Left-Handed Girl (2025) Sinhala Subtitles
Left-Handed Girl (2025) Sinhala Subtitles
7.4
99

Left-Handed Girl (2025) Sinhala Subtitles | “වමත් කෙල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Left-Handed Girl (2025) Sinhala Subtitles) (Left-Handed Girl (2025) Sinhala Subtitle) (Left-Handed Girl (2025) Sinhala Sub)

2025 Cannes වල සම්මාන දිනපු, ඒ වගේම Oscar සම්මානවලටත් Shortlist වුණු තායිවාන චිත්‍රපටයක්. Anora, The Florida Project අධ්‍යක්ෂණය කරපු Sean Baker මේකෙ ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා…

Shu-Fen කියන්නෙ තමන්ගෙ දුවලා දෙන්නත් එක්ක තනියම ජීවත් වෙන අම්මා කෙනෙක්. එයා ගම දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න තායිපේ වලට එනවා. එයා Night Market එකක පොඩි නූඩ්ල්ස් කඩයක් දාගෙන ජීවත් වෙන්න ලොකු සටනක් දෙනවා…

එයාගෙ පොඩි දුව, I-Jing ට හුරු වම් අත. මෙයාගෙ සීයා විශ්වාස කරන්නෙ, වම් අත කියන්නෙ යක්ෂයාගෙ අත කියලා. ඉතින් මේ පුංචි කෙල්ලට ගෙදරින් වගේම සමාජයෙනුත් එන පීඩනය, අම්මා තමන්ගෙ දරුවො රැකගන්න විඳින දුක සහ ඒ අස්සෙ තියෙන ලස්සන බැඳීම් ගැන තමයි මේ කතාවේ තියෙන්නෙ…

Shih-Ching Tsou තමයි මේකෙ අධ්‍යක්ෂකවරිය. ඔයාලා බලලා තියෙනවනම් Tangerine, The Florida Project සහ 2024 දී ආපු Anora වගේ ෆිල්ම්වල මෙයා නිෂ්පාදකවරියක් විදිහට ඉදලා තියෙනවා. මෙයා අවුරුදු ගාණක් තිස්සේ Sean Baker එක්ක එකට වැඩ කරපු කෙනෙක්. මේක තමයි එයා තනියම අධ්‍යක්ෂණය කරපු පළවෙනි ෆිල්ම් එක…

තායිවාන් ටීවී Series වල හිටපු සුපිරිම නිළියක් වන Janel Tsai තමයි අම්මගෙ චරිතයට ඉන්නෙ. එයා කලින් The Fierce Wife වගේ ජනප්‍රිය කතාවල ඉඳලා තියෙනවා. Shih-Yuan Ma තමයි මේකෙ ලොකු දුවට ඉන්නෙ. මේ එයාගෙ පළවෙනි ෆිල්ම් එක වුණාට එයා මේකට 2025 දි සම්මාන ගොඩක් දිනාගෙන තියෙනවා…

ඔයාලා දන්නවද මේ සම්පූර්ණ ෆිල්ම් එකම ෂූට් කරලා තියෙන්නෙ iPhone වලින් කියලා? විශ්වාස කරන්නත් අමාරුයි නේද? Tangerine ෆිල්ම් එක වගේම මේකත් iPhone වලින් කරලා තියෙන්නෙ නළුවොත් එක්ක පාරෙ යන සාමාන්‍ය මිනිස්සුන්ව වෙනසක් නොවී තාත්විකව කැමරාවට අහුවෙන්නයි. ඒ නිසා මේක බලද්දී නිකම් අපිත් ඒ මාකට් එක අස්සෙ ඉන්නවා වගේ දැනෙනවා. පවුලෙ බැඳීම් ගැන, අම්මෙක්ගෙ ආදරේ ගැන ලස්සන, තාත්වික කතාවක් බලන්න ඕන නම් The Left-Handed Girl අනිවාර්යයෙන්ම බලන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

One comment

  1. ස්තූතියි ධනුෂ්ක සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login