Michael (2026) Sinhala Subtitles
Michael (2026) Sinhala Subtitles
7.7
39
97

Michael (2026) Sinhala Subtitles | “ සදා නොමියෙන රිද්මය: මයිකල් ” | සිංහල උපසිරැසි සමඟ

(Michael (2026) Sinhala Subtitles) (Michael (2026) Sinhala Subtitle) (Michael (2026) Sinhala Sub)

කොහොමද හැමෝටම!
ඔන්න අද අරන් ආවේ පසුගිය අප්‍රේල් මාසේ නිකුත් වුණු මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරු කරන නිර්මාණය වුණු Michael (2026) චිත්‍රපටය.

මයිකල් ජැක්සන් කියන්නේ නිකම්ම නිකන් ගායකයෙක් විතරක් නෙවෙයි, ඔහු තමයි මුළු ලෝකයක්ම තමන්ගේ අඩිතාලමට නටවපු, පරම්පරා ගාණක සංගීතයේ රජු.
“King of Pop” විදිහට කිරුළු දරපු ඔහු එකම එක සින්දුවක්වත් අහලා නැති, ඒ සුප්‍රසිද්ධ Moonwalk එක විනෝදයටවත් අත්හදා බලලා නැති, එහෙමත් නැත්නම් ඔහුගේ ඒ අමුතුම විදිහේ විලාසිතාවන්ට ආදරය කරපු නැති කෙනෙක් අදටත් මේ ලෝකේ හොයාගන්න අමාරුයි.

දශක ගාණක් පුරාවට මිනිස්සුන්ගේ හිත්වල ජීවත් වුණු ඒ අමරණීය චරිතයේ හැබෑම ඇතුළාන්තය ලෝකෙටම පෙන්නන්න ඕනෙ කියන දැඩි වුවමනාවත් එක්ක තමයි මේ සුපිරි චිත්‍රපටය නිර්මාණය කරන්න අදහස මතු වුණේ. පත්තර පිටු අතරේ ලියවුණු කටකතා වලට එහා ගිය, වේදිකාව උඩ ඉන්න දිලිසෙන තරුවට පිටුපසින් හිටපු, වේදනාවන් සහ පවුලේ අර්බුද මැදින් ගිය ඒ සංවේදී සාමාන්‍ය මනුස්සයාගේ හැබෑම කතාවක් සිනමාවට ගේන්න නිෂ්පාදකයින්ට සහ ඔහුගේ පවුලේ අයට ලොකු වුවමනාවක් තිබුණා.

​මේ ෆිල්ම් එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මයිකල්ගේ ජීවිතේ කටුකම වගේම ස්වර්ණමය කාලපරිච්ඡේදය. ඔහු ගැරී නගරයේ ගෙවපු පුංචි කාලේ, තමන්ගේ තාත්තා වුණු ජෝසප් එක්ක තිබුණු ඒ සංකීර්ණ බැඳීම, ජැක්සන් 5 කණ්ඩායමේ නැගී සිටීම වගේම ලෝකයම හොල්ලපු ‘Thriller’ යුගය මේකෙන් හරිම ලස්සනට දිගහැරෙනවා.
ඒ විතරක් නෙවෙයි, ලෝක වාර්තා තියපු ඒ දැවැන්ත ගීත සහ මියුසික් වීඩියෝ පිටුපස තිබුණු එයාගේ පුදුමාකාර කැපවීමත් මේ ෆිල්ම් එකෙන් අඩුවක් නැතිව පෙන්වන්න සමත් වෙලා තියෙනවා.

අනිත් පැත්තෙන්, ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඒ දරුණු Pepsi වෙළඳ දැන්වීමේ අනතුර, ඒකෙන් පස්සේ ඔහු විඳපු ශාරීරික සහ මානසික වේදනාව, වේදනා නාශක වලට හුරුවීම සහ ඒ ඔක්කොම අමාරුකම් මැද තමන්ගේ පවුල වෙනුවෙන් කරපු ඒ දැවැන්ත ‘Victory’ ටුවර් එක දක්වාම යන කතාව ප්‍රේක්ෂකයන්ගේ ඇස් වලට කඳුළක් ගේන විදිහට මේ සිනමාපටය පුරාවටම සටහන් වෙලා තියෙනවා.

​හැබැයි මේ සිනමා සිත්තම ප්‍රේක්ෂකයින් අතරට එන ගමන නම් එච්චරම ලේසි වුණේ නෑ. මයිකල්ගේ ජීවිතේ තිබුණු විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් නිසා සමහර පාර්ශව වලින් මේ චිත්‍රපටයට මුල ඉඳන්ම ලොකු විවේචන ආවා. ඒ වගේම මේ වගේ මුළු ලෝකයක්ම ආදරය කරන දැවැන්ත චරිතයක් තිරය උඩට ගේන එකම නිර්මාණකරුවන්ට ලොකු අභියෝගයක් වුණා. ඒ මදිවට ෆිල්ම් එක හරියට තිරගත වෙන්නත් කලින්ම, යම්කිසි මඩ ප්‍රචාරණයක් අන්තර්ජාලය තුළ දියත් වුණා.

ඒත් ඒ කිසිම දෙයකින් මේ නිර්මාණයේ තියෙන වටිනාකම අඩුවුණේ නම් නෑ.
​මොන බාධක ආවත්, මේ ෆිල්ම් එකේ අනාගතය නම් අතිශයින්ම දීප්තිමත් කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. දැනටමත් ලෝකේ පුරාම ඉන්න රසිකයෝ බොහොම ආදරෙන් මේක වැළඳගෙන ඉවරයි. ඉදිරියේදී බිලියන ගණනක ආදායම් වාර්තා තියලා, සිනමා සම්මාන උළෙලවල් පවා හොල්ලන්න මේ නිර්මාණයට පුළුවන් වෙයි කියලා අදහස් පළ වෙමින් තියෙනවා. මේ චිත්‍රපටය හරහා වර්තමාන තරුණ පරම්පරාවටත් මයිකල් ජැක්සන් කියන ඒ අසහාය කලාකරුවාගේ ජීවිතේ තිබුණු කැපවීම ගැන ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්.

කොහොම නමුත්, මේ ෆිල්ම් එකේ තියෙන්නෙ මයිකල් පුංචිම තැනක ඉඳන් ඔහුගේ peak එකටම ආපු කාලය දක්වා කතාව පමණයි. ඊටපස්සෙ ඔහුගේ ජීවිතයේ තිබුණු ටිකක් සංකීර්ණ කාලය මේ පැය දෙක ඇතුළත නෑ, කොහොමත් එහෙම දාන්නත් බැහැනෙ.

ෆිල්ම් එක අවසානයේ “ඔහුගේ කතාව ඉදිරියටත් පවතියි” විදිහට සටහනක් එකතු කරලා තියෙනවා. සමහරවිට මයිකල් ජැක්සන්ගේ ජිවිත කතාවේ ඉතුරු කොටසකුත් සිනමාවට නැගෙන්න පුලුවන් කියලා දීපු ඉඟියක් වෙන්නත් පුලුවන්.

ඉතින්, දැනට මේ තියටර් එකට ගිහින් බලන්න බැරි අය මේ කැම් කොපිය බලන්න. පුලුවන් හැමෝම තියටර් එකටම ගිහින් බලන්න, මොකද මේක කැම් කොපියකින් බලනවට වඩා big screem එකක බලන්න වටින නිර්මාණයක්.

CAM පිටපතකට කල උපසිරැසි ගැන්වීමකි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

One comment

  1. Thanks bro 🔥
    WEB කොපියත් ආපු ගමන් ඕනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login