The title of the page

Kingdom (2019) Complete S01 Sinhala Subtitle | ” මිනිස් මසට වියරුවැටුනු රජකාලේ සොම්බි “| සිංහල උපසිරැසි සමඟ

“කොරියානු උපසිරැසි රාජධානියේ” තිබිය යුතුම කතා මාලාවක් තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. අද අරගෙන එනවා කිව්වට මීට කලින් අපේ වෙබ් අඩවියෙන් අපි මේ කතා මාලාවෙ දෙවනි කතා සමය අරගෙන ආවා. නමින් “Kingdom” වන මේ කතා මාලාව බලපු නැති කෙනෙක් නැති තරම්. ඉතින් දෙවනි කතා සමය අරගෙන ආපු නිසා පළවෙනි කතා සමයත් මේ විදිහට අරගෙන එන්න ඕන කියලා හිතුණා. ඒ විතරක් නෙවෙයි මේ 23 වෙනිදා Kingdom කතා මාලාවෙ Special Episode එකක් විදිහට “Kingdom: Ashin of the North” නමින් නිකුත් වීමට නියමිත මේ එපිසෝඩ් එකත් එක හේතුවක්.

සොම්බි චිත්රපටි සහ කතා මාලාවන් බලන අයට වෙනස්ම අත්දැකීමක් මේකෙන් අරගන්න පුළුවන්. “රජ කාලයේ සොම්බි වෛරසය” කියන නමින් තමයි මමනම් මේක හඳුන්වන්නෙ. මේකෙ තවත් විශේෂත්වයක් වෙන්නෙ මේ කතා මාලාව Written කරලා තියෙන්නේ Female Director කෙනෙක් වීම. ඇය නමින් “Kim Eun-hee” වෙනවා.ඒ වගේම අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Kim Seong-hun විසින්.

   

මේ වෙනකොට මුළු ලෝකයේම ව්යාප්ත වෙලා තියන දැවැන්තයෙක් වෙන Netflix ආයතනය හරහා තමයි මේ කතා මාලාව නිර්මාණය වුණේ. 2019 ජනවාරි 25 වෙනිදා තමයි මේ කතා මාලාවෙ පළවෙනි සීසන් එක රිලීස් වුණේ. අපි දෙවනි සීසන් එකට සිංහල උපසිරැසි අරගෙන ආවත් පළවෙනි සීසන් එකට අද වෙනකල් සිංහල උපසිරැසි අරගෙන එන්න අපිට බැරිවුණා. ඉතින් ඒ අඩුපාඩුවත් මේ විදිහට සම්පූර්ණ කරන ගමන් Kingdom කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියන හැම කොටසකටම සිංහල උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

මේ වෙනකොට මේ කතා මාලාව IMDb දර්ශකයේ 8.4 ක අගයකුත් Rotten Tomatoes වල එහෙමත් නැත්තන් කුණු තක්කාලියේ 96% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම 94% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමිකරගෙන තියෙනවා. කොරියානු සුපිරි නළු “Ju Jin-Hoon” තමයි මේකෙ ප්රධාන චරිතය නිරූපනය කරන්නෙ. ඔයා තාමත් මේ කතා මාලාව බලපු නැති කෙනෙක් නම් අනිවාරෙන්ම අරගෙන බලන්න. Highly Recommend කරන්න පුළුවන් කතා මාලාවක්. ඒ වගේම අනිත් සොම්බි චිත්රපටි සහ කතා මාලාවන් වලට වඩා වෙනස්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන් කතා මාලාවක්.

මේකෙ ස්ටෝරි එක දිහා බැලුවොත් කතා මාලාවෙ හැටියට මේ රාජධානියේ එක් ගම්මානයක තියෙනවා විශේෂ පැලෑටියක්. මෙන්න මේ පැලෑටියට පුළුවන් මැරුණ කෙනෙක්ට පණ දෙන්න. පණ දෙන්න කිව්වට කලින් හිටපු තත්ත්වයටම නම් අරගන්න බෑ. අපි කියන විදිහට මේ පැලෑටිය පාවිච්චි කරලා මැරුණ කෙනෙක් “සොම්බියෙක්” විදිහට වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තමයි මේ පැලෑටිය සතුව තියෙන්නෙ. මේ හැමදේම පටන්ගන්නෙ රාජධානියේ රජකමට තිබුණ කෑදරකම නිසා. ඒ රජකම ලබාගන්න කරන කුමන්ත්රණය නිසා තමයි මේ හැමදේම පටන්ගන්නෙ.

මීට වැඩිය දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. කොටසින් කොටසට කුතුහලය උපරිමයෙන් ලබාදීලා තියනවා.ඉතින් අවසාන වශයෙන් මේ අපූරු ලිපිය සකස් කරල දුන්න අපේ ප්‍රියශාන් මල්ලිට ස්තූති කරන්න ඕන.එහෙනම් තාමත් ඔයා කින්ග්ඩම් බලපු නැති කෙනෙක් නම් අනිව අරන් බලන්න  , එහෙම නැත්නම් ආව කාලෙම බලපු කෙනෙක් ආයි බලල මතකෙ අලුත් කරගන්න.මම ගිහින් එන්නම්.

” ඒ මිනිස්සු මැරිල නෑ .. හිරු බැහැගෙන ගියහම..

උන් නැගිටල මිනිස්සුන්ට මැරෙනකම්ම පහර දෙනවා..”

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. නියමයි සහෝ! KINGDOM පළවෙනි සීසන් එකට සබ් දුන්නට ගොඩාක් ස්තූතියි! 23 වෙනිදාට Ashin Of The North ස්පෙෂල් එපිසෝඩ් එක ආපු ගමන් ඒකටත් ඉක්මණින්ම සබ් දෙමු! පුළුවන්නම් සහෝ ‘Witch’s Dinner’ ඔන්ගොයින්ග් සුපිරි ඩ්‍රාමා එකටත් සබ් දෙන්නකෝ! Please!!!

  2. Kingdom: Ashin of the North නිකුත් උනාම සබ් දෙන්න ඒකටත්. 😍 කොරියානු උපසිරැසි රාජධානියේ තිබිය යුතුම කතා මාලාවක් තමයි මේක නම්.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thanks for the Sub bro

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. vikings වලට ගොඩක් සයිට් වල සබ් දීල තිබ්බෙ HDTV rip එකට. ඔයාලට බැරිද හොද Blueray කොපිවලට සබ් දෙන්න මොකද දැං Vikings HDTV කොපි හොයාගන්නවත් බැරිතරම්.නැත්තම් ලොකු අපරාදයක් අනික ඒවගෙ සුපිරි සීරීන් එකකට.

  7. සබ් වලට තෑන්ක්ස් සගෝ..🧡💥

  8. gammak hode meka nan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login