The title of the page
La Brea (2024) S03 E03 Sinhala Subtitles
La Brea (2024) S03 E03 Sinhala Subtitles
4.8
80

La Brea (2024) S03 E03 Sinhala Subtitles | ” මායා ” | සිංහල උපසිරැසි සමඟ

ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මත ඔන්න ” La Brea ” තුන්වන කතාසමයටත් සබ් අරගෙන ආවා !!

Episodes 14 කින් සමන්විත වුනු දෙවන කතාසමයේ අවසානය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් .. ජේම්ස්ගේ ‘ ඒ කියන්නේ ගැවින්ගේ තාත්තා කියල කතාවේ එන කෙනාගේ කාල යන්ත්‍රයක් ‘ එහෙමත් නැත්තම් පෝට්ල් මැෂින් එක තිබුනු සම්පූර්ණ ගොඩනැගිල්ලම බෝම්බ දාලා විනාශ කරනවා ලීවායි සහ ටයි එකතු වෙලා .. මේ දෙන්නා ඒ වැඩේ කරන්නේ ඒකෙන් හැමෝටම හොඳක් වෙයි කියල හිතාගෙන .. කොහොමහරි මේ බ්ලාස්ට් එකෙන් පස්සේ කට්ටියගේ හිත්වල, ආයෙත් ගෙදර යන්න තිබුන බලාපොරොත්තු අඩියටම වැටෙනවා ..

මේ අතරේ මෙයාලට හම්බෙන තව සිතියමක තියෙනවා තවත් ටයිම් මැෂින් එකක් තියෙනව කියල ගුහාවක් ඇතුලේ .. මෙතනදි තමයි ගැවින් එයාගේ දෘශ්‍ය මායාවන් වලින් දකින්නේ ඊව් මියයන තැන විදිහට .. කොහොමහරි මේ කතාව අන්තිමේදී හැරෙන්නේ ගැවින්ගේ පැත්තටමයි .. එතනදි ගැවින් අනතුරකට ලක්වෙනවා. ගැවින් එහෙමම ඉද්දි, ජේම්ස් ගේ උදව් ඇතුව ඊව් යනවා ඒ ටයිම් මැෂින් එක ඇතුළෙන් අතීතයට. ගිහින් ගැවින්ට අනතුරු අඟවනවා මේ වගේ අනතුරක් ඉස්සරහදි වෙන්න පුලුවන් කියලා. මෙහෙම ගිහින් ගැවින්ගේ ජීවිතය බේරගන්න පුලුවන් වෙනවා.

ඊට පස්සේ ආයෙත් එතනට එන ගැවින්ට, ජේම්ස් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. එතන ඇතිවෙන පොරබැඳීමෙන් ජේම්ස් මැරෙනව වගේම ටයිම් මැෂින් එක තිබුන කාමරයට ලොකු හානියක් වෙලා තවත් කාල ද්වාර කිහිපයක්ම විවෘත වෙනවා. මැෂින් එකේ දෝෂයක් හින්ද හැමෝම එළියට පැනගද්දි ඊව් ඒක ඇතුළේ හිරවෙනවා.

ඕක තමයි කතාව. ඉස්සරහට ඊළඟ එපි ටිකත් පුලුවන් තරම් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. බාගන්න රස විඳින්න එහෙනම් ! ජය වේවා !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


10
Total Subtitles

One comment

  1. thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login