The title of the page
Kuthiraivaal (2021) Sinhala Subtitles
Kuthiraivaal (2021) Sinhala Subtitles
5.6
57

Kuthiraivaal (2021) Sinhala Subtitles | “මතකයන් තුල හිරවූ සිහින” | සිංහල උපසිරැසි සමඟ

(Kuthiraivaal (2021) Sinhala Subtitles) (Kuthiraivaal (2021) Sinhala Sub)

සුභ දවසක් වේවා කියලා කිව්වා හැමෝටම , කට්ටියට මාව මතකද නම් දන්නේ නෑ මොකද සෑහෙන ලොකු නිවාඩුවකට පස්සේ තමා ආයෙත් උපසිරැසිකරණයට අත තිබ්බේ. ඉතිං ඔන්න අද මම ආවේ සුපුරුදු පරිදි මගෙ ආසම ලැන්ග්වේජ් එක වෙන දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි.

ඒත් එක්කම කියන්න ඕනා අද මට ටිකක් විශේශ දවසක් ඒකට හේතුව මම  සිනෙරූ උපසිරැසි අඩවියත් එක්ක එකතු වෙලා අදට වසර 3ක් වෙනවා. ලොකු කාලයක් නේද ඔව් මටත් හිතාගන්න බෑ කොහෙදෝ මුල්ලක හිටපු මාව නමක් තියෙන බ්‍රෑන්ඩ් එකක් කලේ මේ සිනෙරූ අඩවිය ඉතිං අද මම නිසා ගොඩක් අය පුංචිම මොහොතකට හරි සතුටුවෙනවා ඒ ගැන හරි ආඩම්බරයි. මේ වෙලාවේ විශේශයෙන් මතක් කරන්න ඕනා අපේ ලොකු බොසා සමිත අයියා , සමිතෙ නැත්තන් අද මම මේ සයිට් එකෙත් නෑ ඒ වගේම සිංහලවත් හරියට ටයිප් නොකරපු මම අද දමිල අසාලියන්නෙක් බවට පත් වෙලා නම් ඒකට හේතුව අපේ ලොකු අයියා පීටර් අයියා … ඒත් එක්කම නොදන්න ගොඩක් දේවල් කියල දුන්න මදුවා , අංජුල , පසිඳුවා , සචියා මේ අයව අනිවාරෙන්ම මතක් කරන්න ඕනා..

හරි දැන් අපි යමු චිත්‍රපටිය පැත්තට මේක ඇවිල්ලා කෝටි 5 ක් වැනි පුංචි බජට් එකකින් නිර්මානය උන මනස්කල්පිත චිත්‍රපටියක් Kalaiyarasan සමඟින් Anjali Patil විසින් ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටය IMDb RATING තුල 5.6/10 ක අගයක්ද ගූගල් පරිෂීලක මනාප තුල 57% කද අගයක් ලබා ගෙන ඇත. පැය 2 කුත් විනාඩි 5ක් පුරාවට ඔලුව කරකෝල අතාරින විදිහට හිතාගන්නවත් බැරි විදිහට තමා මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ..ඇත්තම කියනවානම් සබ් එක ගගහා බලපු මටවත් තාම මේක තේරුම් ගන්න බැරි උනා මමත් ආයෙ නිදහසේ අවදානෙන් බලන්න ඕන…

Directed by Manoj Leonel Jahson
Shyam Sunder
Written by G. Rajesh
Produced by Pa. Ranjith
Vignesh Sundaresan
Starring Kalaiyarasan
Anjali Patil
Cinematography Karthik Muthukumar
Edited by Gridaran MKP
Music by Songs:
Pradeep Kumar
Score:
Martian Visser
Production
companies
Neelam Productions
Yaazhi Films
Distributed by Neelam Productions
Release dates
  • 12 February 2021 (IFFK)
  • 18 March 2022 (India)
Running time
125 minutes
Country India
Language Tamil
Budget 5 Crores

Kuthiraivaal review. Kuthiraivaal Tamil movie review, story, rating - IndiaGlitz.com 

කතාව ගැන ටිකක් කිව්වොතින් එහෙම මේක පාදක වෙන්නේ සිහින සහ මතක අතර , මේ දෙක එක්ක හරි අමුතු විදිහට මේ කතාව දුවනවා අවසානය වෙනකල්ම වෙන්නෙ මොකක්ද මේ මොකක්ද කියලවත් තේරුම් ගන්න අමරුයි අවධානයෙන් නොබැලුවොත්…

ඉතින් මීට වඩා මොකුත් මම කියන්න යන්නේ නෑ ඔයාලා අරගෙනම බලන්න එහෙනම් තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු..

හැමෝටම බුදුසරණයි…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. නාරා
    Cineru Family Member

    අවුරුදු 3ක්?? සෙල්ලන් නැහැ..
    මගේ පලවෙනි අවුරුද්ද ඔන් ද වේ 😂 නොවැම්බර් 23 🍺🍺🍺
    එල චූටි එල.. 💪💪💪

  3. සුබ පැතුම් චූටියා..🧡 දිගටම යමු..

  4. udaya saman
    Cineru Family Member

    ඔව් ඔව් ඔහොම තමා.හැම දේකටම පස්සේ ඉතින් අපිව අමතකම වෙලානේ.

  5. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login