The title of the page
LAW 2020 Sinhala Sub
LAW 2020 Sinhala Sub
6.4
80

LAW (2020) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

(LAW 2020 Sinhala Sub) ඔන්න අදත් අරගෙන ආවේ තවත් සුපිරි ඝණයෙ චිත්‍රපටයක්.. legal drama යන වර්ගීකරණයට අයත් LAW..

LAW කන්නඩ චිත්‍රපටයක්. මේක අනිත් කන්නඩ චිත්‍රපට වලට වඩා එක් අතකින් විශේෂත්වයක් ගන්නවා. ඒ තමයි. LAW තමයි. කිසිම සිනමා ශාලාවක තිරගත නොකොට. කෙලින්ම අන්තර්ජාල OTT PLATFORM එකක් හරහා මුදා හැරපු පලමු කන්නඩ චිත්‍රපටය.ඉතින් මේ නිර්මාණය කාටත් බලන්න පුළුවන් හොඳ මට්ටමක නිර්මාණයක්. PINK වගේ චිත්‍රපට බලලා තියෙනවනම් දන්නවා ඇති ඒ වගේ චිත්‍රපට වල ගතිය කොහොමද කියලා.කාටත් බලන්න පුළුවන් හොඳ නිර්මාණයක් කියල නම් අනිවාර්යයෙන් කියන්න ඕන.

ඉතිං මේ චිත්‍රපටය ගැන කියද්දිම මේ චිත්‍රපටයට එක් පැත්තකින් කන්නඩ සිනමාවේ ප්‍රබල චරිතයක් සම්බන්ධයි. ඒ නිශ්පාදනය පැත්තෙන්. ඒ තමයි පුනීත් රාජ්කුමාර්, ඔහුගේ නිශ්පාදන සමාගම තමයි මෙහි නිශ්පාදනය කරලා තියෙන්නේ . PRK MOVIES වෙනුවෙන් පුනීත්ගේ බිරිඳ අශ්විනි රාජ්කුමාර් තමයි මෙහි නිශ්පාදනය කරල තියෙන්නේ .ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය රඝූ සමර්ත් කියන නවක අධ්‍යක්ෂවරයා විසින් කරලා තියෙනවා. මෙහි සංගීතය ගැන කිව්වොත්. වාසුකී වයිභාව් විසින් මෙහි සංගීතය කරලා තියෙනවා.

මෙහි නන්දිනි කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නවක නිලි රාගිනි චන්ද්‍රන් විසින්.ඉතිං කතාව ගැන කියන්න යන්නේ නෑ . මෙහෙම කියන්නම්. නන්දනී නම් නීති උපාධිධාරීනියක් විසින් සමූහ දූෂණයක් කරපු තුන් දෙනෙක්ට එරෙහිව ගොනු කරන නඩුවක් තමයි කතාව.ඉතිං නන්දිනි මෙයාලාට විරුද්ධව සටන් කරන්නෙ කොහොමද ? දූෂණයට ලක්වුනේ කවුද . මේ හැමදේම හොයාගන්න මේ චිත්‍රපටය බලන්න වෙනවා. ඉතිං චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

මධුශංඛ ලියනගේ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

6 comments

  1. ස්තුති ඔබට

  2. නියමයි දිනේෂ් අයියා..❤️❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thushan
    Cineru_users

    Ftta Aiya..😍😍

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    පහරක් දිනේශයා 😍❤️👆

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login