමක් එයා හදාගන්නවා. එත් තමන්ගෙ වගේම පෙනීත් මේකට වගකියන්න ඕනි කියල එයා විශ්වාස කරනව. පෙනී කියන්නෙ ඩහ්මර්ගෙ අම්මා.ඩහ්මර් ව බේරගන්න කොච්චර උත්සහ කලත් ඒවට සහයෝගයක් ඩහ්මර් දෙන්නෑ. මොකද දැං එයා වරද තේරුම් අරන් ඒකට දඩුවම් විදින්න ලෑස්තිපිට ඉන්නෙ. එයාට ජීවිතාන්තය දක්වා හිරගෙට අච්චුව වදිනවා. මෙතනදි පෙනී නැත්තං ඩහ්මර් ගෙ අම්මා එයාව දාලා ගියත් තමංගෙ පුතාව බේරගන්න නිහඩ උත්සහයක යෙදුනත් අසාර්තක වෙනවා. එයා සියදිවි නසාගන්න හැදුවත් ඒක හරියන්නෑ. ඩහ්මර් වැරදි හැමෝම ඉදිරියෙ පිලිගන්නව. ඒ අතරෙ එයාගෙ තාත්තා පොතක් ලියනව ඩහ්මර් ගැන.

මේ කොටසෙදි ඩහ්මර්ට එයාගෙ රසිකයො ලියුම් එවන්න පටං ගන්නවා. සමහර අයගෙ ආසම චරිතයක් වෙලා. මෙයා ගැන කොමික් පොත් පවා හදන්න පටං අරං. ඒ අතරෙ ඩහ්මර් හිර ගෙදරදි අනිත් හිර කාරයන්ට ආතල් දෙන්න පටං ගන්නවා. ඒව හැබැයි අනිත් අයටනං එච්චර අල්ලන්නෑ..

Monster : The Jeffrey Dahmer Story | S01 : E10 | Dhamer ගේ අවසානය

Dhamer කතාමාලාවෙ 9වෙනි කොටසෙදි Dhamer හිරේට ගියාට පස්සෙ හිර ගෙදර යාලුවො වැඩිය ඇති උනේ නැතුවට හිරගෙදරට පිටිං එයාට ආස කරන රසිකයො හිටිය. එයාල Dhamer ට ලියුම් එවනව වගේම ඒවට උත්තර යවන්නත් Dhamer අමතක කලේ නෑ. ඒ අස්සෙ හිරකාරයන්ට ඩහ්මර් ආතල් දෙනවා. ඒත් මේවා අනිත් අයට සෙට් වෙන්නෑ..කතාමාලාවෙ හැමවෙලේම ඇහෙන Sound track එක මොකද්ද කියල මේ කොටසෙදි බලාගන්න ඇති. ඒ තල්මස්සුන්ගෙ හඩ. ඒ හඩට ඩහ්මර් කැමතී. නිදාගන්න යනකොට මේ සද්දෙ අහන්න ආස උනත් අනිත් අයනං මේකට කැමති නැති වෙනවා. ඩහ්මර් ගැන කොමික් පොත් පලවෙනව. ඒත් මේක වින්දිතයන්ගෙ පවුල් වලට හිසරදයක්. මොකද ඩහ්මර්ව මේකෙන් වීරයෙක් වගේ පෙනෙයි කියල. ලයනල් ඩහ්මර් පොතක් ලියල විකුනන්න හදනකොට උසාවි නියෝගයක් එනවා ඒකෙන් හම්බවෙන සියලු මුදල් වින්දිත පවුල් වලට බෙදන්න ඕනි කියල. ඒ වගේම ඩහ්මර්ගෙ බඩු බාහිර වෙන්දේසි කරල ඒවයින් එන සල්ලිත් ඒ පවුල් වලට බෙදන්න කියනව. ඩහ්මර්ගෙන් අන්තිම ගොදුර බේර ගත්ත නිලධාරීන් දෙන්නටයි ග්ලෙන්ඩටයි උපහාර ලැබෙනව. අන්තිමට ඩහ්මර් හිරේ ඇතුලෙම ඉන්න හිරකාරයෙක්ගෙන් උල් පාරක් කනවා. ඒත් එයාට තුවාලයක් විතරයි වෙන්නෙ.

අද කොටසෙන් මේ කතාමාලාව අවසන් වෙනවා. මිනිස්සු තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙ ආව කියල තේරුම් ගත්තම එයාල පිනට දහමට ලැදි වෙනව. ඩහ්මරුත් ඒ විදිහට දෙවියන් විශ්වාස කරන්න ගන්නව. බෞතීස්ම වෙන්නත් එයා අවසර ඉල්ලනව. ඇත්තටම අවසානෙ එයා හොද කෙනෙක් උනා කියල හිතනව. ඒත් කර්මය කියලා දේකුත් තියනව. ඩහ්මර්ගෙ අවසානය වගේම එතනින් පස්සෙ ඇතිවෙච්ච ගැටලුත් මේ කොටසෙදි අවසානෙදි ඔයාලට බලාගන්න පුලුවන්. තවත් උපසිරැසකින් හම්බවෙමු..

සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

8 comments

  1. Thank you 💕😊💕😊😊

  2. Thank ,ලොකු දෙයක් ඔක්කොම එකවැර

  3. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    ජයවේවා…෴!
    😊👍

  4. thank you very much…………

  5. ado thank bokka

  6. සබ් එකට ස්තූතියි. Snowpiercer අලුත් සීසන් එකට සබ් කරන්න එහෙම හිතක් නැද්ද😢

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login