The title of the page
6.6
42
90

Love, Lies (2016) Sinhala Subtitle | ” ප්‍රේමය මුසාවකි” | සිංහල උපසිරැසි සමඟ

අන්‍යොන්ග් චින්ගුලා! අද අරගෙන ආවේ තවත් ලස්සන කොරියානු සලරුවක්.. Romance | Drama ගණයට අයිති වෙන මේ චිත්‍රපටය 6.6/10ක IMDb අගයක් හා 42%ක Rotten Tomatoes අගයක් සනිටුවහන් කරනවා..
ප්‍රධාන නළු නිළියන් ලෙස, Han Hyo Joo (අපි කවුරුත් හදුනන දොන්ග් යී), Chun Woo Hee, Yoo Yeon Seok, Young Nam Jang (It’s Ok Not To Be Ok එකේ හෙඩ් නර්ස්ව මතක ඇතිනේ? ), Park Sung Woong හා  Cha Ji Yeon ඇතුළු රංගන ශිල්පීන් දායක වෙනවා..

කතාව දෙසට හැරුනොත්,

චිත්‍රපටය පටන් ගන්නේ ඉදිකිරීම් ස්ථානයක කැණීම් සිදු කරන අවස්ථාවක පැරණි සංගීත ඇල්බමයක හඬ තැටියක්‌ සොයාගන්නා දර්ශනයකින්..”ජෝසනයේ හදවත” ලෙස සදහන් වන ඇල්බමය සෝ යොන් හී නම් ගායිකාවකගේ බව සදහන් වෙලා තියෙනවා..මෙය අයිති වූ වර්ෂය කරා යනවිට,  ඒ කොරියාවේ නැත්නම් ජෝසනයේ ජපන් අධිරාජ්‍ය පාලන සමයේ අග භාගයයි..ඒ කියන්නේ කොරියාව ජපානයෙන් නිදහස ලබන්න ටික කාලෙකට කලින්.. මේ කාලයේ කිසෙන්ග් හෙවත් නාට්‍ය අංගනාවන් හට විශාල ඉල්ලුමක් තිබිලා තියෙනවා.වැඩි ඉල්ලුම නිසා ජෝසනයේ කිසෙන්ග් පුහුණුව හා නවාතැන් සපයන ආයතන බොහෝ බිහි වෙලා තියෙනවා…

සෝ යොන් හී සොයා යන ගමනේ ඇය එක්‌ චරිතයක් බවත්, ජන්ග් සෝ යූල් නැතිනම් යොන් හී නොසිටිය හැකි බවත්, කිම් යූන් වූ හා ලී නන් යොන්ග් යන සුළු චරිත සමගත් දිගු ගමනක් යන්නට ඇති බවත් නරඹන ඔබ‍ට වැටහේවි..

ඒ වගේම කිසෙන්ග් කෙනෙක් වෛශ්‍යාවක්ම විතරක් නොවෙන්නේ කොහොමද, කිසෙන්ග් කෙනෙක් කලාව හැදැරීමෙන් පසු උසස් පහත් වශයෙන් වෙනස් වෙන්නේ කොහොමද වගේ තොරතුරුත්, ජෝසනයේ නවීන පන්නයේ සංගීතය උපත ලබපු මුල් කාලය මොන වගේද, මිනිස්සු නවීන පොප් සංගීතය වැලඳ ගත්තේ කොහොමද කියලත්  මේ චිත්‍රපටය නරඹලා අවබෝධයක් අරගන්න පුළුවන්..

*️*️පටලව ගන්න එපා මේ අපි අර රජ කාලේදි දකින කිසෙන්ග් වෘතියට වඩා ටිකක් දියුණු, වෙනස් කලෙක ඉන්නේ..ජෝසනය බටහිරකරණය වෙලා, රජ කෙනෙක්ගේ පාලනය නෙමේ දැන් ජපාන නිලධාරීන්ගේ පාලනයක් තියෙන්නේ..*️*️

මීට වඩා කියන්න මං බලාපොරොත්තු වෙන් නෑ..හැමෝටම නරඹන්න ආරාධනා කරනවා..

හැමෝම සෞඛ්‍යාරික්ෂිතව ඉන්න, සරන්ග් හේයො!

– විසූ රාජපක්ෂ ( ක්ලෙමන්ටයින් ) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

9 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  2. ගොඩාක් තෑන්ක්ස් සිස්! තවත් කොරියන් movies වලට දිගටම සබ් දෙමු!

  3. Thanks akki.., puluwan nm Miss & Mrs Cops kiyana korean movie ekatath sub eka denna plz 🤗

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Thank you❤ ලස්සන කොරියානු කතා මාලාවකට ඉක්මනින් sub දෙන්නකෝ පුළුවන් නම් 😍

  6. බොහොම ස්තූතියි සබ් එකට

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Vivo (2021)
    Color Out of Space (2019)
    Beckett (2021)

  9. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login