The title of the page
Kochaal Sinhala Subtitle
Kochaal Sinhala Subtitle
6.7

Kochaal (2022) Sinhala Subtitles | “පොඩි එකාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Kochaal (2022) Sinhala Subtitles) (Kochaal (2022) Sinhala Subtitle) (Kochaal Sinhala Subtitle)

“අඩි හයක උසක් මොකටද…?

හැම උපක්‍රමයක්ම දැන ගන්න තරම් දක්ෂ නම්?”

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම..

ගොඩක් කාලෙකින් අද අරං ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය.. ගොඩාක් අය ඉල්ලුව, අවසානයේ මටම කැරකිලා ආපු දවස් වැඩ රාජකාරි එක්ක උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… ඔයාලට මතක ඇති නේද මම බකමූනාගෙ පොලිස් කතාවට උපසිරැසි ගෙනාවා අඩා ! මේකත් ඒ වගේද…?. පැය 2 විනාඩි 23 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් පොඩි එකෙක්ගෙ කතාවක් තමයි මේක.. පොඩ්ඩො වැඩ්ඩො..

6.7/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් නළු Krishna Shankar , Shine Tom Chacko ඇතුළු Murali Gopy, Sharaf U Dheen , Rnji Panicker, Neena Kurup, Kochu Preman සෙසු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Shaym Mohan විසින්.

Kochaal' OTT: Shine Tom Chacko - Krishna Sankar starrer to stream on THIS date | Malayalam Movie News - Times of India

කතාව ගැන කිව්වොත්, ශ්‍රී කුට්ටන් පොලිස් රස්සාවට යන්න අශාවෙන් ඉන්න කොල්ලෙක්.. මොකද ශ්‍රී කුට්ටාගෙ තාත්තත් අවංක පොලිස් නිලධාරියෙක්. මොනා වුනත් තියෙන එකම කේස් එක තමයි උස මදි කම… හැමෝම දන්නවනි පොලිස් හමුදා රස්සා වලට අඩි 06 කට වඩා උස සම්බන්ධ ගැටලු තියෙනවා කියලා ඉතිං අපේ ශ්‍රි කුට්ටන්ටත් ඔය කේස් එකම එනවා.. ඒ මදිවට ගමේ අයත් ” පොඩි එකා ” ⁣” පොඩි එකා ” ගාගා විහිළු කරනවා. තව බඳින්න හිතාගෙන ඉන්න කෙල්ලගෙ තාත්තට උස කෙසේ වෙතත් දුවව රජේ රස්සාවක් නම් අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕන. කොහෙන් කොහොමහරි මේ පොඩි එකා පොලිස් රස්සාවට පැනගනීද…? හරි පැන ගත්තා කියමුකො ඊට පස්සෙ හම්බවෙනවා ලොකු අභියෝගයක් ඒක මොකක්ද….? ඔතන තමයි කෙළිය තියෙන්නෙ ඒක අභියෝගයක් නෙවෙයි මෙහෙයුමක් විදිහට පෙරළෙනවා.. මොකක්ද මේ මෙහෙයුම 😈 ඒ ගැන දැන ගන්න නම් මේ “පොඩි එකා” ගෙ කතාව අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

4 comments

  1. Thank u hodeee subtitles akata

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  4. ප්‍රදීප්

    supiri kathawak saho.kalekin balapu hodama ekak.bohoma sthuthi sub ekata

    jaya wewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login