The title of the page
Minions 2022 Sinhala Subtitle
Minions 2022 Sinhala Subtitle
6.9
70
90

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | “සුපිරි සතුරෙකුගේ නැගීසිටීම ” | සිංහල උපසිරැසි සමඟ

(Minions: The Rise of Gru (2022) Sinhala Subtitles) (Minions The Rise of Gru Sinhala Subtitle) (Minions 2022 Sinhala Subtitle) (Minions Sinhala Subtitle)

හැමෝටම ආයුබෝවන්! ඉක්මනින්ම සබක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා..

ඉතිං අද ඔයාලට අරගෙන එන්නෙ සුපිරිම සුපිරි ඇනිමේෂන් චිත්‍රපටයක්,නම දැක්කම කවුරුත් දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන.

Minions කියන්නෙ ගොඩක් අය ආදරයෙන් බලපු චිත්‍රපටයක්නෙ… මේකෙ කලින් ආපු චිත්‍රපට පිළිවෙලින්

1.Despicable Me (2010)

2.Despicable Me 2(2013)

3.Minions (2015)

4.Despicable Me 3(2018)

5.Minions: Rise of Gru.

මේ විදියට ෆිල්ම් පහක් මිනියන්ස් ෆිල්ම් සීරිස්ට අන්‍තර්ගත වෙනවා,පෞද්ගලිකව මම නම් Minions 2015 චිත්‍රපටය විතරයි තාම බලල තියෙන්නෙ..හැබැයි ඒක උපසිරැසියේ රසයට බාධාවක් වෙන්නැතිවෙයි.මොකද මේ අලුතින් ආපු ෆිල්ම් එක තමා මම හිතන විදිහට අනික් චිත්‍රපටවල කතාවලට කලින් සිදුවුන කතාව සහ Minions 2015 චිත්‍රපට සිද්ධියට පස්සෙ වුන කතාව.

ඉතිං මේ කතාව පැත්තට හැරුණොත්,

මිනියන්ලා කියන්නෙ ජීවය ලැබුණ කාලෙ ඉදලම,තමන්ට නායකයෙක් හොයන් යන ජීවි කොට්ඨාසයක්.එයාලට ජීවත් වෙන්න ඕන වැදගත් අවශ්‍යතාවක් තමා තමාට ගැලපෙන දුෂ්ට නායකයෙක්,ඉතිං මෙයාල ඒ වගේ අය හොයාගත්තත්,එයාලව රැකගන්න එක අපහසුයි,සමහරු මෙයාලගෙ වැඩ නිසාම මැරිල යනවා..ඒ තරමටම කලබල ජාතියක් 😂.ඉතිං ඔහොම ගිහිල්ලා.මේ කතාව minions 2015 චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.

මේ කතාවෙදි ඉතිං මෙහෙම ගිහිල්ලා මෙයාලට ලැබුණු හොඳම නායකයා තමා ගෲ කියන්නෙ…මේ ගෲත් සුපිරි දුෂ්ටයෙක් වෙලා ලෝකෙට නරකක් කරන්න තමා පොඩි කාලෙ ඉදල හීන දකින්නෙ..ඒකට එයාට පාරක් කැපෙනවා The Vicious six කියන සුපිරි දුෂ්ට කණ්ඩායමේ සාමාජිකත්වය ගන්න එයාට ලැබෙන ආරාධනාවකින්….

එතනින් එහාට තියෙන්නෙ එයාලට වෙන අකරතැබ්බ ගැන, කතාව වැඩිය කියන්න දෙයක් නෑ,හිනාවෙවී..ආතල් එකේ බලන්න තියෙන්නෙ.

එහෙනම් මම වැඩිය මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ,චිත්‍රපටය රසවිඳලම කොමෙන්ට් එකකුත් දාන්නකෝ…

අදට මම යනවා..ඔබට ජය..!

©සඳමින් හර්ෂණ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

22 comments

  1. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks you for much…..
    Good luck….👍👍👍😀😀

  4. cam copy neda ?????

  5. Thanks bokka

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.zxsds

  7. Hashindu Tharaka

    Jurassic world camp cretaceous new season එකට sub එක දෙන්න ko pleesss

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks for update my friend ……..
    Great work …

  9. Thnx mcn. Tc

  10. Pattaaaaaaaaaaaaaaaaaaaaa

  11. Thanks bro sub ekata jayama weva.

  12. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  13. Thanks mchn. plz puluwannam kung fu panda 2022 season 1 sub denna.

  14. Originally ද

  15. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම
    ජය වේවා!

  16. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  17. thanks ………………..

  18. Thanks saho….!

  19. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login