KD The Devil(2026) Sinhala Subtitles
KD The Devil(2026) Sinhala Subtitles
7.6

KD: The Devil(2026) Sinhala Subtitles | “ කේ.ඩී ” | සිංහල උපසිරැසි සමඟ

(KD: The Devil(2026) Sinhala Subtitles) (KD: The Devil(2026) Sinhala Subtitle) (KD: The Devil(2026) Sinhala Sub)

KGF, Kantara වගේ ෆිල්ම්ස් වලින් පස්සේ කන්නඩ සිනමාව (Sandalwood) ගැන මුළු ඉන්දියාවම විතරක් නෙවෙයි, ලංකාවේ අපිත් ලොකු අවධානයකින් ඉන්නේ. ඉතින් ඒ ලිස්ට් එකට එකතු වෙන්න එන ඊළඟ දැවැන්තම ෆිල්ම් එකක් තමයි “KD: The Devil” කියන්නේ

මේක නිකම්ම නිකන් ගහමරාගන්න ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. 1970 දශකයේ බැංගලෝර් වල පාතාලයේ සිද්ධ වෙච්ච ඇත්තම සිදුවීම් ටිකක් පාදක කරගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ පරණ කාලේ වාහන, ඒ කාලේ මිනිස්සුන්ගේ ස්ටයිල්, පරණ ආයුධ එක්ක තනිකරම වින්ටේජ් ගැන්ස්ටර් (Vintage Gangster) වයිබ් එකක් තමයි මේකේ තියෙන්නේ.

 Action Prince කියලා හඳුන්වන ධෘව සර්ජා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. මේ ෆිල්ම් එක වෙනුවෙන් එයා තමන්ගේ ඇඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන, ලොකු කැපවීමක් කරලා තියෙනවා.

 KGF එකේ අධීරා වෙලා ඇවිත් පිස්සුවක් නැටුව බොලිවුඩයේ ජනප්‍රිය නළු Sanjay Dutt මේකෙත් ප්‍රබල දුෂ්ට චරිතයක් කරනවා.

 කන්නඩ සිනමාවේ දැවැන්ත නිර්මාණ කරන ප්‍රේම් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ.

ගොඩ කාලෙකට පස්සේ ශිල්පා ෂෙට්ටි (Shilpa Shetty) මේ ෆිල්ම් එක හරහා කන්නඩ සිනමාවට එනවා. ඒ වගේම වී. රවිචන්ද්‍රන් වගේ දැවැන්තයොත් මේකට එකතු වෙලා ඉන්නවා.

ලේ වැගිරීම්, මාරාන්තික සටන් ජවනිකා වගේම ඇඟ හිරිවැටෙන පසුබිම් සංගීතයක් මේකට එකතු කරලා තියෙනවා. සංගීතය කරන්නේ අර්ජුන් ජන්යා (Arjun Janya).

මේක කන්නඩ භාෂාවෙන් විතරක් නෙවෙයි; දමිළ, තෙළිඟු, හින්දි සහ මලයාලම් කියන භාෂා 5න්ම Pan-Indian ෆිල්ම් එකක් විදිහට තමයි ලෝකේ පුරාම රිලීස් වෙන්නේ.

 ඔයා KGF, Salaar, Leo වගේ ලේ, යකඩ සහ පාතාලය පිරුණු මාස්-ඇක්ෂන් (Mass-Action) ෆිල්ම්ස් වලට ආස කරන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම්ස් ලිස්ට් එකට “KD: The Devil” එකත් දාගන්න. මේක සිනමාශාලාවට ඇවිත් සෑහෙන පෙරළියක් කරයි කියලා තමයි සිනමා විචාරකයෝ බලාපොරොත්තු වෙන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


689
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login