The title of the page
5.2
38
75

La Brea (2021) S01E10 [END] Sinhala Subtitles | “ටොපැන්ගා” | සිංහල උපසිරැසි සමඟ

(La Brea (2021) S01E10 Sinhala Subtitles)(La Brea 2021 Sinhala Subtitles)

La Brea නගරය මැදින් මතුවූ කුහරය

La Brea කියන්නෙ 2021 සැප්තැම්බර් 28 වෙනිදායින් NBC නාළිකාව ඔස්සෙ විකාශය ආරම්භ කරපු Drama ගනයේ කතා මාලාවක්. මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නෙ Keshet Studios සහ Universal Television යන ආයතනවලින්. David Appelbaum මේකෙ කතා නිර්මාණයට වගේම විධායක නිෂ්පාදනයටත් දායක වෙලා තියෙනවා. Natalie Zea, Eoin Macken, Chiké Okonkwo, Karina Logue, Zyra Gorecki, Jack Martin, Veronica St. Clair, Rohan Mirchandaney, Lily Santiago, Chloe De Los Santos, Jon Seda, Josh McKenzie යන නළු නිළියන් මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

කතා සාරාංශය

ලොස් ඇන්ජලීස් නගරය මාධ්යයේ ‘ලා බ්රියා’ තාර ආවාට භූමිය සහ ‘විල්ෂයර්’ මහා මාර්ගය මැදිකරගෙන දැවැන්ත ගිල්වුම් කුහරයක් පෑදෙනවා. මිනිසුන් සිය ගණනක් සහ ගොඩනැගිලි (ඒ අතරට ‘පීටර්සන්’ රථවාහන කෞතුකාගාරයත් ඇතුළත්), කුහරය පතුළට කිඳා බහිනවා. ඒ අනතුරෙන් දිවි ගළවාගනිපු අයට දකින්න ලැබෙන්නෙ එයාලා ඉන්නෙ අබිරහස්ජනක වගේම භයානක ප්රාග් ඓතිහාසික භූමියක කියලයි. මේ කතා මාලාව පුරාවටම අපිට දකින්න ලැබෙන්නෙ අනතුරෙන් වෙන්වුණු එක පවුලක් (අම්මයි, තාත්තයි, පුතයි, දුවයි) ආපහු එකතු වෙන්න දරන උත්සාහයක් ගැනයි. ඒ පවුලේ තාත්තට එයාගේ බිරිඳයි, පුතයි ඉන්න තැන ගැන ද්රෘෂ්ටීන් පේන්න ගන්නවා. ඒ අතරේ මේ ගිල්වුම් කුහරය මතුවීමත්, ඒකත් එක්ක ආපු ගිජුලිහිණියොත් නිසා එක්සත් ජනපද මාතෘභූමි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය මේකට යොමු වෙනවා. එයාලා එතකොටත් මේ විදිහේ සිද්ධියක් ගැන ‘මොහාවී’ කාන්තාරයේ අධ්‍යනය කරමිනුයි ඉන්නෙ..

ඔන්න ඉතින් අදින් La Brea කතා මාලාවේ පලවෙනි කතා සමය මේ විදියට අවසන් වෙනවා..ඒත් La Brea කතා මාලාව සමඟ එකතු වෙලා හිටපු ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක් ලබා දෙන්න නිෂ්පාදක කණ්ඩායම මේ වෙද්දි කටයුතු කරලා තියනවා..ඒ තමයි La Brea කතා මාලාව දෙවනි කතා සමයක් දක්වා දීර්ඝ කරලා තියනවා කියන තහවුරු කරපු ආරංචිය..ඉතින් එහෙනම් දෙවනි කතා සමයත් ආව දවසක ආපහු La Brea කතා මාලාවෙන් හමුවෙමු..

හැමෝටම බුදු සරණයි..!!

(La Brea Sinhala Subtitles) (La Brea S01 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

12 comments

  1. Money heist ekatth dennko gammata 😍

  2. ikmanata sub dunnata godak isthuthiyi machooo

  3. ශෙහාන්

    තෑන්ක් මුලු සීසන් එකටම සබ් දුන්නට ☺️❤

  4. Money Haist seadon 5 ithuru tike sub ikmnta onee

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සසහෝ මේ කතාවට සබ් දුන්නට සීසන් 2 ආවම ඒකටත් සබ් කරන්න

  6. Thanks………good luck

  7. Season 2 awa sub dennakooo

  8. සීසන් 2 පළවෙනි එපිසෝඩ් එක ආවා නේ. සබ් දෙනවාද මේ සයිට් එකෙන්

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  10. බොහොම ස්තූති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login