The title of the page
Main Prem Ki Deewani Hoon (2003) Sinhala Subtitles
Main Prem Ki Deewani Hoon (2003) Sinhala Subtitles
4
71

Main Prem Ki Deewani Hoon (2003) Sinhala Subtitles | ”ආදරය නිසා මම පිස්සු වැටුනෙමි” | සිංහල උපසිරැසි සමඟ

පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සියළුම ආදරවන්තයින්ට සහ වන්තියන්ට මෙම තිලිනය උපහාරයක් වේවා!
ආදරයට ආදරය වෙනුවෙන් සිනෙරු සැමදාම ඔබ ලගින්මයි.

සුභ දවසක් යාළුවො හැමෝටම,ඔන්න මම ඔයාලට කිව්ව විදිහටම ආදරයට ආදරය කරන,ආදරය පරිත්‍යාගයක් විදිහට දකින,ආදරය පන වගේ ආරක්ශා කරන,ආදරය ජීවිතය සේ දකින හැමෝම වෙනුවෙන්,ආදර වන්තඉන්ගේ දිනය වෙනුවෙන් ආදරවන්තයන්ට,ආදරවන්තියන්ට උපහාරයක් විදිහට ලස්සන ෆිල්ම් එකක් අරන් තමයි ඔයාලව හම්බ වෙන්න ආවෙ.2003 වර්ශයේ ජුනි මස 27වන දින නිකුත් උන ආදරනීය චිත්‍රපටියක් තමයි (Main Prem Ki Diwani Hoon) ඒ කියන්නෙ මම ඔබේ ආදරය නිසා පිස්සු වැටුනි.

ඉතින් කියන්න ඕනි ෆිල්ම් එක නම් ගොඩක් ලස්සන එකක් කියලා,හැමෝම නිතරම බලන්නේ එක්කො ගහ මරා ගන්න එකක්,නැත්නම් මොකක් හරි අබි රහසක් හොයන එකක්,ඉතින් බෝරින් වෙලා ඉන්න වෙලාවෙ හිත සන්සුන් වෙන,අළුත් හැගීම් හිතේ ඇති වෙන මේ වගේ ෆිල්ම් එකක් බලල හිත සතුටින් ඉමු. මේ ෆිල්ම් එක අනික් ෆිල්ම් වගේ පැයෙන් දෙකෙන් ඉවර වෙන්නෙ නැහැ, පැය තුනයි මිනිත්තු 17ක් තියෙනවා,imdb අගය 4ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 71%ක් සහ තක්කාලි අගය 54%ක් ලබා ගෙන තියෙනව, Comedy,Drama,Musical,Romance ගනයට තමයි මේක අයිති.මෙම ෆිල්ම් එක තමයි රිතික් රොශාන් ගේ හරවුම් ලක්ශය කියල කිවුවොත් නිවරැදියි,මෙම රගපෑම නිසා ගොඩක් අද්‍යක්ෂවරු ඔහුව යොදා ෆිල්ම් නිශ්පාදනය කරන්න පෙලබුනා,ඒ නිසා වෙන්න ඇති අදටත් ඔහුගේ ෆිල්ම් ජන්ප්‍රිය වෙන්නෙ සහ සිනමාලෝලීන් ඔහු වටා එකතු වෙල තියෙන්නෙ,කරීනා කපූර් සමග අන්තිමට රගපාපු ෆිල්ම් එකද මෙම ෆිල්ම් එක වෙනවා.කියනව නම් ගොඩක් දේවල් තියෙනව මේක ගැන කියන්න.ෆිල්ම් එකේ පිරි වැය කිව්වොත් මේක රූගත කරන්න මිලියන 300ක් වැය වෙල තියෙනව,නමුත් ෆිල්ම් එක ප්‍රධර්ශනය කල පලවෙනි සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 672891 ක් ලබා ගෙන තියෙනවා.

