The title of the page
Maanaadu (2021) Sinhala Sub
Maanaadu (2021) Sinhala Sub
7.9
96

Maanaadu (2021) Sinhala Subtitles | “අබ්දුල් ඛාලික්” | සිංහල උපසිරැසි සමඟ

(Maanaadu (2021) Sinhala Subtitles) (Maanaadu (2021) Sinhala Sub)

ආවා වෙඩි තිබ්බා මැරැණා ආයෙත්

ආවා වෙඩි තිබ්බා මැරැණා ආයෙත්

මොකක් ද මේ ටයිම් ලුප් කියන්නෙ

ඇත්තටම ටයිම් ලුප් එකක් කියන එක ගොඩක්ම ප්‍රබන්ධයක් විදියට විතරයි ගොඩක් අය සලකන්නේ මොකද අපිට සාමාන්‍ය ජිවිතේ දි ඒ වගේ දෙයක් වෙනවා කියන එක ප්‍රායේගික නැති නිසා ඉතිං මේ කෙදි වෙන්නෙ මොකක් හරි සිද්ධියක් මුල් කරගෙන නැත්නම් අරමුණක් නිසා අපිට ඒ අරමුණට යනකම් එකම දවස ආයෙ ආයෙ කැරකෙනවා එතකොට ඇත්තටම අපි ආයෙ දවසින් බාගයක් විතර ගෙවලා එක වෙලාවකදි අපිට මොනවා හරි වෙලා මැරැණොත් අපි ආයෙත් අරමුණට යනකම් මුලටම යනවා ඒ වගේම තමයි මේ දවස කැරකැවෙන සිද්දියේදි ඒ චරිතයට පුළුවන් ඒ වෙන සිද්ධින්වල පුංචි දෙයක් විතරක් මතක තියාගන්න ඉතිං සරලවම ඕක තමයි ටයිම් ලුප් එක කියන්නෙ.

දැන් අපි බලමු අද ෆිල්ම් එක ගැන විස්තර කිහිපයක්

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ
Venkat Prabhu

ඒ වගේම තමයි මේකේ අපේ වීරයා තමයි අපි කවුරුත් දන්න STR ඉතිං පහුගිය ටිකේ මෙයා ටිකක් හැංගිලා වගේ හිටියට මේ ෆිල්ම් එක හින්දා ආයෙත් කාගෙ අතරත් ලොකු කතා බහකට ලක්වුනා ඇත්තටම සිම්බු කියන්නෙ දක්ෂ නලුවෙක් හැබැයි එයාගෙන් වැඩක් ගන්න අධ්‍යක්ෂවරුන්ට බැරි වුනා නමුත් මේ ෆිල්ම් එකේ දි නම් සිම්බු ගෙ වෙනස්ම පැත්තක් අපිට බලාගන්න පුළුවන් වුනා ඉතිං ඉස්සරහටත් මෙයා හොඳ වැඩ ටිකක් කරයි කියලා අපි හිතාගෙන ඉමු මම නම් ගොඩක්ම ආස ඉස්සර STR ගෙ බලපු පට්ටම ෆිල්ම් එක තමයි vinnaithaandi varuvaayaa කියන්නෙ 😍

ඒකේ ඉතිං තියෙන්නේ අක්කා කෙනෙක් පස්සෙන් යන එකක් තමයි අපිත් ජිවිතේ කවදාම හරි තමන්ට වඩා වැඩිමල් කෙනෙක්ට හිතින් හරි ආදරේ කරලා ඇති 😂😂  ඒක තමයි ඇත්ත ඒ වගේම දැන් ඒ මිනිස්සු අපිට දකින්වත් නැතුව ඇති  ඒවා වැඩක් නැ ඉතිං තව නොකියම බැරි දෙයක් තමයි SJ සුර්යා කියන්නෙ එයා නැත්නම් මේ ෆිල්ම් එක ඇත්තටම ⁣මෙච්චර හිට් එකක් නොවෙන්නත් තිබුනා මොකද එච්චර හොඳට තමන්ගේ චරිතෙට සාධාරණයක් ඉෂ්ට කරන මනුස්සයෙක් තමයි සුර්යා ඉතිං අධ්‍යක්ෂක වරයා චරිත තෝරගද්දි ගොඩක් හොඳට තෝරගෙන තියෙනවා අනික තමයි අපි කවුරුත් දන්න තලපති විජේගෙ තාත්තාත් මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙනවා.

IMDB එක ගැන ගත්තොත් 9/10 වගේ ලොකු ප්‍රමාණයක් අරගෙන තියෙනවා ඒ වගේම ඉන්දින් රැපියල් කෝටි අනුවක බොක්ස් ඔෆිස් වාර්තාවක් පවා මේක තියන්න සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන්

කාතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අබ්දුල් ඛාලික් කියලා මුස්ලිම් කොල්ලෙක් ඩුබායිවල  ඉඳල වෙඩින් එකකට එනවා ඒ එන ගමන් ප්ලේන් එකේදි මෙයාට ඒ  වෙඩින් එකටම යන සීතා ලක්ෂ්මි කියලා කෙල්ලෙක් හම්බෙනවා ඉතිං එහෙට ගිහින් ඛාලික් ගෙ යාලුවා මූර්තිට තමයි බඳින්න ඉන්න කෙල්ල කැමති හැබැයි කෙල්ලට ⁣ගෙදරින් වෙන කෙනෙක් තමයි බන්ඳන්න හදන්නේ කොහොම හරි ඉතිං කට්ටිය ලෑස්ති වෙලා දෙන්නවම කාර් එකක දාගෙන අරන් යද්දී අනතුරක් වෙනවා ඒකෙන් පස්සේ වෙන දේවල් දැනගන්න ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා ඉතිං එහෙනම් එච්චරයි මට කියන්න තියෙන්නේ ආයෙත් අලුත් ෆිල්ම් එකකින් හම්බෙමු  එතකම් හැමෝටම ජය වේවා 😍😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. චතුර මදුසංක thank bro sinhala sube ekata mekanam venasma film ekak [Bhajarangi 2 (2021) kannada- Movie ekatath sube dannako ekata kauruvath sube dala na jayawewa

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login