The title of the page
Kushi Sinhala Subtitle
Kushi Sinhala Subtitle
6.2
71

Kushi (2023) Sinhala Subtitles | “නුඹයි මගේ ආරාධ්‍යා” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අදත් අලුත්ම Romance | Comedy තෙලිඟු ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන තමයි අරගෙන ආවේ.පසුගිය සැප්තැම්බර් පලවෙනිදා තමයි මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කලේ.අද Netflix හරහා තමයි ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරුනේ.ඉතින් ෆිල්ම් එක ගත්තම මික්ස් රිවිව්ස් තමයි මේ ෆිල්ම් එකට ලැබුනේ.ඉන්දියානු රුපියල් කෝටි 50 ක වියදමක් දරලා නිපදවුනු මෙය ඉන්දියානු රුපියල් කෝටි 72 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් වුනා.ෆිල්ම් එක අධ්යක්ෂණය කලේ Ninnu Kori , Majili , Tuck Jagadish වගේ චිත්රපට අධ්යක්ෂණය කල ශිව නිර්වාන විසින්. ඒ වගේම මේක Mytri Movies Makers බැනරය යටතේ තමයි නිෂ්පාදනය උනේ.මුල් වරට පසුගිය 2022 වසරේ අප්රේල් මාසෙ නිවේදනය නිකුත් වීමත් එක්ක බොහෝ දෙනෙක් පුන පුනා හිටියා මේ ෆිල්ම් එක වෙනුවෙන්.

ඉතින් ඒකට ප්රධානම හේතුවක් තමයි විජේ දේවරකොන්ඩා සහ සමන්තා රූත් මෙහි ප්රධාන නලු නිලි යුවල ලෙස කටයුතු කිරීම.නමුත් සමන්තාගෙ හදිසි අසනීප තත්වය නිසා වරෙක මෙහි රූගත කිරීම් අතහැර දමන්නට පවා සිද්ද උනා.නමුත් ගොඩක් අයගෙ සිත් ගත් තැනක් උනේ කාශ්මීර් වල රූගත කිරීම් කරන අතරතුර සමන්තාගෙ උපන්දිනය වෙනුවෙන් කට්ටිය දුන්න සප්රයිස් එක එහෙම.ඔයාලටත් මතක ඇති මේ ෆිල්ම් එක ගැන ඇලර්ට් එකේ හිටියනම්.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අවදානය ලබාපු තවත් ප්රධානම කාරණයක් වෙන්නේ විජේ දේවරකොන්ඩා.ඒ ඔහු පහුගිය කාලය පුරාවටම චිත්රපට අතර දිගින් දිගටම අසාර්ථක වීම.ආදායම් වශයෙන් සහ චිත්රපට වලට ලැබුනු ප්රතිචාර යන දෙකෙන්ම.ඉතින් ඔහු මේ ෆිල්ම් එක කරන්න එන්නෙම තීරණාත්මක අඩියක ඉදන්. ඉතින් අවසානෙ යම් අස්වැසිල්ලක් මේ චිත්රපටිය හරහා ලැබුනා කියල හිතන්න පුලුවන්.

හරි මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

විප්ලව් කියන්නෙ BSNL ඔෆිසර් කෙනෙක්.ඒ කියන්නෙ රජයේ සන්නිවේදන ක්ෂේත්රය සම්බන්ධව ටෙලිෆෝන් ලයින් හදනව වගේ කටයුතු කරන ඔෆිසර් කෙනෙක්.කොහොම හරි මෙයාට හයිද්රාබාද් වල පත්වීම ලැබිලත් බලෙන්ම කාශ්මීර් වලට පත්වීම අරගන්නවා ඒ පරිසරයට තියෙන ආසාවට.ඉතින් ඔය අතරේ මෙයාට ගිහින් දවසෙන් දෙකෙන් කාශ්මීරය එපා වෙනව.ඒ ඉන්න අතරේ බුර්කාවක් දාගත්ත පකිස්ථාන් කෙල්ලො දෙන්නෙක් දැකල මෙයාගෙ හිත යනවා.

ඉතින් සෑහෙන්න දේවල් තව ඉස්සරහට තමා වෙන්නේ.ඔයාලම බලල දැනගන්න.අපූරු කතාවක් එහෙනම් සිංහල උපසිරැසි අරගෙනම බලන්න ලස්සන සින්දු ටිකකුත් තියෙ රසවිඳින්න ආරාධනා කරන ගමන් මම යන්නම් එහෙනම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. Shan Sasanga
    Cineru Family Member

    අම්මොහ් ❤️❤️ මරු ❤️

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Filuma aawa – sub eka dunna……
    godaak mansiwela karana me kepakireemata
    Godaakma pin……………….!!

  4. Thasitha Nilanka
    Cineru_users

    Sub ekata thanks
    Spy kids movie eka nane

  5. thanks…………..

  6. ගැම්මක් මදුවෝ ❤️

  7. බලන් හිටිය film එකක්.. Thanks 💙

  8. malli oyaata bohoma sthuthiyi mee wage movies balanna mee widhiyata sub hadala denawata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login