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,සංජනා කියන්නේ විද්‍යාලයේ ඉගෙන ගන්න දක්ශ කෙනෙක්,ඔය අතර ඇමරිකාවේ ඉන්න ඔහුගේ අක්කා ඇයට යෝජනාවක් ගේනවා,ඒ ගේන්නෙ ඇමරිකාවෙ ගොඩක් ප්‍රබල සමාගමක් වෙන ප්‍රේම් ගෘප් සමාගමේ අයිතිකාරයව.ඔහුගේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ සුන්දර් නගර් වල දියත් කරනවා,එහි වැඩ බලන්න ඕන නිසා ප්‍රේම් ඉන්දියාවට එනවා,ඒ ගැන තම පියාට රූපා ඒ කියන්නේ සංජනාගෙ අක්කා පියාට ඊමේල් එකක් එවනවා මෙම දිනයේ ඉන්දියාවට ඔහු එනවා,ඔහුව තම ගෙදර නවත්ත ගෙන තියා ගන්න ලෙසත් ඇය කියනවා, ප්‍රේම් ඉන්දියාවට පැමිනෙනවා,ඔහුව තම ගෙදර නවත්ත ගන්න සංජනාගේ අම්මා ගොඩක් කැමති වෙනවා,ඇයට අවශ්‍ය සංජනා ප්‍රේම්ට ආදරය කරනව දකින්න,ඔය අතර කාලයත් සමග සංජනා ප්‍රේම් අතර ලස්සන ආදර කතාවක් ගලාගෙන යනවා.ඔහොම ඉන්න අතර රූපා යලි මේල් එකක් එවනවා,ප්‍රේම් ඉන්දියාවට ආවේ නැහැ හදිසි වැඩකට ජපන් ගියා කියල තව දවස් කිහිපයකින් තමයි ඔහු ඉන්දියාවට එන්නේ කියල ඇය කියනවා.ඔන්න කතාව කනපිට ගහන තැන.ඇත්තටම සංජනා ආදරය කරන ප්‍රේම් කවුද?.සංජනාට තමන්ගේ ආදරය ලැබෙයිද.ඇත්ත ප්‍රේම් කවුද?. මෙතනින් කතාව කියන එක නවත්තනවා,කිවුවොත් අගයක් නැහැ.

මට නම් පට්ට ලස්සන කතාවක්.පුද්ගලිකවම ආදරය කරන කතාවක්.මේක බලද්දී අපේ පාසල් කාලය,අපි ආදරය කරපු විදිහ,ඒ ආදරය අහිමි වෙද්දී දැනෙන වේදනාව ආදරය සම්බන්ද ගොඩක් දේවල් දැනෙන්න ගන්නවා.අපිටත් මෙහෙම කාලයක් තිබුනනෙ කියල.ඒ කාලෙ මතක් වෙද්දී ආයි ඒ කාලෙට යන්න ඇත්නම් කියල හිතෙනවා.මම ෆිල්ම් එක දෙපාරක් බැළුව.ලස්සන සින්දු කිහිපයක් තියෙනවා.ඒ හැම එකකටම උපසිරසි දාල තියෙන්නේ.එක දිගට යවන්නෙ නැතුව ආදරෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.ආදරය කරන අයට නම් ලස්සන කතාවක්.මම හිතනව සිනෙරු රසික රසිකාවියන් ගොඩක් ආදරෙන් මේ ෆිල්ම් එක වැලදගනියි කියල.

එහෙනම් ගිහිල්ල එන්නම්,පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්න.බලමු කී දෙනෙක් ආදරය කරන අය ඉන්නවද කියල සහ මේ ෆිල්ම් එකට හැමෝම ආදරය කරනවද කියල.එහෙනම් හැකි ඉක්මනින් ආයිත් එන්නම්,ඒ එන්නෙ 1999 නිකුත් උන අදටත් ගොඩක් අය ආදරය කරන ආදරනීය ෆිල්ම් එකක් අර ගෙන.එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න,හැමෝටම බුදුසරනයි,දෙවිපිහිටයි,ජේසු පිහිටයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සම්පත් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සම්පත් විජේසිංහ

December 3, 2021


6
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. films eka download link eka ko

  3. SALUT D’ AMOUR 2015 KOREAN MOVIE EKA PLEASE

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම මේ වගේ පැරණි හින්දි ෆිල්ම්,
    හැකිනම් 90 දශකයේ හින්දි ෆිල්ම් උපසිරැසි කරන මෙන් ඉල්ලමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login