The title of the page
Lies Hidden in My Garden (2023) E08 [END] Sinhala Subtitles
Lies Hidden in My Garden (2023) E08 [END] Sinhala Subtitles
8.4
87

Lies Hidden in My Garden (2023) E08 [END] Sinhala Subtitles | “මට ජීවත් වෙන්න ඕනෙ..මම විදිහට..” | සිංහල උපසිරැසි සමඟ

කොටස් අටකින් සමන්විත Thriller, Mystery වර්ගීකරණයන්ට තමයි Lies Hidden in My Garden කියන කතාමාලාව අයත් වෙන්නෙ. සැඟවුන අභිරහස් කිහිපයක් මධ්‍යයේ වගේම උපරිම කුතුහලයකින් යුක්තව මේ කතාව ගලාගෙන යනවා කිව්වොත් මම වැරදි නෑ. Music.. Cinematography පැත්තෙන් බැලුවමත් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි.

 

Kim Jin-young ගේ House with a Yard කියන කතාව පාදක කර ගනිමින් Twenty-Five Twenty-One, The King:Eternal Monarch, Search: WWW ආදී කතාමාලාවන් අප අතරට ගෙනාව Jung Ji Hyun ගේ අධ්‍යක්ෂණයක්..

Kim Tae-hee as Moon Joo-ran
Lim Ji-yeon as Chu Sang-eun
Kim Sung-oh as Park Jae-ho

යන නළු නිළියන් ප්‍රධාන චරිතවලින් රංගනයෙන් එකතුවෙනවා වගේම ඔවුන්ගේ රංගනහැකියාවන් අතිශය ඉහළ මට්ටමේ පවතිනවා කියලත් නිසැකවම කියන්න පුලුවන්.

පළවෙනි කොටස බැලුවට පස්සෙ මේ වගේ කුතුහලයෙන් යුතු කාරණා රාශියක් ප්‍රේක්ෂකයා අතරේ ඉතුරු වෙනවා.කතාව පටන් ගන්නෙම ජු රාන්ගේ සහෝදරියගේ මරණයෙන්..

සාං අන් කියන්නෙ තමන්ගෙ සැමියගෙන් නිතර පහර කෑමට ලක්වෙන ගැබිණි කාන්තාවක්.. ඒත් එකපාරටම එයාගෙ සැමියා මැරිලා කියලා ඇමතුමක් ලැබෙනවා. ඒ කොහොමද?

සාං ආ ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නද යන්නෙ?

කුමක් හෝ සිද්ධියක් නිසා ජු රාන් සහ ඇගේ සැමියා අලුත් පලාතකට පදිංචියට එනවා.. ඒ ඇයි?

ඒවගේම ජු රාන්ගෙ වත්තෙන් අසල්වැසියන්ට අමුතු ගඳක් එනවා. ඒ ගඳ මොකක්ද? ජු රාන් ඒ ගැන එයාගෙ මහත්තයගෙනුත් පුතාගෙනුයි ඇහුවම ඇයි එයාලා එහෙම නෑ කියන්නෙ? ජු රාන්ගෙන් එයාගෙ පුතයි සැමියයි හංඟන්නෙ මොන වගේ දෙයක්ද?

ජු රාංගෙ සැමියා ජේ හෝ ඇයි අසල්වැසියොත් එක්ක ජු රාංට සම්බන්ධ වෙන්නෙ දෙන්නෙ නැත්තෙ?

ඇයි ජු රාන්ගෙ පුතාට මැරෙන්න ඕනෙ කරන්නෙ?

අසල්වැසියො ගඳයි කියන නිසා ජු රාන් ඒ වත්ත හාරනවා.. එතකොට එයාට හම්බවෙන මළසිරුරේ අනන්‍යතාව කාගෙද? පළවෙනි කොටසෙන්ම උත්තර නැති ප්‍රශ්න ගොඩක් ඉතුරු වුනා. හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්නනම් කතාව බලන්නම වෙනවා.

මේක සුපිරිම කතාවක් කාලෙකට පස්සෙ අහුවුන වෙනස්ම Story එකක් වගේම අනිවාර්යෙන්ම බලන්න ඕනෙ කතාවක් කියන එකනම් ඉතාම පැහැදිලියි.
දැනටමත් මේ කතාවේ කොටස් 4ක් විකාශය වෙලා ඉවරයි. පුලුවන් ඉක්මනට ඉතුරු කතාංගවලටත් උපසිරැසි අරගෙන එන්නම්.

හැමෝටම නිතර Reply කරන්න බැරි වුනත් කමෙන්ට් එකක් දාලා සප් එක දෙන හැමකෙනෙක්ටම බොහොම ස්තූතියි..

ඒ වගේම ආදරෙයි…

ජය!!
මම.. උචිනි පෙරේරා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

3 comments

  1. Thanks denakam balan hitiye 😍😍

  2. Sung Jin-Woo
    Cineru_users

    මේක ඉක්මනට කම්ප්ලීට් කරල දුන්නට ගොඩක් ස්තූතියි.

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login