The title of the page
Kimi ni Todoke (2010) Sinhala Subtitles
Kimi ni Todoke (2010) Sinhala Subtitles
6.9
69
89

Kimi ni Todoke (2010) Sinhala Subtitles | පාසලක් | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් හැමෝටම!

අද මම ගෙනත් තියෙන්නෙ ජපන් live action film වලට ආස අයට තවත් සුපිරි මූවි එකක්. මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය. චිත්‍රපටය ගැන කිවුවොත් මේකත් මේ නමින්ම ගිය manga series එකක live action එකක්. කරුහෝ ෂීනා කියන manga artist තමයි manga එකේ නිර්මාතෘ. එතකොට මේකෙ film එක release වෙන්නෙ 2010දි film එකක් විදියට තිර රචනය කරල තියෙන්නෙ රිකා නෙසූ (rika nezu) වන අතර අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නවුතෝ කුමසාවා (naoto kumazawa). එතකොට මේකේ සවාකෝ කුරෝනුමා ගෙ චරිතය කරන්නෙ මිකාකෝ තබේ (Mikako Tabe) ෂොටා කසෙහායා (Shota Kazehaya) ගේ චරිතය රඟ දක්වන්නේ හරුමා මිවුරා (Haruma Miura).

කතාව ගැන කියනවනම්, මේකත් පාසලක් තේමා කරගෙන හැදුනු එකක්. සවකෝ කුරෝනුමා කියන ගැහැනු ළමය the ring කියන චිත්‍රපට මාලාවෙ එන සවාකො කියන හොල්මන වගේ කියල, ඇයට අමනුෂ්‍යයන් කැඳවන්න පුළුවන් කියල පාසලේ මතයක් තියෙනව. ඒ නිසා ඇය සෑම විටම තනියම හුදකලාව කොන් වෙලා තමයි ඉන්නෙ ඉතින් ඔයිට වඩා දෙයක් මම කියන්න යන්නෑ බලලම රසවිඳින්න ඇත්තටම ලස්සන කතාවක්. ඒ වගේම තව දෙයක් තියෙනව මේකෙ සමහර වෙලාවට ඉන්න චරිත වල මුල් නමෙනුයි අග නමෙනුයි දෙකෙන්ම කතාකරනව ඒ නිසා ටිකක් අවදානෙන් බලන්න. තවත් ජපන් live action ඉස්සරහට ගේන්න හිතන් ඉන්නව. ඉතින් හැමෝටම සුභ දවසක්…..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් එස් පතිරගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් එස් පතිරගේ

June 30, 2023


1
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං…
    ඉඩක් තියෙන වෙලාවක තවත් සබක් ගේමු…
    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login