The title of the page
Kuttram (2020) Sinhala Subtitles
Kuttram (2020) Sinhala Subtitles

Kuttram (2020) Sinhala Subtitles | “අනියම් සම්බන්ධතාව” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඔන්න ඉතින් ආයේ ආවා පොඩි ෂෝර්ට් ෆිල්ම් එකක් අරගෙන “BehindWoods TV” යූටුබ් නාලිකාව හරයා 2020 වසරේ එළිදක්වපු ලස්සන ෂෝර්ට් ෆිල්ම් එකක් තමයි මේක.. මේක බලලා නම් හුඟක් කල් මම.. නිකන් සබ් එක කරන්න කියලා හිතුනා ඒ නිසා කරා.. මේකත් ඉතින් කලින් වගේ ටයිම් ලයින් ගහලා අසා ලිවීමක් විදිහට තමයි අරගෙන ආවේ සුපුරුදු විදිහටම.. ඉතින් මේ  ෂෝර්ට් ෆිල්ම් එක මේ වෙනකොට මිලියන 1.7කට අධික පිරිසක් යූටුබ් ඔස්සේ නරඹලා තියෙනවා.. එතකොට මේ  ෂෝර්ට් ෆිල්ම් එකේ “සංකල්පය – දෙබස් – අධ්‍යක්ෂණය – නිෂ්පාදනය මේ සේරම කරලා තියෙන්නේ.. “S. හරි උත්‍රා විසින්” එතකොට මේ  ෂෝර්ට් ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා “කෘතිකා සෙල්වරාජ්” “ශ්‍රී පති” “කුම්බන් ගුනාජි”

කතාව පැත්තට යමු නේද?

කතාව පටන් ගන්නේ මේ වෙනකොටත් විවාහ වෙලා ඉන්න කාන්තාවක් හමුවෙන්න එයාගේ හිටපු පෙම්වතා එයාගේ ගෙදරට පැමිණීමත් එක්කම තමයි.. හැබැයි හිටපු පෙම්වතා එයාගේ ගෙදරට එන්නේ නිකන් බලලා යන්න නෙවෙයි එයා එක්ක ලිංගිකව එකතු වෙන්න ආසාවක් එක්කමයි.. ඉතින් මේ වෙනකොට ඒ හිටපු පෙම්වතත් විවාහකයි.. ඉතින් ගෙදරට ආපු ගමන්ම වැඩි කතා නැතුව එයා එක්ක ලිංගිකව එකතු වෙන්න හදන හිටපු පෙම්වතාගෙන් ඒ කාන්තාව අහනවා.. කොන්ඩම් එකක් අරගෙන ආවද කියලා.. හිටපු පෙම්වතා කියනවා ” අයියෝ.. අමතක උනානේ කියලා ” පස්සේ ඒ කාන්තාව කියනවා ” මම දන්නවා ඔයා කොහොමත් අමතක කරනවා කියලා..” එහෙම කියලා හිනා වෙලා ඒ කාන්තාව කෙනෙක්ට කෝල් එකක් ගන්නවා.. කෝල් එකෙන් පස්සේ ගෙදරට එන්නේ ඒ කාන්තාවගේ සැමියා.. එන්නේ හිස් අතින් නෙවෙයි කොන්ඩම් එකකුත් අරගෙන..

ඉතින් මෙතනින් පස්සේ මොනවද වෙන්නේ කියලා ඔයාලම බලලා දැනගන්නකෝ.. එහෙනම් මම ගියා මේ ෂෝර්ට් ෆිල්ම් එකේ දෙබසක් එක්කම..

හැම මිනිහෙක්ම..
තමන් පහුකරගෙන ආපු ගමන දිහා ආයේ හැරිලා බැලුවොත්..
වාර්තමානයේ තමන් ජිවත්වෙන්න යන ජිවිතේ.. ජිවත් වෙන්න බැහැ සර්..

“කාලයත් සමග වර්ධනය වූ ශිෂ්ඨත්වය ආයුධයක් කරගෙන පරිහරණය කරයි නම් එය අපේ පිනකි.. එම ශිෂ්ඨත්වයම වැරදි විදිහට පරිහරණය කරයි නම් එයම…”
– S. හරි උත්‍රා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. මම ඉතින් අරෝෂ...

    ඔබ කරන ලද සේවය ඉතාමත් අගය කරනවා…මෙවැනි කටයුතු තව තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා…ඔබට ජය වේවා…!!!

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login