Manam (2026) Sinhala Subtitles
Manam (2026) Sinhala Subtitles
5

Manam (2026) Sinhala Subtitles | “ ගෑණු හිත් කියවීමේ වරම ලද කොල්ලෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(Manam (2026) Sinhala Subtitles) (Manam (2026) Sinhala Subtitle) (Manam (2026) Sinhala Sub)

හෙලෝ කොහොමද ඉතින්, අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ (2026) රිලීස් වුන හින්දි ෆිල්ම් එකක්. මේකේ කියවෙන්නේ වන්දනා ගමනක් ගිහින් දෙවියන්ගෙන් ඉල්ලන එක ඉල්ලීමක් නිසා ගෑණු අයගේ හිත් කියවන්න වරමක් ලැබෙන කොල්ලෙක් ගැන කතාවක්.

කතාව ගැන ටිකක් කිව්වොත්. චින්ටු කියලා කියන්නේ ගෑණු අය 3න් දෙනෙක් (ඒ කියන්නේ අම්මා, නංගි, ආච්චි) ඉන්න ගෙදරක ජීවත් වෙන එකම පිරිමියා. චින්ටුගේ තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නෑ. ඉතින් හැමදාම උදේට චින්ටු නැගිටින්නේ මේ 3න් දෙනාගේ කච කචේ එක්ක. ඉතින් කොහොමහරි හැමදාම උදේ ගෙදරින් එළියට පැනගන්න තමයි චින්ටු බලාගෙන ඉන්නේ. චින්ටු එයාගේ ආච්චිට අයිති සාරි කඩයක් තමයි කරගෙන යන්නේ.

චින්ටුට කෙල්ලෙක් ඉන්නවා. මෙයා එක්ක ඇති වෙච්ච ප්‍රශ්නයක් එක්ක චින්ටු දෙවියන්ගෙන් ඉල්ලනවා ගෑණු අයගේ හිත කියවන්න පුළුවන් වරමක් ලැබෙන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් ඉතින් චින්ටුට වටේම ඉන්න ගෑණු අය හිතන හැමදේම ඇහෙන්න පටන් ගන්නවා.

මේ වරම එක්ක චින්ටු මොන වගේ අත් දැකීමක් ලබයිද. එයාගේ ජීවිතේ මොන විදිහට වෙනස් වෙයිද. ඉතින් මේ ගැන තමයි කතාව යන්නේ. ඒ වගේම ෆිල්ම් එක බලන අයට හොද පණිවිඩයකුත් අරගෙන එනවා.

එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන්. මම නවතින්නම්.
ආයෙත් අළුත් ෆිල්ම් එකකින් සෙට් වෙමු.
සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

One comment

  1. ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login