The title of the page
Missing: The Other Side (2020) E12 Sinhala Subtitles
Missing: The Other Side (2020) E12 Sinhala Subtitles
98

Missing: The Other Side (2020) E12 Sinhala Subtitles | ද්‍යොන් ගමට ආයුබෝවන්! | සිංහල උපසිරැසි සමඟ

2020 අගෝස්තු 29 ආරම්භවුනු මේ කතාව,සතිඅන්තයේ රෑ 10.50ට OCN නාලිකාව මගින් විකාශය වුනා.කොටස් 12 සමන්විත කතාව පසුගිය ඔක්තෝම්බර් මාසයේ 11 වෙනිදයින් අවසාන වුනා.කොරියන් ප්රේක්ෂකයින් අතරින් වැඩිම rating එකක් මේ අවසාන එපියට හිමිවුනා .සමස්තයක් ලෙස මේ කතාව 2020 වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වුනු(underrated) drama එක කියලත් කියනවා.ඒකට ප්රධාන හේතුව වෙන්නේ,මෑතකාලීනව ජනප්රිය රංගන ශිල්පීන්ගේ එකම මුහුනක්වත් මෙහි නොතිබීමයි.නමුත් මෙහි ප්රාධාන නලු දිත්වයම ක්ශේතයේ වැඩි කාලයක් සිටි,පරිණත රංගන ශිල්පීන් දෙපලක්.

විශේෂයෙන්ම මෙහි ජන්ග් මාමාගේ චරිතයට පණපොවපු,Heo Joon Ho මහතා 1986 සිට මේ දක්වාම චිත්රපට සදහා රංගනයෙන් දායක වනවා.ඒ ගමනේදී, සම්මාන නිර්දේශ 16 කටද,ඒ අතුරින් ජයග්රහණ 11 ක්ද හිමි කරගෙන තිබෙනවා.ඔහු රගපෑ Simido චිත්රපටයට Grand Bell සම්මානය පවා හිමිවීම විශේෂත්වයක්.ඒ වගේම මෙහි Kim Wook චරිතය රගපෑ Go Soo ද,1999සිට මේ දක්වා කතාමාල රැසකටත්,2004 සිට චිත්රපට රැසකටත්,1998 සිට muic video රැසකටත් පෙනීසිට තිබෙනවා.ඔහුගේ කතාමාලා අතරින්,Piano,Green Rose,Willing snowfor christmas සහ චිත්රපට අතරින් White Night,The front Line අමතක නොවන රංගනයක් ඉදිරිපත් කල නිර්මාණ වනවා.ඔහුත් සම්මාන 25 කට නිර්දේශ වී ඇතිඅතර ඉන් 13 ක් ජයග්රහණය කර තිබෙනවා.මෙම කතාමාලාවෙත් වූක් නම් ඒ පරිණත,යුක්තිගරුක මෙන්ම සැහැල්ලු කාර්යශූර මිනිසෙකුගේ චරිතයට ඔහු උපරිම සාධාරණයක් ඉටු කල බව බලපු හැමෝටම දැනෙන්න ඇති. මීට අතිරේකව අනෙකුත් නලු නිලියන් බොහෝමයක් නවක මුහුනු වුවත් ඔවුන්ගේ රංගනයේ කිසිම නවක භාවයක්නම් පෙනුනේ නෑ.විශේෂයෙන්ම ශින් ජුන් හෝ,චෝයි යූ නා දෙපල අතිශය සංවේදී රගපෑමක් සිදු කලේ. මෙම කතාව රචනයට දෙදෙනෙක් සහභාගි වෙලා තිබෙනවා.ඒ Ban Gi-ri සහ Jeong So-young .Gi ri මීට පෙර Park seo joon රගපෑ ජනප්රිය කතාවක් වුනු Witch’s Romance හි රචකයා වනවා.නමුත් So Yong ගේ නම් මෙය පලවෙනි නිර්මානය. අවසාන කොටස spoil නොකරන එක හොදයි කියල හිතුන නිසා විස්තර කලේ නෑ. OCN සාමන්යෙන් හැගීම්බර කතා නිර්මාණය නොකලත්,මේ කතාව ඔවුන්ටත් ඒ නිසාම විශේෂ වෙන්න ඕනෙ.පටන් ගත්ත තැන ඉදන්ම සංවේදී මාතෘකාවක් ගැන කතා කරන්නේ.සංකල්පය Fantasy වුනත් මිනිස් බැදීම් ගැන අපූරු මානයකට අපිව අරගෙන යන්න මේ කතාවට පුලුවන් වුනා.අම්මලා,තාත්තලා දරුවො එක්ක තියෙන බැදීම,යාලුවෙක්ට යාලුවෙක් ගැන තියෙන බැදීම, පෙම්වතෙකුට පෙම්වතිය ගැන තියෙන බැදීම,මනුස්සයෙක්ට මනුස්සයෙක් ගැන තියෙන බැදීම ගැන කියල දෙන්න මේ කට්ටිය වෙනමම ක්රම්යක් පාවිච්චි කලේ.ඒ බැදීම් වැඩියෙන්ම දැනෙන්නේ අහිමිවීම තුලින්ද?.බැදීම් අහිමිවීමෙන් හටගන්නා වේදනාව, අපිට දැනුම්දෙන්නේ,අපි ළග ඇති බැදිම්වල අසීමිත වටිනාකමයි.

නොනිමි තණ්හාවනිසා එක් පැත්තකින් දාම ඝාතකයෙක් බිහිවෙනවා,අනෙක් පැත්තෙන්,මවකට තමන්ගේ දුවව අතපසු වෙනවා.හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ගේ ආරක්ශාව වෙනුවෙන් නොකරන දෙයක්නෑ.දිවි පරදුවට තබා වුවත්,අන් සියල්ලන්වම අත් හැර වුවත් තෝරගන්නේ තමන්ගේ දරුවාවයි.ඒ අතරෙ තවත් අම්මලට අවසානාවන්ත ලෙස දරුවන් මග හැරෙනවා.නමුත් ඔවුන්ට ජීවිතයේ අවසාන භාගය වෙනතෙක්ම ඒ වේදනාව එක්ක පොරබදින්නට සිදු වෙනවා.සභාපතිනියත් ඒ වගේ. ” වූක්ගේ අම්මා කලේ තමන්ගේ පුතාව බේරගත්ත එක.මගේ සෝ යූන් කලෙත් ඒකමයි.

ඒත් මම අම්මා කෙනෙක් විදිහට පරාජිතයෙක්” මේ කොටස හරිම සංවේදියි.අවසාන කොටස තරම් සංවේදී කොටසක් මුලු කතාවටම නැතිතරම්ඒ කොහොම වුනත් අවසානය යහපත්.ඉතින් මේ ලස්සන කතාවේ අවසානය මේ විදිහට සනිටුහන් වෙනවා. මුලින්ම සිනෙරූ එකට ස්තූතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට.ඒ වගේම මේක මගේ පලවෙනි කතාමාලාව.උපසිරැසියේ අඩුපාඩු,ගුණ දොස් අනිවාර්යයෙන්ම කියන්න කියලත් ඉල්ලනව.මෙතෙක් කල් රැදීසිටියාට හැමෝටම ස්තූතියි.හැමදෙනාටම ජය වේවා!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

4 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. සීසන් 2 එඑකටත් සබ් ඕනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login