Lost Sinhala Subtitle
Lost Sinhala Subtitle
6.6
68

Lost (2023) Sinhala Subtitles | “අභිරහස් අතුරුදන් වීම” | සිංහල උපසිරැසි සමඟ

(Lost (2023) Sinhala Subtitles) (Lost (2023) Sinhala Subtitle) (Lost Sinhala Subtitle)

සුභ දවසක් හැමෝටම,

ඔන්න පොරොන්දු උන විදියටම මේ අවුරුද්දේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා. ඇත්තටම කියන්න ඕන මේ ෆිල්ම් එක 2023 , ඒ කියන්නේ මේ අවුරුද්ද පටන් ගනිද්දිම Direct OTT (ZEE5) නිකුත් වුනු ෆිල්ම් එකක් තමයි මේක.

මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා ගැන කතා කළොත් ඔහු තමයි 2016 අවුරුද්දේ #PINK චිත්‍රපටයත් අප වෙත සමීප කරන්නේ.. පින්ක් ෆිල්ම් එක හිට් උනා වගේම #LOST ෆිල්ම් එකටත් මේ වෙද්දි ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන ෆිල්ම් එකක් වෙලා හමාරයි..

ඒ මොකද කිව්වොත් ඒකට ලොකුම හේතුව මේ ෆිල්ම් එකේ කතා තේමාව , “අතුරුදන් වීම”

අපේ අසල්වැසි රටේ මේ වෙද්දිත් ,

දවසකට ළමයි 174ක් අතුරුදන් වෙනවා , [හැම විනාඩි 8කටම එක ළමයෙක්]
දවසකට වැඩිහිටියන් 35-40 ක් අතුරුදන් වෙනවා
මාසෙකට 500-600 ක් අතුරුදන් වෙනවා [කොල්කටා තුළ පමණක්]

21 වෙනි සියවසේ මිනිස් අයිතිවාසිකම් හැමෝටම එකම අයුරින් ක්‍රියාත්මක වෙන ලොවක මේ දේවල් අහන්න දකින්න ලැබීමත් සෝචනීයයි. ඉන්දියාව ගැන එහෙම කතා කරද්දි ලංකාව ඇතුලෙත් මේ දේවල් අපේ රටේ නොවෙනවා කියලා අපිට අත පිහිදගන්න බෑ මොකද අපේ රටෙත් මේ වගේ සිදුවීම් ඉදල හිටල හරි වාර්තා වෙන නිසා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Yami Gautam – [විධී සහානි]
Tushar Pandey – [ඉෂාන් භාරතී]
Rahul Khanna – [රන්ජන් වර්මන්]
Pia Bajpiee – [අංකිතා චෞහාන්]

විධී කියන දක්ෂ වාර්තාකාරිණියට , පොලීසියේදී අහම්බෙන් මුණ ගැහෙන නමිතා කියන තරුණියගේ ප්‍රශ්නය විසදන්න ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඇත්තටම නමිතාට තිබුනේ එක ප්‍රශ්නයයි , ඒ එයාගෙ මල්ලි වෙන ඉෂාන් භාරතී ඉන්න තැනක් හොයාගන්න එක , ඉතිං අපි හිතුවෙවත් නැති පැත්තකට අපිව මේ කතාව තුළින් අරගෙන යනවා. එහෙනම් කතාව බලලම ඉන්නකෝ..

එහෙනම් ගිහින් එන්නම් ,තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5529|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


21
Total Subtitles

7 comments

  1. මිලාන්

    Movie එක download කරන්නේ කො⁣හොමද
    කො⁣හොමද

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවිෂ්ක සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. බොහෝම ස්තූතියි

  5. ehema lokuu lassanak nam na film eka.

  6. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *