John Wick 4 Sinhala Subtitle
John Wick 4 Sinhala Subtitle
8.2
94
95

John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | “ජොනතන් වික්” | සිංහල උපසිරැසි සමඟ

(John Wick: Chapter 4 (2023) Sinhala Subtitles) (John Wick: Chapter 4 (2023) Sinhala Sub) (John Wick 4 (2023) Sinhala Subtitles) (John Wick 4 (2023) Sinhala Sub) (John Wick 4 (2023) Sinhala Subtitle)

John Wick – මේ දවස්වල සිනමාවේදීන් අතර වැඩියෙන් කතාබහ වෙන මාතෘකාවක්. ආදායම් වාර්තා තබමින් ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වෙන John Wick: Chapter 4 ත්‍රාසය පිරි චිත්‍රපටයක්.

මුලින් ම කියන්න ඕනෙ, John Wick කියන්නේ නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි, මේ Johnathan නම් පුද්ගලයා නිදහස පතා කරන අරගලයක්. කතා මාලාවේ පළමු චිත්‍රපටයේ දී (John Wick 2014) “Job” එකෙන් විශ්‍රාම ගන්නා Johnව නැවත ඒ සමාජයටම ආයෙ ඇදල ගන්නවා. ඒකත් Godfather: Part IIIහි Michael Corleone කිව්වා වගේ, “Just when I thought I was out, they pull me back in”.

මේ Johnගේ චරිතය ටිකක් Clint Eastwood ගේ Dirty Harry වගේ. System එක ඇතුළෙ ඉද ගෙන එකෙ තියෙන දුර්වල තැන් පෙන්වා දෙනවා. මේ ක්‍රියා අතරතුර ඔහුට වාරණ වලට යටත් වෙන්න සිදු වෙනවා.  Wick භාෂාවෙන් කියනවා නම් ඔහු “excommunicado”කෙනෙක් වෙනවා. නමුත් ඔහු වැඩ නවත්තන්නේ නෑ.

අවුරුදු 4ක නිහැඬියාවකින් පසු John Wick: Chapter 4 තිරගත වෙන්නේ පැය 2 විනාඩි 49ක් පුරා දිවෙන ප්‍රචණ්ඩත්වය පිරුණ කතාවක් සමගින්. Wick චිත්‍රපටයක රසිකයා බලාපොරොත්තු වෙන stunt choreography ප්‍රමිතියක් තියෙනවා. මේ ප්‍රමිතිය බිහි වීමේ රහස තමයි, චිත්‍රපටයේ අධ්‍යක්ෂක Chad Stahelski තම සිනමා දිවිය ආරම්භ කරන්නේ stunt actor කෙනෙක් විදියට. The Matrixහි Keanu Reevesගේ stunt double ලෙස ද ඔහු කටයුතු කළා. එක අතකින් බැලුවම ධාවනය වන වාහනවලට විසි වෙන මිනිස්සු, Sacré-Coeur හි පඩි පෙළ දිගේ පහලට වැටෙන Reevesගේ stunt doubleව දකින එකත් විනෝදයක්. චිත්‍රපටයේ ඇතුළත් දීර්ඝ combat scene තුළින් පෙනී යනවා මේ action maestro කෙනෙකුගේ වැඩක් බව. Johnගේ ජපානයේ මිතුරා Shimazu ලෙස Hiroyuki Sanada ද, German mob boss Killa ලෙස double-sized Scott Adkins ද, Blind assassin Caine ලෙස Donnie Yen ද රංගන දායකත්වය ලබා දෙන මේ චිත්‍රපටයේ action ගැන ඉතින් අහන්න දෙයක් නෑ. Production designer Kevin Kavanaugh තම ප්‍රියතම neon tube structure වර්ණ රටා තුළින් චිත්‍රපටයේ අඳුරු තේමාවට නව පණක් දෙනවා.

John Wick: Chapter 4 බලපු මට මතකයට ආපු තවත් චිත්‍රපටයක් තමයි Sergio Leone අධ්‍යක්ෂණය කළ For a Few Dollars More(1965). අසුන් පිට යාම, Caineගේ සාක්කු ඔරලෝසුව, හිරු නැගෙන හෝරාවේ පවත්වන ද්වන්ද සටන් ඇතුළත් John Wick 4, Western චිත්‍රපටයක් ලෙසත් කෙනෙක් දකින්න පුළුවන්. Tyler Bates හා Joel J. Richard ගේ සංගීතය චිත්‍රපටයේ දර්ශන වඩාත් ඉස්මතු කරන්නට සමත් වෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් අඩු වුනත් Clint Eastwoodගේ “yeah” වගේ Keanu Reevesගේත් සුවිශේෂී “yeah” උච්චාරණය Wick රසිකයින් හඳුනා ගනීවි.

