The title of the page
7.2
96

Lawless Lawyer (2018) S01E16 [END] Sinhala Subtitles | දාමරික නීතිඥයා | සිංහල උපසිරැසි සමඟ

(Lawless Lawyer 2018 Sinhala Subtitles)

Native Title: 무법 변호사
Also Known As: Moobeob Byeonhosa , Mubeop Byeonhosa , Lawless Attorney
Director: Kim Jin Min
Screenwriter: Yoon Hyun Ho
Genres: Action, Thriller, Law,
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: May 12, 2018 – Jul 1, 2018
Aired On: Saturday, Sunday
Original Network: tvN
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
ImbD : 7.6/10

ඔන්න ඉතින් තවත් ලස්සන කතාවක අවසානයට තමයි අද ඇවිත් ඉන්නේ. මේක කලින් දෙන්න අරන් අතරමග නැවතුන කතාවක් කියලා හැමෝම දන්නවනේ. ඒක අවසන් කරන්න පරක්කු වුන එකට සමාවෙන්න ඕනි.

ඉතින් මුලින්ම කාස්ට් එක පැත්තට ගියොත්,

Lee Joon-Gi : බොන්ග් සන්ග්-පිල්
Seo Yea-ji : හ ජෙ-යි


Lee Hye-young :  චා මුන්-සුක්
Choi Min-soo : අන් ඕ-ජූ

ලෙස රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

කතා සාරාංශය:

චා මුන්-සුක් විනිසුරුවරිය ඇයගේ පියාව විවේචනය කරන මිනිසෙක් මරාදමනවා. ඇය කරපු මේක මිනීමැරුම, ඒ වෙනකොට ඇය යටතේ වැඩ කරපු අන් ඕ-ජූ මැර නායකයට කියලා වහලා දානවා . හැබැයි මේ මිනීමැරුම නෝ හ්යුන්ග්-ජූ  (හ ජෙ-යිගේ අම්මා)ගේ කැමරාවේ සටහන් වෙනවා. චා මුන්-සුක්ගේ යාලුවෙක් තමයි ජින්-ආ  (බොන්ග් සන්ග් පිල්ගේ අම්මා). ඉතින් චා මුන්-සුක්ගේ රහස් එලිවෙනවට අන් ඕ-ජූ ලවා ඇයව මරලා දානවා. හැබැයි බොන්ග් සන්ග් පිල් මෙතනින් බේරිලා එයාගේ සෝල් වල ඉන්න මාමා ලඟට යනවා. ඒ යන අතරතුර දෙවෙනි පාරටත් අන් ඕ-ජූ ගේ මනුස්සයෙක්ට අහුවෙන සන්ග්-පිල්ව බේරගන්නේ හ ජෙ-යිගේ අම්මා, ඒ නිසාම ඇයට ඇගේ සැමියයි දුවයි අතෑරලා පැනලා යන්න වෙනවා. බොන්ග් සන්ග් පිල් අම්මට වෙච්ච පොරොන්දුවක් නිසා නීතිඥයෙක් වෙනවා. ඊට පස්සේ අවුරුදු 18 පස්සේ බොන්ග් සන්ග් පිල් කිසන්ග් වලට එනවා එයාගේ අම්මගේ මරණයට පලිය ගන්න වගේම හ ජෙ-යිට, එයාගේ අම්මා ගැන කියන්න.

කොහොමහරි බොන්ග් සන්ග් පිලුයි හ ජෙයි එකතු වෙලා චා මුන් සුක්ව නැති කරන්න ගහන ප්ලෑන් එකක් අතරතුර හජෙයි ගේ අම්මාව හම්බෙන හැටි චා මුන් සුක් එයාව මරන්න නම් සුන් ජාට කියන හැටිත් මතකනේ. ඒ වගේම බොන්ග් සන්ග් පිල් දැනගන්නවා එයාට මෙහෙට එන්න සලස්වපු නෝට් බුක් එක චා මුන් සුක්ගේ කියලා. ඉතින් ඒක තියාගෙන බොන්ග් සන්ග් පිල් නම් සුන් ජාවයි අන් ඕ ජුවයි කැමති කරගන්නවා චා මුන් සුක්ට විරුද්ධව සාක්ෂි දෙන්න. බොන්ග් සන්ග් පිල් මේ අයත් එක්ක එකතු වෙලා චා මුන් සුක්ගේ වෙස් මූණ ගලවන හැටි බලන්නකො එහෙනම්.

ආයිත් සැරයක් සමාව ඉල්ලනවා කතාව පරක්කු කරපු එකට. ඒ වගේම හැමදාම වගේ බලන් හිටපු අයටත් කතාව ගැන හොයපු අයටත් ගොඩක් ස්තූතියි. වෙනදා වගේම එහෙනම් උපසිරැසියේ හොඳ නරකත් කියාගෙන යන්න.

මම මේධාවි ෆර්නෑන්ඩස්

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

9 comments

  1. Thank you.

  2. සබ් කරන එක නවත්තලා තිබ්බ, මේ කතාව කම්ප්ලීට් කළාට ගොඩාක් ස්තූතියි ❤️
    උපසිරැසියට බොහෝම ස්තූතියි 😀

  3. සබ් කරන එක නවත්තලා තිබ්බ, මේ කතාව කම්ප්ලීට් කළාට ගොඩාක් ස්තූතියි ❤️

  4. බොහොම ස්තූති මේ කතා මාලාවට සබ් දීලා සම්පූර්ණ කලාට. 😍 පුළුවන් නම් Girl friend කතා මාලාවෙත් ඉතිරි කොටස් ටිකත් සම්පූර්ණ කරන්නකෝ.🙏

  5. Sub ekata thanx

  6. ගැම්මක් තමා Brother

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. Samadhi Premarathne

    Thankyou sub ekata

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login