The title of the page
7.4
94

kesari (2019) Sinhala Subtitles | අවසන් හුස්ම යනකන් සටනේ ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ හතරවෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ, 1897 සැප්තැම්බර් 12 වෙනිදා ඉන්දියාවේ සිදිවුනු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු බොහොම විශිෂ්ඨ ගණයේ සලරුවක් අරගෙන…

IMDb මීටරේ 7.8 කට කරකවන්නවගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබා ගන්න සමත් වෙච්චි මේ අපූරු සලරුවේ නිශ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 80-126 ක්. ඒ වගේම ඉන්දියාව තුල ප්‍රදර්ශනය කිරීමෙන් ලද ආදායම කෝටි 182 ක්ද, විදෙස් රටවල් වල ප්‍රදර්ශනය කිරීමෙන් ලද ආදායම කෝටි 204.82 ක් ලෙස සටහන් කරමින් බොක්ස් ඔෆිස් වාර්තා තබන්නටත් සමත් වෙනවා…. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Anurag Singh නිශ්පාදනය කරන්නේ Karan Joher විසින් ඒවගේම බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු, Akshay Kumar වගේම ParineetiChopra රංගනයෙන් දායක වෙනවා…

කතාව ගැන පොඩ්ඩක් කියනව නම් ,

ඇෆ්ගනිස්ථානය විසින් අත්පත් කරගෙන තිබූ ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ බලය 1890 සික්වරුන්ගේ සහය ඇතිව ඉංග්‍රීසීන් විසින් අල්ලා ගනු ලබනවා. ආරක්ශාව සඳහා සරගාරි,ලොක්හාට්,ගුලිස්තාන් කියලා බලකොටු තුනක් හදනවා….ඉතින් මේ ප්‍රදේශ සික්වරුන්ගේ සහය ඇතිව ඉංග්‍රීසීන් පාලනය කරනවා…හරියටම 1897 සැප්තැම්බර් 12 වෙනිදා ඇෆ්ගනිස්ථාන් පතාන් වරු විසින් තමාට අහිමි වූ ප්‍රදේශ වල බලය නැවත අත්පත් කරගැනීමට දස දහසක් සේනාවද රැගෙන විත් යුද්ධ ප්‍රකාශ කරනවා…ඉතින් ඔවුන් මුලින්ම පහර දෙන්නේ මේ සරගාරි කියන බලකොටුවට…ඇත්තටම මේ බලකොටුව යුද්ධ කරන්න තරම් සේනාවක් ඉන්න බලකොටුවක් නෙවෙයි..මේක ගුලිස්තාන්, ලොක්හාට් කියන බලකොටු දෙකට මැදිව පිහිටලා තිබුනු දෙපැත්තටම පණිවුඩ හුවමාරු කරන තැනක්..ඒ නිසා මේ බලකොටුවේ ඉඳිලා තියෙන්නේ සෙබලු 21 දෙනෙක් විතරයි..ඉතින් මේ 21 දෙනාට දසදහස් ගානක් සෙබලු එක්ක සටන් කරන්න වෙනවා..මේ හමුදා ඛණ්ඩයේ නායකයා තමයි හැවැල්ඩර් ඉශාර් සිං කියන්නේ…ඔහු සික්වරුන්ගේ ගෞරවය රැකගන්න අනිත් සෙබලුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙන විදියට වැඩ කරලා අනිත් බලකොටු දෙක ආරක්ශා කරගන්න සතුරන්ව ගොඩක් වෙලා තමාගේ බලකොටුවේ තබාගන්න සමත් වෙනවා..අන්තිමට මරණය තෙක්ම සටන් කරලා සික්වරුන්ගේ ගෞරවය හා අභිමානය රැක ගන්නවා…විටෙක මුවඟට සිනහවක් වගේම තවත් විටෙක ඇසට කඳුලක් එක් කරන අන්තිමට බොහොම හැගීම්බර විදියට අවසන් වෙන විශිෂ්ඨ
ගණයේ සිනිමා නිර්මාණයක් කියන එකනම් අවිවාදයෙන් තොරව පිලිගන්න වෙනවා… එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා..

ඉතින් යාලුවනේ මගේ හතර වෙනි උපසිරැසි ගැන්වීම. වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න පුළුවන්… චිත්‍රපටය රසවිඳින ගමන් වැරැද්දක්, අඩුපාඩුවක් දැක්කොත් පෙන්නලා දෙන්නත් අමතක
කරන්න එපා…

තවත් උපසිරැසියකින් හමුවෙමු!….

උපසිරැසිකරණය කියාදුන් සහ සහය දුන් සැමට ස්තූතියි… 🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

2 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. thanx sahoo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login