Wickගේ ලෝකය අපි ජීවත් වෙන ලෝකයේ ම විකෘති වූ සෙවණැල්ලක් වගේ. මේ ලෝකයේ ප්‍රචණ්ඩත්වය නිරූපණය කරන්නේ වෙනස් ම විදියකට. උදාහරණයක් ගත්තොත්, Arc de Triomphe දී ගණන් කරන්නට බැරි තරම් පිරිසක් සමග John සටන් කරන අවස්ථාවේ දී කිසිදු ආරක්ෂක නිලධාරියෙකු හෝ වාහන නවතා බලා සිටින්නන් හෝ දකින්නට නෑ. මෙයින් මට හැඟුණේ මේ High Table ඇතුළු Johnගේ සමාජය පිටත ලෝකයට නො පෙනෙන හෝ ඔවුන්ට නො හැඟෙන සමාජයක් බවයි. John Wick: Chapter 4හි මම දැකපු විශේෂ visual tricks අතරින් එකක්.

“Wick genre” එකට ආවේණික බොහෝ කරුණු Chapter 4හි ද දකින්න පුළුවන්. විවිධාකාර ආයුධ, පච්ච කොටපු සහචරයන්, muscle cars, night clubs, තියුණු පැන්සල් සහ බල්ලෙක් ප්‍රේක්ෂකයාව අලුත් ම කලාවකට පිනවනවා. Johnගේ පැරණි මිතුරන් වන Bowery King (Laurence Fishburne), Winston (Ian McShane), සහ Charon (ළඟදී අප අතරින් වෙන් වුන Lance Reddick) ගේ ආගමනය රසික ආකර්ෂණය දිනා ගන්නට සමත් වෙනවා.

මට පෙනුණ විදියට John Wick මේ චිත්‍රපටයේ දී තම නිදහස දිනා ගන්නවා. ඒත් මේ මිනිසා නිදහස ලබයි ද? චිත්‍රපටයේ දී Marquis (Bill Skarsgård) කියනවා වගේ “There is no John out there. No happy man with a normal life. There is only John Wick: The Killer”…

ඔබට ජය🙏

උපසිරැසි ගැන්වීම : සමිත රමේෂ්
ලිපි සැකසුම : ගයාත්මි සනුදිනී කාරියප්පෙරුම✍️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |23538|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


207
Total Subtitles

35 comments

  1. Sulakshana Konara

    ආයෙ ඉතිං සුපිරි බොසා 🖤

  2. තෑන්ක්ස් සගෝ😍❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Fast ……Fast ……Fast ……
    Thanks ….Thanks ….Thanks ….

  4. supriyak thama.thanks

  5. Louella Jamil Harris

    thanks brother

  6. dilshan dilranga

    Thanks Machoooooo

  7. Thank machan sirana සුපිරි bn film ekath methanimma ganna පුළුවන් one karana qulity ekata thank machan

  8. Thanks brother

  9. Ude bala sub aka anakan hitiye thank you sub akata

  10. Thanks for the subtitles.keep it up

  11. Thank you 😊

  12. Thank you Sub ekata.❤

  13. Sanjeewa Malith

    Supiriyak thank u subtitles akata ❤🔥❤🔥

  14. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  15. Mchn me sub yts eke 1080 p 3gb copyata set wenawada

    • Peter Barthelot
      Cineru Family Member

      සෙට් වෙයි , නමුත් අපි චෙක් කරල නෑ

  16. Thanks brother …🙏🙏🙏jaya wewa ❤️❤️❤️

  17. Thank you wewa!

  18. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  20. e wachana tika lassanata galapala tyenawa wagema, godak sathutui parana movies tawamat matakayata geena ekata. bohoma sthuthi subtitle ekata, issarahatat kiyawaddi aasa hitena wdiye lipiyakut ekka. tawat sub karanna kiyala illanawa

  21. Thanks brother

  22. Thnx bro…Great job…Good luck….

  23. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  24. gmmc tma collo

  25. තෑන්ක්ස් අයියා ❤️

  26. Sakra 2023 sub eka diyan ko

  27. ගොඩාක් ස්තූතියි සහෝ

  28. Thanks Brother….😍😍😍

  29. Machan Arnold Schwarzenegger fubar Tv series sinhala sub hadala gahamko bn ikmanta watinawa

  30. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    The Fist of the Condor (2023)

  31. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
    ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *