Masters of the Universe (2026) Sinhala Subtitles
Masters of the Universe (2026) Sinhala Subtitles
6.9
67

Masters of the Universe (2026) Sinhala Subtitles | “ ග්‍රහ මන්දිරයේ ආරක්ෂකයා ” | සිංහල උපසිරැසි සමඟ

(Masters of the Universe (2026) Sinhala Subtitles) (Masters of the Universe (2026) Sinhala Subtitle) (Masters of the Universe (2026) Sinhala Sub)

 ග්‍රහ මන්දිරයේ ආනුභාවයෙන්…
මා හට බලය ලබා දෙනු මැනවී!

80, 90 දශකයේ වගේම 2000 මුල් භාගයේ ලංකාවේ ළමයින්ට මේ වචන ටික තාලෙට කියවෙන ගමන් ඒ කටහඬත් අනිවාරෙන් ඇහෙන්න ඇති.

“හී-මෑන්” (He-Man) කියන්නේ අපිට නිකන්ම කාටූන් චරිතයක්ම නෙවෙයි; ඒක ඒ කාලේ අපේ හිතේ තිබුණ වීරත්වය සහ සටන්කාමී බවේ සංකේතයක්. උඩ වචන ටික කියන ගමන් හී-මෑන් තමන්ගේ කඩුව උස්සනකොට අපි පුංචි කාලේ දැනුණ ඒ අමුතුම උද්යෝගය අදටත් අපේ හිත් වල අනිවාරෙන්ම තියෙනවා. නමුත්, ඒ කාලෙන් පස්සෙ කාටූන් එක නැවත විකාශනයක්වත් නොවුණු නිසා වර්තමානයේ ළමයි He Man කියලා කෙනෙක් අහලවත් නැතුව ඇති බොහෝදුරට.

කොහොමහරි ඉතින්, දශක ගණනාවකට පස්සෙ මේ 2026 වසරේදී මේ සුප්‍රසිද්ධ ෆ්‍රැන්චයිස් එක නැවතත් සිනමා තිරයට පැමිණීම ඇත්තටම පැරණි මතකයන් අලුත් කරවන සුළු අත්දැකීමක්.

මේ අලුත්ම “Masters of the Universe” චිත්‍රපටය ගැන කිව්වොත්, කතාවේ කිසිම දෙයක් හෙළි නොකර මට කියන්න තියෙන්නේ මේක අපි දන්න පැරණි කාටූන් එකේම ලයිව්-ඇක්ෂන් පිටපතක් නෙවෙයි කියන එකයි. ඊටර්නියා ග්‍රහලෝකයේ සිදුවන බල අරගලය සහ හී-මෑන්ගේ අභියෝගය අතිශය නවීන තාක්ෂණයෙන් යුතුව මේ චිත්‍රපටයෙන් නිර්මාණය කරලා තියෙනවා. කතාවේ ගලායාම ඉතාම වේගවත් වගේම, අපේ වීරයා මුහුණ දෙන අභියෝග මීට පෙර කිසිදා දැක නොතිබුණු තරම් තීව්‍ර වගේම හැඟීම්බරව පෙන්වලා තියෙනවා. ඔයා He Man කාටූන් එකට ආදරේ කරපු කෙනෙක් නම්, අලුත් සිනමා තාක්ෂණයත් එක්ක මැවෙන මේ ලෝකය නැරඹන එක මගහැරගන්න හොඳ නැති අත්දැකීමක් බව කියන්නම ඕනෙ.

චිත්‍රපටයේ හොඳ පැත්ත ගැන කතා කළොත්, මේකෙ VFX සහ SFX ඇත්තටම නියමයි. ඒ වගේම හී-මෑන්ගේ චරිත නිරූපණය ඉතාමත් ගැඹුරු එකක්. හැබැයි, චිත්‍රපටයේ සමහර තැන්වලදී කතා තේමාව තරමක් සංකීර්ණ වීමේදී මූලික කතාවෙන් ඈත් වෙනවා වගේ හැඟීමක් ලැබෙන එක තමයි මට දැනුණු එකම අඩුව. ඒ වගේම, කතා පුරාවටම කියන්න තේරෙන්නෙ නැති මොකක්දෝ අඩුවක් මට දැනුණා. සමහර ප්‍රේක්ෂකයන් පවසන විදිහට මේ චිත්‍රපටය තරුණ පරපුර ඉලක්ක කරගෙන වැඩි වැඩියෙන් නිර්මාණය වෙලා තියෙනවා.

මුල්‍යමය පැත්තෙන් බලනකොට, මේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා විශාල වියදමක් දරලා තියෙනවා. ඒ වගේම දැනට ලැබෙන වාර්තා අනුව ගෝලීය වශයෙන් බොක්ස් ඔෆිස් ආදායම ඉතාම හෙමින් තමයි ඉහළ යමින් තියෙන්නෙ. ප්‍රේක්ෂකයන්ගෙන් මේ චිත්‍රපටයට ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර. වැඩිදෙනෙක් කැමති වෙලා තියෙන්නේ පැරණි මතකයන් නවීන තාක්ෂණයත් එක්ක මුසු කරලා තියෙන විදියටයි. තවත් පිරිසකගේ අදහස වෙන්නෙ Classic කාටූන් එකේ දැකපු හී-මෑන්ගේ පෞරුෂත්වය මේ චිත්‍රපටයේ හී-මෑන් තුළ නෑ කියලා.

සමස්තයක් විදිහට ගත්තම, ඔයා හී-මෑන් රසිකයෙක් නම් මේ චිත්‍රපටය ඔයා බලන්න වටින එකක් කියලා මම හිතනවා.
එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


122
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login