The title of the page
Momo In Dubai Sinhala Subtitle
Momo In Dubai Sinhala Subtitle
7.3
95

Momo In Dubai (2023) Sinhala Subtitles | “ඩුබායි ගිය මෝමෝ” | සිංහල උපසිරැසි සමඟ

(Momo In Dubai (2023) Sinhala Subtitles) (Momo In Dubai (2023) Sinhala Subtitle) (Momo In Dubai (2023) Sinhala Sub) (Momo In Dubai Sinhala Subtitle) (Momo In Dubai Sinhala Sub)

Momo in Dubai (2023) ඩුබායි ගිය මෝමෝ

Momo in Dubai | മോമോ ഇൻ ദുബായ് (2023) - Mallu Release | Watch Malayalam Full Movies

මලයාලම් ෆෑන්ස්ලා කාටත් සුභ දවසක් වේවා කියන ගමන් අදත් මම අළුත් වගේම ලස්සන ෆිල්ම් එකකුත් අරන් තමයි ඔයාලව හම්බෙන්න ආවෙ. අටවෙනි සබ් එක තමයි “මෝමෝ ඉන් ඩුබායි” ෆිල්ම් එකත් එක්ක අරන් ආවෙ. සබ් එකකින් අපි හරිම ලේසියෙන් ෆිල්ම් එකක් බැලුවට සබ්ටයිටල් එකක් හදනව කියන්නෙ කොච්චර අමාරු වැඩක්ද කියල මට තේරුණේ සබ් හදන්න ගත්තට පස්සෙයි. ඒක නිසා සබ්ටයිටල් හදන ඔක්කොටම ස්තුතීවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. ඒ වගේම සිනෙරූ ඇඩ්මින් කණ්ඩායමටත් ස්තුතිවන්ත වෙනවා මට අවස්තාවක් ලබා දීම සම්බන්ධයෙන්.

IMDB දර්ශකයේ 7.3 ලබා ගන්න සමත් වුණු ගූගල් පරිශීලක මනාප 95% ලබා ගන්න පුලුවන් වුන ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. මම දන්න තරමින් අළුත් අධ්‍යක්ෂක වරයෙක් වන අමීන් අස්ලාම් ගෙ කුළුදුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒ වගේම සක්කරියා ( වයිරස් -2019 ෆිල්ම් එකේ සක්කරියා කියන පලවෙනි නීපා රෝගියාගෙ චරිතය කරන පුද්ගලයා) තමයි චිත්‍රපටියේ තිර රචනය කරල තියෙන්නේ රංගනයෙන් දායක වෙන්නෙ අනූ සිතාර (මගේනම් ක්‍රශ් එකක්) , ජොනී ඇන්ටනී ,අනීශ් මෙනොන් වගේ නළු නිළියන්.

චිත්‍රපටියේ කතාව ගැන කියනවනම් මොමෝ කියන අපේ කතා නායකය ඩුබායි වල තියන බර්ජ් කලීෆා කුළුණ දකින්න තියන ආශාවත් එක්ක තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෝමෝ ගෙ තාත්තා( මුත්තූට්ටි) රැකියාව කරන්නෙ ගල්ෆ් නැත්තම් ලංකාවෙ විදියට මැදපෙරදිග ඔහුගේ පියාට ඉන්දියාවට නිවාඩුවට එන්න නොලැබීමත් ඉන් පසුව මොමෝ සහ ඔහුගේ අනිත් අයට පියාව බැලීම සඳහා ඩුබායි යන්න ලැබීමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ. එහෙනම් ඉතින් මොමෝ ට ඩුබායි ගිහින් බර්ජ් කලීෆා බලන්න පුළුවන් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. ළමයින් මූලික කර ගත්තු තේමාවකින් ගොඩ නැගුනත් වැඩිහිටියන්ටත් ගන්න පුළුවන් ගොඩක් ආදර්ශ මේ ච්ත්‍රපටියේ අඩංගුයි. ඒ වගේම කියන්න ඕන චිත්‍රපටියේ ලස්සන ගීත කීපයකුත් අඩංගු වෙනවා. පැයකුත් විනාඩි තිස් හතක කාලයක් මලයාලම් රහ හොඳට දැනෙන ලස්සන හැඟීම් සමඟ ගලාගෙන යන ෆිල්ම් එකක් බලන්න කියල මම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.

බායි…….!   

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

6 comments

  1. සබට ස්තූතියි.

  2. Sub ekt thanks bro. Tovino ge aluth ektath sub ek dennko .Neelavelicham movie eka

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. හේමන්ත

    ස්තුතියි ගිහාන්…
    ස්තුතියි සිනෙරූ…

  5. Kasun Widusha
    Cineru_users

    Neelavelicham movie ekata sub dendakooo

  6. Ayisha movie ekata sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login