The title of the page
Mission Impossible Dead Reckoning Part One Sinhala Subtitle
Mission Impossible Dead Reckoning Part One Sinhala Subtitle
7.9
96
94

Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | “ඊතන් හන්ට් නැවතත් මෙහෙයුමේ..!!” | සිංහල උපසිරැසි සමඟ

(Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles) (Mission: Impossible – Dead Reckoning (Part One (2023) Sinhala Subtitle) (Mission Impossible  Dead Reckoning Part One Sinhala Subtitle) (Mission Impossible Sinhala Subtitle) (Mission Impossible 07 Sinhala Subtitle) (Mission Impossible 7 Sinhala Subtitle)

කොහොමද කට්ටිය අදත් සුපුරුදු විදිහට මං අති සුපිරි ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. වෙනදා වගේම කැම් පිටපතට සබ් එක කල්තියා කරලා තියාගත්ත නිසා තමයි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ.

හොඳයි අද මං ගෙනාවේ වෙන එකක් නෙවෙයි ඔයාලා එනකල්ම බලාගෙන හිටපු Tom Cruiseගේ Mission Impossible – Dead Reckoning Part One.

2022දී හොලිවුඩයේ  සාර්ථකම තරුව වුණ Tom Cruise, “Top Gun: Maverick” සිනමාපටයෙන් ලෝකය වසඟයට අරන් ඇමරිකානු ඩොලර් බිලියන $1.4ක ආදායමක් හොයාගන්නවා. ඉන් අවුරුද්දකට පස්සේ Tom Cruise සුපුරුදු ජවසම්පන්න රංගනයත් එක්ක ජනප්‍රිය “Mission Impossible” චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය “Dead Reckoning: Part One” එක්ක ආයෙත් කරළියට එනවා.


අපි Mission Impossible මාලාවේ ඉතිහාසය ගැන මුලින්ම ටිකක් බලමු.
 
1966දී Bruce Gellerගේ රචනයෙන් නිර්මාණය වුණ Mission Impossible, එපිසෝඩ් 171කින් සමන්විත කතාමාලාව CBS නාළිකාව හරහා විකාශය වුණා අතර පසු කාලයක Mission Impossible vs. the Mob නමින් චිත්‍රපටියක්ද නිකුත්වුණා.Tom Cruiseගේ Mission Impossible මාලාව ආරම්භ වුණේ 1996දී ඒ Ethan Hunt ප්‍රධාන චරිතයෙන්. ඒවා නම් වශයෙන් බැලුවොත්,

1. Mission: Impossible (1996)
2. Mission: Impossible 2 (2000)
3. Mission: Impossible III (2006)
4. Mission: Impossible – Ghost Protocol (2011)
5. Mission: Impossible – Rogue Nation (2015)
6. Mission: Impossible – Fallout (2018)
7. Mission: Impossible – Dead Reckoning Part One (2023)

එතකොට මේ අද ආව Mission: Impossible – Dead Reckoning චිත්‍රපටිය කොටස් දෙකකට තමා නිකුත්වෙන්නේ. දෙවනි කොටස 2024දී නිකුත්වෙන්න දැනට නියමිතවෙලා තියෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Mission: Impossible – Rogue Nation (2015), Mission: Impossible – Fallout (2018) කියන චිත්‍රපටි 2ත් අධ්‍යක්ෂණය කරපු Christopher McQuarrie. Tom Cruise හා McQuarrie එකතුවෙන් නිෂ්පාදනය වුණ චිත්‍රපටිය බෙදාහැරීම් කරන්නේ Paramount Pictures හරහා.

Tom Cruiseට අමතරව Hayley Atwell (ග්‍රේස්), Ving Rhames (ලූතර්), Simon Pegg (බෙන්ජි), Rebecca Ferguson (ඉල්සා), Esai Morales (ගේබ්‍රියල්) සහ තවත් නලු නිළියන් රැසක් මෙහි රංඟනයෙන් දායාකත්වය සපයනවා.

Dead Reckoning: Part One තුළින් Tom Cruise තමන්ගේ ජවසම්පන්න රංගනය අපිට පෙන්නන්නේ ඇස් අදහාගන්න බැරි දර්ශනත් එක්ක. ඔයාලා දැනටමත් දන්නවා ඇති චිත්‍රපටියේ එක දර්ශනයක් තියෙනවා බයික් එකත් එක්කම කන්දකින් පහළට පනින එකක්. ඒක ඉතින් අපේ Tom Cruiseම කරපු කතාවත් දන්නවා ඇති සමහරු. ඉතින් ඒකම මදිදි Tom Cruiseගේ ගැම්ම පෙන්වන්න. මොකද Tom Cruise කියන්නේ දැන් තරුණයෙක් නෙවෙයි. වයස අවුරුදු 61ක පුද්ගලයෙක්. ඒවගේම McQuarrie නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ලස්සන රුප මවන්නට සමත්වෙලා තියෙනවා. CIG උපයෝගී කරගෙන තියෙන්නෙත් හුඟක් අඩුවෙන්. කොහොමහරි අවසානෙක කියන්න තියෙන්නේ මඟෑරගන්නේ නැතුව අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ.

ෆිල්ම් එක ගැන කතා කරොත්, ස්පොයිල් වෙන නිසා මං  ස්ටෝරිය නොකියා ඉන්නම්. ඔයාලම අරගෙන ත්‍රාසජනක අත්දැකීමක් ගන්න.

එහෙනම් පහළින් සබ් එකයි ෆිල්ම් එකයි දෙකම අරගෙන අනිවාරෙන්ම කමෙන්ට් එකකුත් දාගෙන යන්න අපිට ඒක ලොකු හයියක්.
අලුත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජය…!!!

…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

26 comments

  1. godak sthuthi sub ekata

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ammo ..aapugaman mulinma sub deela …
    Kiyanna wachana nehe..Api wenuwen nomile karana
    me sevayata godakma pinsiduwewa….
    Niduk nirogi weewa…..!!!!!

  3. rajitha shalinda

    thnaks saho sub ekat

  4. Thank you very much….

  5. MEKA DOWNLOD KARANNA DENNE NENE

    • VPN on කරගෙන ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දීලා තියෙන්නේ..

  6. චූටි කිටියා 🥰🥰

    Nowhere 2023 netflix film ekata sub dennako 👍🥊❤️❤️❤️supiri ✌️

  7. sub ekata very thanks

  8. Kalderama Youtube Channel

    ‘ Theodosia ‘ Tv Serious 1kth Cineru akenma gennako

  9. Thank you very much….

  10. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Supun Sadeepa

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Faaaaaast update…
    Godaaaaak thanks……..!

  12. Thank u subtitles akata ❤❤❤🔥

  13. Wow thx bro ❤️‍🔥❤️‍🔥

  14. dey ceyption cey ekak illanawa 800mb mega download karanna yaddi

  15. thanks sub ekata 😊❤️

  16. Video copy HC video copy deke wenasa mokakda?

    • HC එකට සිංහල සබ් එක ඇඩ් කරලා තියෙන්නේ..ටීවි එකෙන් එහෙම බලන්න පුලුවන්..

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Expend4bles (2023)……….?

  17. Thanks Brother….❤

  18. supiriyata sub eka karala thibba🔥👌

  19. බොහෝම ස්තූති ඔබට … 👍👍👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login